Monday, July 27, 2020

ආච්චිලා දෙන්නාටම කුඩු චෝදනා, මිනිපිරිය හා මුනුපුරා මහ පාරට



මව, දුව හා පුතාව ඇගේ මවට බාරදී, විදේශගත විය. 16 හැවිරිදි මිනිපිරිය හා 10 හැවිරිදි මුනුපුරා මහ පාරට වැටුනේ භාරකාරත්වය ලබාගෙන තිබූ ආච්චි, සි. මෙන්ඩිස්, අත්අඩංගුවට පත්වීම සමගය.

රට පුරා දියත් කර තිබෙන, මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් 50 හැවිරිදි සි. මෙන්ඩිස් පොලීසියේ අත්අඩංගුවට පත්විය. මෙ වන විට, රැඳවුම් නියෝග මත පානදුර දකුණ පොලීසියේ ඇය සිටී.

ඇගේ එක් දියණියක් විදෙස්ගතව සිටින්නෙ. එම දරුවන් දෙදෙනාගේ බාරකාරත්වය ලබාගෙන තිබුනේ ඇය විසිනි.

සි. මෙන්ඩිස්ගේ සොහොයුරිය, ක‍්‍රි. මෙන්ඩිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නියකි. ඇය පෙර වැරදි ඇත්තියකි.

වාර්තාවන අන්දමට, 2020.07.19 දින, දවල් ක‍්‍රි. මෙන්ඩිස් පැමිණ, සුරංග කියලා කෙනෙක් එයි, එයාට මේ පාර්සලය දීලා රු: 9500/- ක් ඉල්ලා ගන්න යයි කියා, පාර්සලය දී ගොස් ඇත.

සුරංග පැමිණ, රු: 9500/- ක් දී, පාර්සලයගෙන ගොස් තිබේ.

ටික වෙලාවකින් පොලීසිය පැමිණ, සි. මෙන්ඩිස් ව අත්අංගුවට ගෙන තිබේ. මේ වන විට, ක‍්‍රි. මෙන්ඩිස් හා සුරංග පලා ගොස්ය.

රැඳවුම් නියෝග මත, පානදුර දකුණ පොලීසිය බාරයේ සිටින සි. මෙන්ඩිස්ගේ මාලි දියණිය විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අදාළ තොරතුරු රැසක් එලි කරමින් බලධාරීන්ට ලිඛිතව කරුණු දක්වා තිබේ.

මෙම ජාවාරමේ ඛේදවාචකය නම්, පාසල් යන 16 හැවිරිදි ගැහැනු දරුවෙකුුගේ හා 10 හැවරිදි පිරිමි දරුවාගේ අනාගතය ගැන තත්ත්වයයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදි නියම අපරාධකරුවන් වෙනුවට, වෙනත් අය ආදේශ කිරීම අපරාධයකි. 

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවට, වෙනත් පුද්ගලයන් ආදේශ කිරීම මගින් දරුවන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ නොතබන ලෙසට, මෙම දරුවන් දෙන්නාගේ පුංචි අම්මා කෙනෙකු වන මලි විසින් බලධාරින්ගෙන කර තිබෙන ඉල්ලීමෙන් සියලූ කරුණු හෙලිකර තිබේ.

එම ඉල්ලිම පහත දක්වමු:- 
     

‘‘  2020.07.22 වන දින දීය.

සි. මෙන්ඩිස්, අවු: 52 යි, මාගේ මව වේ. පදිංචිය: පානදුර. දැනට මාගේ මව, රැඳවුම් නියෝග ලබාගෙන පානදුර දකුණ පොලීසියේ රඳවාගෙන සිටී.

ඇයව අත්අඩංගුවට ගත්තේ, 2020.07.19 දින, ප.ව. 4.00 පමණය. අධිකරණයට ඉදිරිපත් කළේ, 2020.07.20 ය.

මෙම අත්අඩංගුවට ගැනීම අදාළ සත්‍ය තොරතුරු පහත දක්වන්නේ, මත්ද්‍රව්‍ය මර්දනයට ගන්නා, වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට කරන, උපකාරයක් වශයෙන් සහ මෙම අත්අඩංගුවට ගැනීමත් සමග වයස අවු: 16 ගැහැනු දරුවෙකු හා වයස අවු: 10 ක පිරිමි දරුවෙකුගේ ආරක්ෂාව මුඵමණින්ම නැවතී යෑම වළක්වා ගැනීමටය.

මාගේ මව හා මාගේ සොහොයුරියගේ ඉහත සදහන් දුව හා පුතාගෙන් දැනගත් කරුණු සත්‍ය ලෙස පහත දක්වා සිටිමි.

01. මාගේ මවගේ, බාල සොහොයුරිය, පුංචි අම්මා වන, ක්‍රි. මෙන්ඩිස් (අවු: 42 ක් පමණ) මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැනැත්තියකි.

