ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට CPL දොරටු වැසේ

291
cricInfo, InsideSports

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Qais Ahmed, රහමනුල්ලා ගුර්බාස් හා 15 වියැති වමත් චයිනමන් පන්දු යවන්නෙක් වන නූර් අහමඩ් හට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ මස අග ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ හිදී පැවැත්වීමට නියමිතයි.

IPL එකට දැඩි සෞඛ්‍යාරක්ෂාවක්; නීති කැඩුවොත් සෙල්ලම් නෑ 

20 වියැති යොවුන් ක්‍රීඩකයෙක් වන Qais, ප්‍රබල දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් සමඟ ගයානා ඇමසන් වෝරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. 18 වියැති ගුර්බාස් හා අහමඩ් පිළිවෙළින් බාබඩෝස් හා ශාන්ත ලුසියා කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්නට නියමිතව තිබුණා.

CPL තරගාවලියටම වෙන් කරන ලද ලන්ඩනයෙන් ආරම්භ වන ගුවන් යානයට නැගීම සඳහා එක්සත් රාජධානියට ඇතුළු වීමට මෙම ක්‍රීඩකයින්ට වීසා හිමි නොවීම නිසා ඔවුන්ට මෙවර තරගාවලිය අහිමි වන බව Cricbuzz වාර්තා කරනවා. දින 14ක නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීම සඳහා CPL තරගාවලියට සහභාගී වන සියලුම ක්‍රීඩකයින් අගෝස්තු 1 වැනිදා වන විට ට්‍රිනිඩෑඩ් වෙත පැමිණීම අනිවාර්ය කර තිබුණා.

“අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා” – බ්‍රයන් ලාරා

“මෙම ක්‍රීඩකයින්ට තරගාවලියට එක්වීමට නොහැකි වීම ගැන අපිට ඉතා කනගාටුයි. නමුත් මෙවර අපිට ආරක්‍ෂිත ප්‍රවාහන මාධ්‍යයන් සකසන්න ගොඩක් අමාරු වුනා. ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ හි දේශ සීමා වසා තිබුනත්, රජය CPL වෙත ගුවන් යානාවලින් ක්‍රීඩකයින් ගෙන එන්න විශේෂ අවසරයක් ලැබී තිබෙනවා. මේ සඳහා ස්ථිර දිනයන් යොදා තිබුණා. අපිට කනගාටුයි ඒ ක්‍රීඩකයින්ව වෙලාවට අරන් එන්න බැරි වුන එක” CPL බලධාරියෙක් Cricbuzz වෙත පැවස සිටියා.

ඒ අනුව Qais හට තවත් විස්සයි විස්ස තරගාවලියක් මඟ හැරෙන අතර එංගලන්ත විස්සයි විස්ස පිටියේ අස්ථාවර භාවය නිසා Gloucestershire කණ්ඩායම ඔහුගේ T20 Blast විස්සයි විස්ස කොන්ත්‍රාත්තුව අවලංගු කළා. රෂිඩ් ඛාන් නිසා ඔහුට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීම ද ඉතා දුෂ්කර වී තිබෙනවා. 

“එක් රෝගියෙක් නිසා IPL තරගාවලියම විනාශ වෙන්න පුළුවන්”

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් රෂිඩ් ඛාන්, මොහොමඩ් නබි, සහීර් ඛාන්, නජිබුල්ලාහ් සද්‍රාන්, මුජිබර් රහුමාන් හා නවින් උල් හක් මෙවර CPL තරගාවලියට එක්වෙනවා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<