මම කාලයක් ක්‍රිකට්වලට වෛර කළා – ටිම් පේන්

276

 ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් පසුගිය දා පවසා සිටියේ ආබාධ රැසකින් පීඩා විඳි ඔහු එක් කාලයක දී දැඩි ලෙස මානසිකව ඇද වැටි සිටි බවත්, ඔහු “තනිවම හඬන” තත්වයකට ද පත්ව සිටි බවත්ය. ඒ කාලයේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි සේ වෛර කළ බවත් පවසා සිටියා.

අපි දෙන්නා කාලයක් හිටියේ එක කාමරේ – ගෞතම් ගාම්භීර්

ස්ටීවන් ස්මිත්ට තරග තහනමක් පැනවීමෙන් අනතුරුව 2018 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය භාර ගත් ටිම් පේන් කණ්ඩායම මෙහෙයවූ ආකාරය නිසාම විචාරකයින්ගේ පැසසුමට ලක් වුනා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමෙන් සුළු කාලයකට පසුව සිය ක්‍රීඩා දිවියටම තර්ජනයක් විය හැකි ඇඟිල්ලේ ආබාධයක් ඔහුට ඇති වුනා. එම තත්වය නිසා ඔහුට සැත්කම් හතක් සිදු කරන්නට සිදු වුණු අතර ඔහුට තරගවාර දෙකක් ද මඟ හැරුණා. දැඩි මානසික පීඩනයෙන් පෙළුණු වසර ගණනක් ඉවසීමෙන් සිටින්නට ඔහුට සිදු වුනා. නිදි නැති රාත්‍රීන් ගණනාවක්, බලාපොරොත්තු කඩවීම් මැද ඔහුට නැවත විශ්වාසය ගොඩනගා ගැනීමට ඉතා අපහසු වූ බව පේන් පවසා සිටිනවා.

“මම නැවත ක්‍රීඩා පිටියට ගියේ පන්දුව ඇඟේ වදිනවට බයේ. මට හිතා ගන්න බැරි වුනා මොනවද මම කරන්න ඕන කියලා” මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා පිහිටවූ නව වැඩසටහනකට එක්වෙමින් පේන් පවසා සිටියා.

සුපිරි ඉන්දීය පිතිකරුවා ඉවත් කළේ කාගේ උවමනාවට ද?

“පන්දුව බලනවා වෙනුවට මම හිත හිත හිටියේ මගේ ඇඟේ පන්දුව වදියිද වැදුනොත් මොනවා වෙයි ද කියලා. ඔබ එහෙම හිතන කොට ඔබට ක්‍රීඩා කරන්නට ඉතා අමාරු වෙනවා.”

“ගොඩ කාලයක් යනකම් මට ලකුණු රැස් කරන්නට බැරි වුනා. මට කන්න බැරි වුනා. මට නිදා ගන්නත් බැරි වුනා. තරගවලට කලින් මම හරිම නොඉවසිලිවන්ත වුනා. මාත් එක්ක ජීවත් වීමත් අන් යට අපහසු වුනා.”

ඔහු පවසා සිටියේ ක්‍රිකට් බලන්න ඔහුට තිබුණු ආශාව පොඩ්ඩක්වත් අඩු නොවුනත්, “මට ක්‍රිකට් ක්‍රීඩාවේ කරන්න තිබුණු දේවල් සම්පූර්ණයෙන්ම එපා වෙලා තිබුණේ.”

“මගේ හිතට කාවැදිලා තිබුණේ මම අසාර්ථක වෙන්න යනවා කියන එක. මම හිතන්නේ නැහැ කවුරුත් දැනන් හිටියා කියලා මම මෙච්චර පීඩනයකින් හිටියා කියලා. මගේ යහළුවෝ මෙන්ම මගේ බිරිඳවත් දැනගෙන හිටියේ නැහැ.”

KKR අසාර්ථක වෙන්න හේතුව මම නෙමෙයි – ගංගුලි

“මට මතකයි සමහර වෙලාවට මම ගෙදර තනියම ඉඳගෙන, මගේ නෝනා වැඩට ගිය වෙලාවට, මගේ කවිච්චිය ඉඳගෙන මම තනියම අඬනවා” ඔහු පවසා සිටියා. 

“එය හරිම වේදනාත්මකයි. ඒක වචනයෙන් කියන්න හරිම අමාරුයි, මම හිතුවා මම ගොඩ දෙනෙකුගේ බලාපොරොත්තු කඩ කරනවා කියල.”

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව පසුගිය කාල සීමාවේ ගැටලු රැසක් ඇති වුනා. ග්ලෙන් ,මැක්ස්වෙල්, නික් මැඩින්සන් මෙන්ම යොවුන් ක්‍රීඩක Will Pucovski ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විවේකයක් ලබාගෙන තිබුණේ තමන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමේ අරමුණින්. 

තස්මේනියා ක්‍රිකට් සංගමයේ ක්‍රීඩා මනෝ විද්‍යා නිලධාරියා හමුවීමෙන් අනතුරුව තමන් මේ සියල්ල වෙනස් කරන්නට පටන් ගත් බව පේන් පවසා සිටියා.

“ඒ වෙනකොට මම හිටපු තත්වය මම කාටහරි කිව්වා පළමු වතාව තමයි ඒ. මම ඒ කාමරෙන් පිට වෙද්දීම මගේ සිතට සැහැල්ලුවක් දැනුණා. එය තමයි මට උදව් ඕනේ කියලා මම වටහාගත්ත පළමු අවස්ථාව.”

2017-18 අළුබඳුන කුසලානයේ දී පේන් නැවතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තමන්ගේ අසුන දිනා ගත්තා.

“මුලින් මට හිතුණා එය හරිම විශිෂ්ටයි කියලා, පසුව එක්වරම මට හිතුණා එය එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා.”

“මට මිලියන ගණන් මිනිස්සු ඉදිරියේ නැවතත් පිතිකරණයේ යෙදෙන්න සිදු වෙනවා. දින දෙක තුනකට පස්සේ මට නැවත හිතුණා නෑ මට සෙල්ලම් කරන්න ඕනේ නැහැ කියලා.”

“නැවත වතාවක් මම අනෙක් අයට කතා කළා, මගේ හිතේ තිබුණු බර අයින් කර ගත්තා. පස්සේ මම හිතා ගත්තා ඕනේ දෙයක් වෙච්ච දෙන් මම ඒ මොහොත රස විඳිනවා කියලා.”

AFP ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<