ක්‍රිකට් වසන්තයට නැවත පනගන්වමින් LPL වලට දින තීන්දුයි!

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

1955
Mahindra Sri Lankan Premier League Champions Uva Next during the Final Match of the Sri Lankan Premier League between Uva Next and Nagenahira Nagas held at the Premadasa Stadium in Colombo, Sri Lanka on the 31st August 2012. .Photo by Shaun Roy/SPORTZPICS/SLPL

කොරෝනා නිසා පාළුවට ගිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාංගණවලට නැවතත් ක්‍රිකට් වසන්තය රැගෙන තරගාවලියකට අද (27) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමි විය. ඒ අනුව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටි 2020 ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League) ක්‍රිකට් තරගාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු මහා රැස්වීමෙන් අනතුරුවයි. 

>>LPL සහ දේශීය ක්‍රිකට් ආරම්භයට පිඹුරුපත් සැකසේ<<

කණ්ඩායම් 5ක් එකිනෙකා සමඟ තරග වදින, තරග 23කින් සමන්විත LPL තරගාවලිය එළඹෙන අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා මෙරට ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4ක් වන දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය සඳහා තරග කරන කණ්ඩායම් 5 දිවයිනේ ප්‍රමුඛතම නගර 5ක් වන කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල ලෙස නම් කර ඇති අතර එක් කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනෙකු ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

>>ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අවසර<<

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අමතරව වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ සිටින ප්‍රබල ක්‍රීඩකයන් 70 දෙනෙක් සහ ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 10 දෙනෙක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට දැනටමත් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ආයතන හිමිකම් තෝරා ගැනීම සඳහා වන ලංසු තැබීම මේ මස 30 වැනිදා අවසන් වූ වහාම නිල තරග කාලසටහන එලි දැක්වීමට තරග සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසුවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<