Sunday, August 2, 2020

කොරෝනාව පාලනයෙන් ආණ්ඩුව අසමත්




ලෝක වසංගතයක් ව පවතින කොරෝනාවෙන් ආසාධිත සංඛ්‍යාව 2020.08. 01 දිනට 18, 020, 684 ක් බවට පත්ව සිටි. එමෙන්නම  ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම වසංගතය ”දේශපාලනීකරණය” වී ඇත. 

‘‘ජාත්‍යන්තරය" ලෙසට ඉරාන් වික්‍රමරත්න පිළිගෙන සිටින යුරෝපය, ඇමෙරිකාව කොරොනා පාලනයෙන් අසමතවිම වසා ගැනිමට නොදියුණු හෝ දියුණුවන ලෙසට වර්ග කර ඇති රටවල කොරොනා පාලනය අවතක්සෙරු කිරිමට කියන්නේ දත්ත පිළිගත නොහැකි බවයි.  ඉරාන් වික්‍රමරත්න අප රටේ දත්ත එම  ‘‘ජාත්‍යන්තරය"  පිළිගන්නේ නැති බව කියයි.

කොරෝනාව පාලනය සම්බන්ධයෙන් ආණ්ඩු අසමත්ද? නැද්ද? යන්න නිගමනය කළ හැකි එක් පිළිගත් ක‍්‍රමවේදයකි සෙසු රටවල් හා කරනු ලබන සංස`දය.

ඒ සඳහා ප‍්‍රයෝජනවත් ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්ත පහත දක්වන්නේ ඔබට තීරණ ගැනීමටය. 

රෝග සුව වීමේ ප‍්‍රතිශතය.

1. ශ‍්‍රී ලංකාව         - 86.64%
2. රුසියාව         - 76.47%
3. බ‍්‍රසීලය                 - 69.55%
4. ද.අප්‍රිකාව         - 68.04%
5. ඉන්දියාව         - 65.46%
6. ලෝකයේ         - 62.87%
7. ඇමෙරිකා එක්සත් ජනපදය - 49.6%

මරණ අනුපාතය : සෑම රෝගීන් 100 කට මිය ගොස් සිටින සංඛ්‍යාව.
සමස්ථ ලෝකය පුරාම, රෝගීන් 100 කට 5 කු මියගොස් තිබේ. - 4.9%

1. ඇමෙරිකා එක්සත් ජනපදය - 3.82%
2. බ‍්‍රසීලය         - 3.81%
3. පේරු         - 3.89%
4. ඉන්දියාව - 2.55%
5. රුසියාව - 1.59%
6. ලංකාව         - 0.41%

තවමත් රෝගීන් සංඛ්‍යාවට අනුව පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එම සංඛ්‍යාව 2020.07.27 ට, 4,371,839 කි. දෙවන තැන බ‍්‍රසීලයට හා තෙවන තැන හිමිව ඇත්තේ ඉන්දියාවටය. 
ශ‍්‍රී ලංකාව සිටින්නේ 112 වන ස්ථානයේය.

ලොව කොරෝනා ආසාධිතයින් සිටින රටවල් සංඛ්‍යාව 215 කි.

රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යාව අතින් පළමු ස්ථානයේ සිටින ඇමෙරිකාවේ, මේ වන විට, මරණ 149,849 ක් සිදුව ඇත. දෙවන තැන බ‍්‍රසීලයට හිමිවන අතර, තෙවන තැන ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයයි. එරට මරණ 45,752 ක් වාර්තා කරමින්ය.

කොරෝනාවෙන් ලෝකය පුරාම, ජනගහනයෙන් මිළියනයකට 76 කු මරණයට පත්ව සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව 426 කි. 
බ‍්‍රසීලයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව       - 361 කි.
එංගලන්තයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 664 කි.
ඉන්දියාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 19 කි.
රුසියාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 82 කි.
කියුබාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 8 කි.
ශ‍්‍රී ලංකාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 0.5 කි.
බුරුමයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව        - 0.1 කි.
වියට්නාමයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 0 කි.

මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකිය. වෙනස් වීම හොඳ අතට හෝ නරක අතට හෝ අතට විය හැකිය.

කොරෝනාව පාලනයට යටත් කර ඇති රටවල, කොරෝනා ආරම්භක රට ලෙසට, සලකන චීනයේ, වසංගතය පාලනය කර ඇතිවා පමණක් නොව, එරට ආර්ථිකය වර්ධනය වී තිබේ. ආසාදිත සංඛ්‍යාව 83,660 කි. මරණ සංඛ්‍යාව 4634කි. සුවය ලැබු සංඛ්‍යාව 78,775කි.

වසංගතය පාලනය සඳහා එන්නතක් සොයා ගැනීමේ තරඟයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ එංගලන්තය බව ප්‍රසිද්ධ කර තිබේ. රුසියාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ප‍්‍රධාන මාධ්‍ය ජාලයන්, (MSM,) ය නොසලකා හැර තිබේ.

එක් එක් රටවල කොරෝනා පාලනය සම්බන්ධයෙන් ගත් පියවර අසමත් ද යන්න සහා එය දේශපාලනීකරණය කිරීමට විපක්ෂයන් ගන්නා උත්සහායන්  පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබේ. මෙහිදි කොරෝනා පාලනය පිළිබඳ කරන ප‍්‍රකාශන හා ඒ ඒ දේශපාලන පක්ෂවල මතවාද සැළකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.

රෝග වැළැක්වීම හා සුව කිරීම යන දෙකටම මුලිකත්වය දියයුතු වන අතර, සෙසු රෝග මෙන්ම, වසංගතයේදී මූලිකත්වය දිය යුතු වන්නේ වැළැක්වීමට අනුගමනය කරන පිළිවෙත් වලටය.  එම ක‍්‍රියා අවතක්සේරු කිරිම මගින් ප‍්‍රකාශ වන්නේ ජනතාවගේ ‘‘ජිවිතය’’ සම්බන්ධයෙන් දරන ආකල්පයි. අතීතයේ මිනිස් ජිවිත අහිමිවීම හා අහිමි කිරිම යන අවස්ථා වලදි මෙම මත දරන්නන් ගේ ක‍්‍රියා කලාපයන් සිහිපත් කිරිම තුලින් එම කරුණ පැහැදිලි වන්නේය.

 අප රට තුල ක්‍රියාත්මක වු රොග වැළැක්විම - ඉරාන් වික්‍රමරත්න, රනිල්, සජිත් අනුගමනය කරන, දෙශපාලන මතවාදයට පහරකි.  
එමෙන්ම තම මතයට/ඇදහිමට විරුද්ධ අය ජිවත් විය යුතු නැති පිරිසක් බවට වන ඇදහිල්ලට අනුව ද ජිවත්විමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙසට පිළිගැනිම ප්‍රතිෂේප කරයි.  
එම නිසා ජිවත්විමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙසට නොලසකන "මානව හමිකම්" ගැන බරපතල ලෙසට අවධානය යොමු කළ යුතුය. 

මේ සියල්ල සැලකිල්ලට ගෙන කොරෝනාව පාලනය සම්බන්ධයෙන් ආණ්ඩු අසමත්ද? නැද්ද? යන්න නිගමනයට පැමිණෙන්න.

No comments:

Post a Comment