Tuesday, August 4, 2020

"විලාසිතා යුනිට්” එකෙන් KG කෑලි 10 ට හෙරොයින් ග‍්‍රෑම් 21 ක් ආදේශ කරලා




ත්ද්‍රව්‍යය ජාවාරම මැඩලීමට සමගාමිව සිදුකරන බොරු නඩු දැමීම වසංගතයක් බවට පත් වෙලා.


බොරු නඩු දැමීම, පොලීසියට ආයතන ගත වූවක්. එයට යුක්තිය පසිඳලීමේ සමස්ථ කි‍්‍රියාවලියටම අනුගතය.

ඇයට අවු: 20 කි. සැමියාට අවු: 24 කි. සැමියාගේ මව, පියා, සොහොයුරා, හෙරොයින් ජාවාරමේ කොටස්කරුවන්ය.

ත‍්‍රී රෝද රථ රියදුරෙක් වූ සැමියාට, කොරෝනාව නිසා මුහුණ දුන්න අග හිඟකම් වලින් මිදෙන්නට, ණඨ විකුණන්නට පෙළඹුන බවයි  බිරිඳ කියන්නෙ.

මේ වන විට, ඔහු බන්ධනාගාරගතව සිටී. සිද්ධිය අදාළ බිරිඳගේ පැමිණිල්ල බොහෝ දේ කියවේ.  


ගල්කිස්ස, පොලිස් විලාසිතා යුනිට් එක, KG වලට අත්අඩගුවට ගෙන, කුඩු ආදේශ කර, DO ගැස්සවීම, පොලිස් අපරාධ, නතර කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

*******යා සිල්වා, අවු: 20, ජා.හැ.අ. ********00, විවාහක, දරුවන් නැත, රැුකියාවක් නැත. ලිපිනය: ******, රත්මලාන.

2020.07.28 වන දින දීය.

****** සඳකැලූම්, අවු: 24 යි, ජා.හැ.අ. *********, ත‍්‍රිරෝද රථ රියදුරු, මාගේ සැමියා වේ. 

2020.07.26 වන දින උදේ 8.50 ට පමණ, කාන්තාවක් සමග, හත් දෙනෙක් පැමිණියා. අපි ීඔත්‍ එකෙන් කිව්වා.

සැමියාගේ අත් පිටුපසට කර මාංචු දැම්මා. මාව, කාන්තාව වාඩි කෙරෙව්වා. සැමියාගේ අවු: 3 ක් වන නංගිව මා ළඟ තිබ්බා.

එ් සියලූ දෙනාම සිටියේ සිවිල් පිට. එම පිරිස තම අනන්‍යතාවය හෙලි කළේ එක් අයෙකුගේ දුරකථන අංකය දුන්නා. එය ********** වේ. 

කොණ්ඩ වවලා, ඇඟ පුරා ටැටූ ගහලා තිබුනා. පසුව දැනගත්තා, ඔවුන් ීඔත්‍ එකේ නොවන බවත්, ගල්කිස්ස පොලීසියට සම්බන්ධ විලාසිතා යුනිට් එකේ අය බවත්.

මාගේ සැමියාගේ, තාත්තා වන ***, මව වන **** හා අයියා ***** යන තිදෙනාම හෙරොයින් ජාවාරම් කරන ලද අය වන අතර, ඔවුන් දැනට සිටින්නේ බන්ධනාගාරයේය.

මාගේ සැමියා හෙරොයින් ජාවාරමට සම්බන්ධයක් නැත. ඔහු ආර්ථික අමාරුකම් නිසා ණඨ විකුණනවා. අත්අඩංගුවට ගන්නා විට ඔහු ළඟ තිබූ ණඨ කෑලි 10, විලාසිතා කණ්ඩායමට බාර දුන්නා.

එසේ තිබියදී, ඔවුන් ගේ සැම තැනම සෝදිසි කළා. බිත්තියේ සවිකර තිබූ අඟල් 32 රූපවාහිනිය ගලවා අරන් ඇඳ උඩට විසි කළා.

ඊට පස්සෙ, වත්තට ගොස්, පරෙයි කූඩුව යට තිබූ බව කියමින්, හෙරොයින් කියා, ෂොපින් බෑග් දෙකක් ගෙන ආවා.

එ්වායේ කැට 10 බැගින් ම`ඵ දෙකක් තියෙනවා කිව්වා.

ඉන්පසු ඔහුව ප‍්‍රදේශයේ පිරිස් බලාගෙන සිටියදී ගල්කිස්ස පොලීසියට ගෙන ගියා.

අවට පිරිස්, අත්අඩංගුවට ගත් කැටවල කුඩු ද තියෙන්නේ කියා පරීක්ෂා කරන්නට ද ඉල්ලා සිටියා. ඔවුන් සියල්ලෝම කියා සිටියා, මගේ සැමියා ”කුඩු” ජාවාරම් නොකරන බව.

ගල්කිස්ස පොලීසියේදී, දැන ගත්තා, සැමියාගෙන් ලබාගත්තු ණඨ කෑලි 10, විලාසිතා කණ්ඩායම් තියාගෙන, සැමියා ළඟ හෙරොයින් මි.ග‍්‍රෑ. 21000 ක් (ග‍්‍රෑම් 21 ක්* තිබූ බවට, බොරු චෝදනා නගා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින 07 රැුඳවුම් නියෝග ලබාගත්තා. දැනට ඔහු ගල්කිස්ස පොලීසියේ රඳවාගෙන සිටිනවා.

මා ප‍්‍රකාශ කරන්නේ, සැමියා කළ වරද, එනම් ණඨ ළඟ තබාගැනීම ගැන චෝදනා නැගුවා නම් අප එය පිළිගන්නවා කියා.

සැමියා ළඟ නොතිබූ, සැමියා කිසි දිනෙක නොකළ වරදකට, එනම් හෙරොයින් මි.ග‍්‍රෑම් 21000 ක්, ළඟ තබා ගැනීම යන බොරු චෝදනාව දැමීම අපරාධයක්.

සැමියා ළඟ තිබූ ණඨ කෑලි 10 ට මොකද වුනේ කියා විමර්ශනය කරන්න.

මාගේ සැමියාව, නිරපරාදේ බන්ධනාගාරගත කරවීම වළක්වන්න පු`ඵවන් එකම ක‍්‍රමය නම් ඔහු ළඟ තිබූ බව කියන, හෙරොයින්, නොපමාව රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ලබාගන්නා ලෙසට නියම කිරිමය.

අද වනතුරු පොලීසිය, අත්අඩංගුවට ගත් බවට කියන, හෙරොයින් උසාවියට ඉදරිපත් කර නොමැත.

පුද්ගලයින් නිරපරාදේ බන්ධනාගාරගත කරවීම මගින්, පොලීසියද සෘජුව සම්බන්ධ මත්ද්‍රව්‍යය ජාවාරම නතර කළ නොහැකි බව ප‍්‍රකාශ කරමි. 

කඩිනමින් මාව, ඔහුගේ අවු: 14 ක් වන මල්ලී හා අවරුදු 3 ක් වන නංගීව ජීවත් කරවන, සැමියාව, මුදා හැරීමට පියවර ගන්නා ලෙසද, විනාශ කළ රු: 40,000/- ක් වන රූපවාහිනියේ, වන්දිය ලබාදෙන ලෙසද ඉල්ලමි.

මෙයට,

************* සිල්වා 

No comments:

Post a Comment