ශර්මා, කෝලි පිතිකරණයෙන් මුල් තැනට

141

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ICC එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු හා දෙවැනි ස්ථාන තවදුරටත් රඳවා ගන්නට සමත් වී තිබෙනවා. පාකිස්තාන යොවුන් පිතිකරු බාබර් අසාම්ට එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය හිමිව තිබීම විශේෂත්වයක්. පන්දු යවන්නන් අතරින් පළමු තැන නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් දිනා ගද්දී, දෙවැනි ස්ථානය ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රාහ් දිනාගෙන තිබෙනවා. 

“IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”

එංගලන්තයට එරෙහිව අයර්ලන්තය පසුගිය අඟහරුවාදා වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයේ නියමුවන් වූ අයර්ලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. එම තරගයේ දී ලකුණු 113ක් වාර්තා කළ අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බර්නි ස්ථාන හතරක් ඉදිරියට පැමිණ 42 වැනි ස්ථානයට පැමිණ ඇති අතර උපනායක පෝල් ස්ටර්ලින්ග් සිය ප්‍රවේගකාරී ලකුණු 142ක නිසා 26 වැනි ස්ථානයට ද පත්ව තිබෙනවා.

එම තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩක කර්ටිස් කැම්පර් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 191 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. ඔහු පළමු එක්දින තරගයේ දී නොදැවී ලකුණු 59ක් වාර්තා කළ අතර දෙවැනි තරගයේ දී ලකුණු 68ක් වාර්තා කරන්නට සමත් වුනා.

අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රෙග් යංග් නිමා වූ එංගලන්ත තරගාවලියේ දී කඩුලු හයක්  දවා ගත් අතර ඒ නිසා ICC එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තමා මෙතෙක් වාර්තා කළ ඉහළම ස්ථානයට පැමිණෙමින් යංග් 89 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. Mark Adair 138 වැනි ස්ථානයට ද, ජෝෂ් ලිට්ල් 146 වැනි ස්ථානයට ද පැමිණ තිබීම විශේෂත්වයක්.

මන්ජේකාර්ගේ ඉල්ලීම ඉන්දීය බලධාරීන් අහක දමයි

අයර්ලන්තය සමඟ පැවති අවසන් තරගයේ දී ශතකයක් වාර්තා කළ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි ස්ථානයට පැමිණ ඇති අතර දෙවැනි තරගයේ දී පන්දු 41කින් ලකුණු 82ක් වාර්තා කළ ජොනී බෙයාර්ස්ටෝව් ද එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 13 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

එංගලන්ත පන්දු යවන්නන් අතරින් දඟපන්දු යවන ක්‍රීඩක අඩිල් රෂිඩ් 29 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර තරගාවලිය පුරා කඩුලු අටක් දවා ගත් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී ස්ථාන හයක් ඉදිරියට පැමිණ 51 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඩේවිඩ් විලී නිමා වූ අයර්ලන්ත – එංගලන්ත තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා. 

VIVO IPL වෙනුවට වෙනත් නමක්?

අයර්ලන්ත, තරගාවලි ජයග්‍රහණයත් සමඟ එංගලන්තය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ලකුණු 20ක් තමන් සතු කරගන්නට සමත් වුනා. අයර්ලන්තයට හිමි වූ ලකුණු ගණන ලකුණු 10ක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<