ගංගුලි වගේ දෝනි හොඳ ක්‍රීඩකයින් ඉතිරි කර ගියේ නැහැ – ගාම්බීර්

8381
MS Dhoni and Sourav Ganguly

ඉන්දියාව බිහි කළ හොඳම නායකයෙක් මෙන්ම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් හා විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනූ ලොව එකම ක්‍රිකට් නායකයා ලෙස මහේන්ද්‍ර සිංග් දෝනි හැඳින්විය හැකියි. 

දෝනි 2013 වසරේ දී ඉන්දීය කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම රැගෙන යන්නට සමත් වූ අතර බොහෝ දෙනා 2000 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනස් කළ සෞරව් ගංගුලි හා දෝනි අතරින් හොඳම නායකයා තෝරන්නට වාද විවාද කරනවා.

“උකුසු ඇසෙන් නියම ප්‍රයෝජනය ගන්න” – ටෙන්ඩුල්කාර්ගෙන් විවේචනයක්

කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ පිතිකරුවෙකු නියත

සිය ක්‍රීඩකයින්ට බය නැතුව ක්‍රීඩා කිරීම හුරු කළ ගංගුලි යුවරාජ් සිංග්, විරේන්ද්‍ර ෂෙවාග්, හර්බජාන් සිංග්, සහීර් ඛාන් හා අශිෂ් නේහ්රා වැනි යොවුන් ක්‍රීඩකයින් රැසකටම ඉන්දීය කණ්ඩායමේ අසුන් වෙන් කර දුන්නා.

ගංගුලි හා දෝනි යන නායකයින් දෙදෙනාම යටතේ ක්‍රීඩා කළ  ක්‍රීඩකයෙක් වන ගෞතම් ගාම්භීර් පවසා සිටින්නේ දෝනි ඔහුගෙන් පසුව නායකයා වුණු විරාත් කෝලිට තරමක් ක්‍රීඩකයින් නිර්මාණය කර ලබා දුන්නත්, ගංගුලි ඔහුගෙන් පසුව ආ නායකයාට ලෝකයම බිය සුපිරි ක්‍රීඩකයින් ඉතිරි කර ගිය බවයි.

“කෝලි, රෝහිත් ශර්මා, ජස්ප්‍රිත් බුම්රාහ් හැරෙන්නට දෝනි නායකත්වයෙන් යන විට කණ්ඩායමට ඉතිරි කර ගියේ එතරම් හොඳ ක්‍රීඩකයින් නෙවෙයි. ලෝකයම බිය ක්‍රීඩකයින් ඉතා අඩුයි වගේම තරගාවලියක් දිනවිය හැකි ක්‍රීඩකයින් ඔහු ඉතිරි කර ගියේ නැහැ” ගාම්බීර් ESPNcricinfo වෙත පවසා තිබුණා.

ඛේටය තහනම් කිරීමෙන් ඉන්දීය වේගපන්දු යවන්නන්ට ප්‍රශ්න ගොඩක්

හිටපු ඉන්දීය වේගපන්දු යවන්නන් වන ඉර්ෆාන් පතාන්

“නමුත් බලන්න සෞරව් ගංගුලි ඉතිරි කර ගිය ක්‍රීඩකයින්, යුවරාජ් සිංග් ලෝක කුසලාන දෙකක තරගාවලියේ වීරයෙක්, හර්බජාන් සිංග්, සහීර් ඛාන්, විරේන්ද්‍ර ෂෙවාග්, මේ ලෝකයම පරාජය කළ හැකි ක්‍රීඩකයෝ” යැයි ඔහු පවසා සිටියා.

ගංගුලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ටෙස්ට් තරග 49කින් තරග 21ක් ජයගෙන තිබෙනවා. 2002 වසරේ NatWest තරගාවලිය ද ඉන්දියාව ජය ගත් අතර 2003 ලෝක කුසලාන අවසන් මහා තරගයට ද ඔවුන් පැමිණෙන්නට සමත් වුනා.

HindustanTimes ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<