බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලොකු වෙයි?

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තරග සංචාරය

330

බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින අතර එම තරග සංචාරය සඳහා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරග තුනට අමතරව තවත් විස්සයි විස්ස තරග තුනක් එකතු කිරීම සඳහා ද දෙරටේ ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාව කොදෙව් සංචාරය අතහැර IPL යයි ද?

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා බංග්ලාදේශය සිය පාකිස්තාන සංචාරය අතහැර දැමූ අතර ලොව වටා වයිරස ව්‍යාප්තිය තවත් දරුණු වීමත් සමඟ මැයි මාසයේ දී පවත්වන්නට තිබුණු අයර්ලන්ත සංචාරයත්, ඉන්පසුව පවත්වන්ට තිබුණු ශ්‍රී ලංකා සංචාරයත් ඔවුන් විසින් අතහැර දමන ලදි. බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාව අතර මෙන්ම බංග්ලාදේශය හා නවසීලන්තය අතර පවත්වන්නට නියමිතව තිබුණු තරගාවලි ද මෙලෙසම කල් දැමීමට සිදු වූයේ ද කොරෝනා වසංගත තත්වය නිසයි.

කෙසේ නමුත් මේ වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානය හා ICC විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමත් සමඟ එම කාල රාමුව තුල හිදැසක් නිර්මාණය වී තිබෙන නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය COVID-19 හේතුවෙන් අතහැර දැමුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැප්තැම්බර් – ඔක්තෝබර් හෝ ඔක්තෝබර් – දෙසැම්බර් අතර කාලය තුල නැවත පවත්වන්නට උත්සහ කරමින් සිටියි.

Video: ක්‍රිකට් පිටියේ කඩිසර චාමර සිල්වා – Legends

“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් මේ තරගාවලිය පවත්වන ආකාරය සහ පවත්වන කාලය පිළිබඳව තවමත් අධ්‍යනය කරමින් ඉන්නවා. කෙසේ නමුත් අපිට ඉදිරි දින කිහිපය තුල අවසන් තීන්දුවකට එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි කලින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය විතරයි තියන්න හිටියේ, හැබැයි ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ගහන්නේ නැති නිසා ක්‍රිකට් තරග කාලසටහනට තවත් විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් කරන්න වුනත් අපි සූදානමින් ඉන්නේ” යැයි බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් කමිටු සභාපති වන අක්‍රම් ඛාන් මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත පැවසීය.

“අපි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට යන්න කලින් සහ ශ්‍රී ලංකාවට ගියායින් පස්සේ PCR පරීක්ෂණ කරලා ඉතාමත් ඉක්මනින් වාර්තා ලබාගෙන ප්‍රතිඵල සාමාන්‍ය නම් පමණක් සාමාන්‍ය පරිදි ගැටලුවක් නැතිව නිරෝධායන කාලයකුත් ඉඳලා තරගාවලියට අවතීර්ණ වෙන්න පුළුවන්. හැබැයි පුහුණු තරග තියෙන එක ගැන නම් තවමත් අපිට ලොකු විශ්වාසයක් නැහැ” යැයි අක්‍රම් මහතා අවසන් ලෙස එහි දී පවසන ලදි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<