.

.

Jul 25, 2020

එල්ලෙන්න වැල් නැති විපක්ෂ බලවේගවලට ෆුල්ටොස් දාන්නෝ……



ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද පොලිට්‍රික්ස් මෙන්ම දෙශපාලනීකරණය වෙලා අවසන්ය. එක් පක්ෂයක ජනතාවගේ මනාපයෙන් ගව ගාලට එන සම හරක් වෙනත් පක්ෂයකට යන්නේ ප්‍රතිපත්ති නිසාය කියා මොකෙක් හෝ හිතනවා නම් ඒ තරම් ගොනෙක් මේ ලෝකයේ තවත් නැතෙයි කියා කියන්නම වෙනවාය.


ක්‍රිකට් ක්‍රීඩාවේද ඒ වාගේ ගේම් තියෙනවාය. තරඟ පවාදීම් කියන්නේ ඒවාටය. සාමාන්‍යයෙන් ගමේ ක්‍රිකට් ගහනකොටත් කියන්නේ අනික් ටීම් එකට ෆුල් ටොස් දාලා දුන්නා කියාය. වැලේ වැල් නැතිව ඉන්නා විපක්ෂ බලවේග වලට එහෙම ෆුල්ටෝස් දමා දෙන්නේ පෝට්ටුවේ උන්මය.

අවුරුදු පහක් රට කා දැමු පිරිසකට ආයේ බලය ඉල්ලන්නේ අහවල් දෙයක් කරන්නද කියා ඕනම ගොනෙකුට හිතෙනවා ඇතිය. උන් කරපු හොරකම් හා අකටයුතුකම් අපට කියන්නේද උන්මය. එහෙම උන්ට ආයේ බලය දෙන්න තරම් මේ රටේ මිනිස්සුන්ට මොළේ අමාරුවක් ඇත්තේ නැතිය.

ඇත්තටම උන් උන් මඩ ගසා ගන්නවා හැර, ආන්ඩුවට විරුද්ධව කියන්න කිසිවකුත් උන්ට ඇත්තේ නැතිය. එල්ල කරන චෝදනාද අවුරුදු පහක් තිස්සේ ඔප්පු කර ගැනීමට නොහැකි වූ නැව් පචය. එවා දැන් පට්ට ජෝක්ස් වෙලා අවසානය.

එසේ අනාතවී සිටිනා උන්ට පොඩි කේස් එකක් උනත්… ජාත්‍යන්තරේ තත්වයේ ව්‍යසනයක සයිස් එකට දමා කවි ගී නිසදැස් හා රචනා ලියන්නට සෑදී පැහැදී ඉන්නා ඇන් ජී ඕ පොරවල්වලට රජ මඟුල්ය. එමෙන්ම මහත්මා දේශපාලනයේ තවමත් රැඳි සිටිනා රනිල් හැර, අනික් ගොබ්බ පොලිටික්කෝද ඒවායේ එල්ලිමෙන් පෙන්වන්නේද උන්ගේ ප්‍රබුද්ධ දේශපාලනයමය.

මහරාජා කොටි හා නම කිව්වොත් බ්ලොක් වෙන සෙට්ටෙකේ ත්‍රස්තවාදීන් සමඟ රට විනාශ කරන්නට යන උන්, මහා දේශමාමක දේශහිතෛශී ජාති ආල කාරයෝ වෙලා තියෙනවා දැක්කාම එකාතකින් අපිට මාර සතුටක් දැනෙනවාය. බුදු හාමුදුරුවෝ රස්තියාදුවේ යවමින් ඡේථවනාරාමයට කුණු පුරවපු රැඩිකල් ලිබ්බෝ සාසනයේ තිරස්චිතිය වෙනුවෙන් කැපවු පින්වත් බෞද්ධ උපාසක උපාසිකවන් වීම සාසනයේ යහපත සඳහාම වන්නේය. සාධූ…. සාධූ…. සාධූ…

කරුමය කියන්නේ මෙසේ ෆුල්ටොස් දමා දෙන්නේ පක්ෂයේ මහ පොරවල්ම වීමය. අනික ඒවා පක්ෂ නායකයන්ට තරම් ඒවා නොවේ.

ඝෝඨාගේ ආගමනයෙන් පසු පොඩි උන් ටික ගොන් කතා කීමේ අඩුවක් තියෙනවා කියා උන්ට ගෞරවය පිනිසම කියන්න ඕනෑය. වෙනදා චන්දයක් තියෙන විට ගම්වල පිස්සු කෙලිනා මහින්ද මහත්තයාගේ ඟං කබර සෙට්ටෙක මේ වන තෙක් කිසිම පිස්සුවක් කෙලලා නැතිය. ඒ ඝෝඨාට පින් අත් වන්නටය. ඒ වාගේම එයාලාගේ චන්ඩි ඔක්කෝම නොන්ඩි වීගෙන හිරේ විලංගුවේ වැටෙන නිසා උන් ඉන්නේ කට උත්තර නැතිවය.

උන් එසේ සිටියදි ලොකු ලොක්කෝ රට වටේ යන කොට ඔය කට පොඩ්ඩ පෝඩ්ඩක් පරෙස්සම් කර ගන්නවා නම් බොහෝම අගේය. මොකෝ 2/3 කොහොමත් හම්බ වෙන්නේ නැති එකේ 113 නැති කර ගන්න සයිස් එකක් තියෙනා නිසාය.

අපිට තියෙන දුක නම් , එහෙම උනොත් ඝෝඨාටත් රට හදන්න වෙන්නේ නැතිව බලය රැකගන්න දාන්ගැට දාන්න වෙන නිසාය.

ඒ වගත් මේසේය….

2 comments:

  1. හිත නරක්කර ගන්න එපා
    කටවල් නම් ඔහොම තමයි
    ඉඳල හිටල හරි ඇත්තක්
    කියවෙනවාමයි

    ReplyDelete
  2. වයසයිනේ!
    වළ පයයි ගොඩ පයයි වගේ හිංදා
    අමතක වෙනවා වෙන්නැති........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න