මහේල SSC සභාපති පුටුවට

2459

සිංහල ක්‍රීඩා සමාජය හෙවත් එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මහතා පත්කර තිබේ. 

බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙක් CPL ප්‍රතික්ෂේප කරයි

ජූලි මස 14 වන දින සමාජ ශාලාවේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. මහේල ජයවර්ධනට පෙර එම ධුරය අඛණ්ඩව වසර 10ක් හෙබවූයේ හිටපු සභාපති සමන්ත දොඩන්වෙල මහතා ය. ඒ මහතාගේ සමුගැනීමෙන් හිස්වූ සභාපති අසුනට මහේල ජයවර්ධන පත්කර තිබේ. 

මෙම පත්වීමත් සමඟ මහේල ජයවර්ධන ස්වයංක්‍රීයව එම ක්‍රීඩා සමාජයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු බවට පත්වේ. 

වර්තමාන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන සිය එස්. එස්. සී. ගමන ආරම්භ කරන්නේ වයස අවුරුදු 17 දීය. 

මහේල ජයවර්ධන 1997 වසරේ දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සමඟ එක්වූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දීය. 

සිය පළමු පන්තියේ වෘත්තීය ජීවිතය එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සමඟින් ආරම්භ කළ මහේල ජයවර්ධන, ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පන්තියේ ක්‍රිකට් තරග ක්‍රීඩා කළේය. 

අනතුරුව එම වසරේ දීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනූ ඔහු, තරග 448ක දී ලකුණු 12650ක් රැස්කර ගැනීමට සමත් විය. මහේලගේ ලකුණු අතරට ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ඇතුළත් විය. 

තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 149කට ක්‍රීඩා කර ඇති මහේල, එහිදී ශතක 34ක් සහ අර්ධ ශතක 50ක් ද සහිතව ලකුණු 11814ක් රැස්ගැනීමට සමත් වී ඇත. මහේල පන්දුවාර විස්සයි විස්ස තරග බිමේ ද ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. 

එස්. එස්. සී. ක්‍රීඩාංගණය මහේල ජයවර්ධනගේ ප්‍රියතම ක්‍රීඩා පිටිය වන අතර ඔහු සිය 11වන ටෙස්ට් ශතකය වාර්තා කළේ ද එම ක්‍රීඩාංගණයේ දීය. එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී මහේල ටෙස්ට් ලකුණු 2921ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 74.89ක් ලෙස දැක්වේ. එලෙස එක් ක්‍රීඩාංගණයක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ද මහේල සතු වේ. 

දුම් වැටියේ බලෙන් සන්සුන් වූ අවසන් තරගයේ වීරයා

2016/17 තරගාවරයේ දී ශූරතාවය සමඟින් 32 වතාවක් ප්‍රිමියර් කුසලානය දිනා ගැනීමට සිංහල ක්‍රීඩා සමාජය සමත්ව සිටී. සිංහල ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක සමාජය ලෙස හැඳින්වේ. 

ජාතික කණ්ඩායමේ නායකයා ලෙස 2007 වසරේ දී ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙයවා ඇති ජයවර්ධන අවස්ථා ගණනාවක දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය ලබා දීමට එක්ව සිටියේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<