Saturday, August 1, 2020

කුඩු ජාවාරම්කරුවන් තවමත් බල්ටි ගහනවා



කුඩු ජාවාරම වළක්වන එක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවක් -  ජාත්‍යන්තරය කියයි.


හෙරොයින්, K.G, අයිස්, ඩාන්සින් පෙති, මේ සිය`ඵ දෑ එන්නේ, ජාත්‍යන්තරයෙනි. දේශිය වශයෙන් එය පෝෂණය කරන්නේ, රකින්නේ, ප‍්‍රචාරණය කරන්නේ, ප‍්‍රධාන මාධ්‍ය ජාලයේ (MSM) පූර්ණ ආවරණය ඇතිව සිය`ඵම රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතනවලට සම්බන්ධ සිය`ඵම තරාතිරම්වලට අයත් පුද්ගලයින්ය.

බටහිරින් ආරම්භ කරපු අමද්‍යප ව්‍යාපාරයෙන් පටන් අරගෙන සුචරිතය ගැන කථා කරමින්, සිදුකරනු ලැබුවේ මත්පැන්, දුම්වැටි හා මත්ද්‍රව්‍යය ප‍්‍රවර්ධනය යි. එදා සිට මේ දක්වාම සිදුකරනු ලබන්නේ ද එයයි.

40, 50, 60 දශකවල සිගරට් ප‍්‍රචාරය කළේ සිගරට් පාවිච්චියේ ආදීනව කියා දෙමින්ය. මත්පැන් ගැනද එසේමය. ඊයේ පෙරේදා වනතුරු මත්ද්‍රව්‍යය විරෝධී සටන් පාඨයට මුවාවී සිදුකළේ ද එයයි. 

වර්තමානයේ, මත්ද්‍රව්‍යය මර්දනය සඳහා ආරම්භ කර ඇති, "මර්දනකාරී" පිළිවෙත මගින්, හෙළිදරව් වූ එක් කරුණක් ඇත. එනම් මත්ද්‍රව්‍යය ජාවාරමට සමස්ථ රාජ්‍යය යාන්ත‍්‍රනයම සම්බන්ධ බවයි.

මත්ද්‍රව්‍යය ජාවාරම සම්බන්ධ, මරණිය දණ්ඩනය නියමව සිටින, එහෙත් එල්ලූම් ගහ ඉදිරියේ එහාට මෙහාට යමින්, එම ජාවාරම මෙහෙයවූ කිහිප දෙනෙකු තෝරා අධිකරණ නියමයට අනුව, එම දඬුවම ක‍්‍රියාත්මක කරන්නට සූදානම් වූ විට, එය වැළැක්වූයේ, තීන්දුව ලබාදුන්න අධිකරණයම උපයෝගී කරගෙන, ජාත්‍යන්තරයේ මෙරට පංගු කාරයින් විසින් ය.  මෙම කිහිප දෙනාට අධිකරණ තීරණය අනුව, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණයට විරුද්ධව නැගී සිටියේ, ජාත්‍යන්තරයයි. ජාත්‍යන්තරයට අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයකි. 

ආචාර්ය, මහාචාර්ය පදවි නැති හරියට ලියන්නට කියවන්නට නොහැකි මව්වරුන් අසන්නේ කුඩු බෙදමින්, දරුවන් පමණක් නොව පවුල් පිටින් ටික ටික මරා දැමීම, මානව හිමිකම් උල්ලංඝණයක් නොවන්නේ ද කියාය.

බි‍්‍රතාන්‍යය රජය විසින්, 2019 වසරේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිකුත් කරන ලද වාර්තාව අවධාරණයෙන් කියා ඇත්තේ, මහා පරිමාණ මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අධිකරණය ලබා දුන් තීරණය බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

මරණ දඬුවම, අධිකරණය ලබාදුන්නද, එයට අදාළව ක‍්‍රියාත්මක කිරීමට, ජනාධිපතිගේ/රජුගේ අත්සන ගත යුතුයි. අධිකරණ තීරණ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝණයක් ලෙසට හඳුන්වන ජාත්‍යන්තරය, අධිකරණ නියමය අනුව අපරාධයක් නොවන වැරද්දකට දෙන ලද දඬුවම ඉවත් කර, නිදහස් කිරීම, බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙසට හුවා දක්වා තිබේ. ජනාධිපති මේ කාරණා දෙකම සිදුකරන ලද්දේ  රටේ "ව්‍යවස්ථාවට" අනුවය.