02. පෙර සදහන් දිනයේ, ඇය, මාගේ මව වෙත පැමිණ, උදව්වක් කරන ලෙසට ඉල්ලා ඇත. ඇය ලබාදුන් කුඩා පාර්සලය, තව ටිකකින් එන පුද්ගලයාට දී, රු: 9500/- ක් ඉල්ලා ගන්නා ලෙසට කියා ගොස් තිබේ. එවිට වේලාව දහවල් 1.00 ට පමණ ඇත.

03. පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස්, එම පණිවුඩය දී ගිය පසුව, පුද්ගලයෙකු පැමිණ, රු: 9500/- ක් ලබාදී පාර්සලය ලබාගෙන ඇත.

04. එම හුවමාරුව සිදුව ටික වේලාවකින්, පළමුව, යතුරුපැදි දෙකකින් සිවිල් පිට, පොලිස් නිලධාරීන් පස් දෙනෙකු පැමිණ ඇත. ඔවුන් කොළඹින් පැමිණි බව කියා ඇත.

05. එම පිරිස, දරුවන් දෙදෙනාව, එළියට දමා ගේ සෝදිසි කර ඇත.

06. එසේ ගේ සෝදිසි කරන අතර, තවත් පිරිසක්, ජීප් රථයෙන් පැමිණ තිබේ. එම ජීප් රථයෙන් පැමිණි පිරිස අතර, පොලිස් කාන්තාවක් නිල ඇඳුමින් සිට ඇත.

07. එම පිරිස රාත‍්‍රී 7.00 වන තෙක් ගෙදර හා වත්ත පීරා සෝදිසි කර ඇත.

08. රාත‍්‍රී 7.00 ට පමණ, තවත් නිලධාරීන් පිරිසක් ජීප් රථයෙන් පැමිණ ඇත.

09. ඉන්පසු මාගේ මව, පානදුර දකුණ පොලීසියට ගෙනවිත් තිබේ.

10. පසුදින, අධිකරණයට ඉදරිපත් කර, රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

11. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාගේ පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස් මේ වන විට සැඟවී සිටී.

12. පසුව, දැන ගන්නට ලැබුන පරිදි, මාගේ පුංචි අම්මා, ක‍්‍රි. මෙන්ඩිස් හා පොලිසිය එක්ව සැලසුම් සහගතව කරන ලද්දකි.

මන්ද, මාගේ මවගෙන් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් පුද්ගලයාව තවමත් අත්අඩංගුවට ගෙන නැත.

ඔහුගේ නම සුරංග බවද, කඵතර උතුර දුම්රියපොල අසල, සුනාමි තට්ටු නිවාස වල පදිංචිකරුවෙකු බවද දැනගන්නට තිබේ. ලිපිනය: ------ත‍්‍රී රෝද රථයේ අංකය : WP – JU ---  වේ.

මා ප‍්‍රකාශ කරන්නේ,

(1) සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නියක වන ---- මෙන්ඩිස් දු.අ. 077  632**** (------- මෝදර, මොරටුව පදිංචි) විසින් මත්ද්‍රව්‍ය ජාවාරම, මාගේ මව මගින් සහෝදරකම උපයෝගී කරගෙන, කරවා ඇයව බිල්ලට දී ඇති බවය.

මා ඉල්ලා සිටින්නේ,

මෙම පසුබිම යටතේ, මීට පෙර කිසිම අවස්ථාවක, මෙම නීති විරෝධී ක‍්‍රියාවට සම්බන්ධයක් නොතිබූ, මාගේ මව දීර්ඝ කාලයකට බන්ධනාගාරගත කරවීම මගින්,

දැඩි ලෙස අසරණ බවට හා අනාථ බවට පත්ව සිටින, දැනට විදෙස්ගතව සිටන මාගේ සොහොයුරියගේ හා බහුදින ධීවර යාත‍්‍රා වල වැඩ කරන ධීවරයෙකු වූ ඇගේ සැමියා විසින්, නීත්‍යානුකූලව බාරකාරත්වය පවරා ඇති, ඉහත සදහන් කළ, අවු: 16 ක් වන ගැහැනු දරුවාගේ හා වයස අවු: 10 ක පිරිමි දරුවාගේ අනාගතය හා ආරක්ෂාව සළකා,

මාගේ මව, සුදුසු ඇපයක් මත මුදා හැරීමට පියවර ගන්නා ලෙසටය.

එසේම, මත්ද්‍රව්‍ය උවදුර මැඞීමට ගන්නා පියවර අයුතු ලෙස භාවිතා කරන පොලීසියේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය විනාශ වීමට ඉඩ නොතබන ලෙසද ඉල්ලා සිටිමි.

මෙයට,

අ.ක./ ----- මලී


No comments:

Post a Comment