කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියක් කල් දමයි

148

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩලය දෙකේ අනුමැතියෙන් මෙම තීරණය අඟහරුවාදා උදෑසන (4) මාධ්‍යයට නිකුත් කර තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් සහ දඬුවම් විඳින හිටපු නායකයා

ඔක්තෝබර් මස 4, 6 හා 9 යන දිනවල Townsville, Cairns හා Gold Coast හිදී පැවැත්වීමට තිබුණු තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය සංවිධානය කර තිබුණේ මේ වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක් ලෙසයි. 

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගතය හමුවේ ICC විසින් එම තරගාවලිය 2021 වසර දක්වා කල් දැමීමත් සමඟ හා පවතින තත්වය යටතේ උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා නිසා මෙම කොදෙව් – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීම ඵල රහිත යැයි දෙරටේ ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරනවා. 

මෙම තරගාවලිය කල් දැමීමත් සමඟ Gold Coast නුවර අභිනවයෙන් ඉදි කෙරුණු  Bill Pippen Oval ක්‍රීඩාංගණයට හා Cairns හි The Cazaly’s ක්‍රීඩාංගණයට සිය ජාත්‍යන්තර තරග සඳහා සත්කාරකත්වය දැක්වීමට තවත් කාලයක් බලා සිටීමට සිදු වෙනවා. The Cazaly’s ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය මීට වසර 16කට පෙර ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකා අතර ක්‍රියාත්මක වූ ටෙස්ට් තරගයක් වීම විශේෂත්වයක්.

LPL අදිමදි කරන හිටපු ඉන්දීය ක්‍රීඩකයා

කෙසේ වෙතත් ඉන්දියාවත් ඔක්තෝබර් මස 11, 14 හා 17 දිනවල විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලයේ IPL පැවැත්වීම නිසා එම තරගාවලියත් අතහැර දැමෙනු ඇත. එම විස්සයි විස්ස තරගාවලිය එළඹෙන දෙසැම්බර් – ජනවාරි කාල රාමුවේ, ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් හා එක්දින තරගාවලිවලින් පසුව ක්‍රියාත්මක වේ යැයි අනුමාන කෙරෙනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<