මෙයින් සහසුද්දෙන්ම පෙන්නුම් කරන්නේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් වූ මත්ද්‍රව්‍යය ජාවාරමට ජාත්‍යන්තරය හා ඔවුන්ගේ දේශීය එජන්තයින් සම්බන්ධ බවයි.

මේ වන විට, මතද්‍රව්‍යය මෙන්ම නීති වරෝධී මත්පැන් ජාවාරම් වැළැක්වීමට, පෙරමුණු රැසක් බිහි කර ක‍්‍රියාත්මක කර තිබේ. එමගින්, මේ වන විට ජාවාරමේ අති බිහිසුණු බව යම් තාක් දුරට හෙළිව තිබේ.

එහෙත් මෙම ජාවාරමට සම්බන්ධ තවත් කේන්ද්‍රස්ථානයක් ගැන කථා බහට ලක්වන්නේ වත් නැත. ස්වයං වාරණය දමා ගැනීමට සිදුව ඇත්තේ, ඒ ගැන කථා කිරීමට තරම් තවමත් නිදහස් වාතාවරණයක් ලැබී නැති නිසාය. 

මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන් තවමත් සිය කි‍්‍රයාවන් නතර කර නැත.
මෙම ව්‍යාපාරයට පවුල් පිටින් සම්බන්ධය. පියා, මව, දුවලා, පුතාලා, බෑනලා, නැන්දලාද, මස්සිනාලා සියලූ දෙනා සම්බන්ධය.

මෙම ව්‍යාපාරයෙන් සොයන අසීමිත මුදල් සංසරණය කරන්නේ ප‍්‍රකට වානිජ බැංකු හරහාය.

මේ ජාවාරම්කරුවන් සමහරක්ගේ විලාසිතාවලට අනුව බැලූ බැල්මට පෙනෙන්නේ අතේ සතේ නැති අය ලෙසයි. තවත් පිරිසක් "ආවරණ" ව්‍යාපාරයන් පවත්වාගෙන යයි.

මොවුන් දේශපාලකයින්ට සම්බන්ධය. මොවුන්ගේ මගුල් ගෙවල්, ඉලව් ගෙවල් වලට හා උපන්දින සාදවලට ද යති.

මේ වන විට, මෙම ජාවාරම, සමස්ථ සමාජය පුරාම, බූවල්ලෙකු ලෙසට වෙලාගෙන ඇති බවයි. එමෙන්ම, තවමත් මත්ද්‍රව්‍යය මැඩලීම මුවාවෙන් පොලීසිය, බන්ධනාගාරයහා අධිකරණ ක්‍රියාවලියේ අක‍්‍රමිකතා හෙළි කිරීමට, වින්දිතයන් ඉදිරිපත් වීමය. මෙම මර්දන ව්‍යාපාරය නිසා බරපතල ලෙස පහර වැදී සිටින රාජ්‍යය, අර්ධ රාජ්‍යය, රාජ්‍යය නොවන කණ්ඩායම් වල ලොක්කන් මෙන්ම සොක්කන්, කැරලි ගැසීමට ඉඩ ඇත.

තවද, මෙම මර්දන ව්‍යාපාරය නිසා, අනාථ වන පිරිසක් ද ඇත. ඔවුන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවන් හා පවුල්වල සමාජිකයින් - ඔවුන්   වින්දිතයෝ වෙති.

ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුය.
 
ගංජා වැවෙන්නේ අපේ රටේ හේනේ . හෙරොයින් ප‍්‍රමුඛ - විවිධ ස්වරූප හා නම් වලින් තිබෙන මත්ද්‍රව්‍යය, ජාත්‍යන්තරය ලෙසට හඳුන්වන බටහිර රටවල විද්‍යාඥයින් විසින්, ඉතා දියුණු පර්යේෂණ ගාරවලදි සොයාගෙන, මහාපරිමාණ කර්මාන්ත ශාලාවල නිපදවා ගුවනින් මුහුදෙන අපට ලැබෙන සලස්වන ‘ඖෂධය’. නීතියට අනුව මේවා හඳුන්වන්නේද අන්තරුදායක ඖෂධ ලෙසටය. 

 



No comments:

Post a Comment