ICCය කාන්තා ලෝක කුසලානය ගැනත් තීරණයක් ගනියි

339

වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් අද (7) පැවති ICC විධායක කමිටු හමුව අවසානයේ දී 2021 වසරේ දී නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ලෝක කුසලාන (පන්දුවාර 50) ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් තැබීමට තීරණය වී ඇත. ඒ ගෝලීය ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරස තත්වය සැලකිල්ලට ගනිමිනි.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට CPL දොරටු වැසේ

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Qais Ahmed, රහමනුල්ලා ගුර්බාස් හා 15 වියැති වමත් චයිනමන් පන්දු යවන්නෙක් වන…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 6 වැනිදා සිට මාර්තු මස 7 වැනිදා දක්වා පැවැත්වීමට දින වකවානු වෙන්කරගෙන තිබුණි. නමුත් කිසිවෙක් නොසිතූ ලෙස පැමිණි මෙම වයිරසයේ ව්‍යාප්තිය නිසා එම ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ පෙබරවාරි දක්වා කල් දමා තිබේ.

එසේම 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ICC ලෝක කුසලාන පිරිමි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මින් පෙර තහවුරු කළේය. ඒ අනුව 2021 වසරේ සහ 2022 පන්දුවාර විස්සයි විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙක පිළිවෙළින් ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් තහවුරු කරන ලදි.

ඒ අනුව මේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විටත් ප්‍රධාන පෙළේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් කල් දැමීමට තීරණය කර ඇත.

IPL එකට දැඩි සෞඛ්‍යාරක්ෂාවක්; නීති කැඩුවොත් සෙල්ලම් නෑ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 8 සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ දී එක් කණ්ඩායමකට…

කෙසේ නමුත් 2020 වසරේ පැවති කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පසුව තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල කාන්තා ක්‍රිකට් තරගයක් පවත්වා නොමැත.

2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා නිසා එම තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් ගියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන පරිදි 2021 ලෝක කුසලානයක් දැන් නොමැති නිසා 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන එම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය 2022 වසරේ මුලදී පැවැත්වීමට නියමිතව සිටියි. කෙසේ නමුත් තරගාවලිය පැවැත්වෙන රට පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<