අපි දෙන්නා කාලයක් හිටියේ එක කාමරේ – ගෞතම් ගාම්භීර්

479

මහේන්ද්‍ර සිං දෝනි නූතන යුගයේ හොඳම ක්‍රිකට් නායකයෙකු ලෙස හැඳින්වේ. ඉන්දීය කණ්ඩායමේ වඩාත් සාර්ථකම නායකයෙකු වූ දෝනි ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ. ඒ ක්‍රිකට් පිටියේ වඩාත් නොසන්සුන්කාරී අවස්ථාවන්හිදී සන්සුන්ව සිටීමට ඔහුට ඇති හැකියාව නිසාය.

කිසිදා අමතක නොවන “උනන්දුවා” – කුමාර් ධර්මසේන

දෝනි සෑම විටම ඔහුගේ ක්‍රීඩාව සඳහා ඔහුටම ආවේණික වූ උපක්‍රම රැසක් භාවිතා කළ අතර බොහෝ අවස්ථාවල දී ඔහු යම් ආකාරයක සැලැස්මක් ඉදිරිපත් කරමින් තරගයේ වාසිය ඔහු වෙත හරවා ගැනීමට සමත් වුනා. කුල්දීප් යාදව් සහ රවිචන්ද්‍රන් අශ්වින් වැනි පන්දු යවන්නන්, දෝනි කඩුල්ල පිටුපස සිට උපදෙස් ලබා දීම ගැන අවස්ථා කීපයක දී ම සිහිපත් කර තිබුණා.

නමුත් මෙවැනි ක්‍රිකට් මනසක් සමඟින් එක් කාමරයක් බෙදා ගැනීම කෙබඳු වේ දැයි බොහෝ දෙනා දැනගැනීමට කැමති වූ අතර ඉන්දියාවේ හිටපු ආරම්භක ක්‍රීඩක ගෞතම් ගාම්භීර් එම ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයා සිටියා.

ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාවේ Cricket Connected වැඩසටහනේ නවතම කතාංගය සඳහා එක්ව සිටියේ ගෞතම් ගාම්භීර් ය.

“අපි මාසයකට වැඩි කාලයක් එකම කාමරයේ මිතුරන් වෙලා හිටියා. ඒ කාලේ දෝනිට දිග කොණ්ඩයක් තිබුණා. ඒ නිසා ඒ දවස්වල අපි කතා කළේ ‘කොණ්ඩය ’ගැන පමණයි.”  ගාම්බීර් පැවසීය.

යොවුන් ක්‍රිකට් පිටියේ වැඩපෙන්වන මීගමුවේ දක්ෂයා

“අපි ඔහුගේ කොණ්ඩය ගැන වගේම එතරම් දිග කොණ්ඩයක් නඩත්තු කරන්නේ කොහොමද කියලා කතා කළා. මට මතකයි අපි එක පාරක් නිදාගත්තේ බිම. ඒ කාලයේ අපිට ලැබුණේ ඉතා කුඩා කාමරයක්. පළමු සතිය අපි ඒකේ හිටියේ. අපි ඒ කාමරය ලොකු කර ගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා මට මතකයි.”

“ඒ නිසා අපි කාමරයේ තිබ්බ ඇඳන් ඉවත් කළා. ඊට පස්සේ අපි දෙදෙනාම බිම නිදාගත්තේ. මෙට්ටය බිම තියලා අපි නිදාගත්තා. දැන් ඒ ගැන මතක් වෙද්දී ඒක මාර ලොකු වැඩක් කියලා මට හිතෙනවා”  යැයි ගාම්බීර් තවදුරටත් පැවසීය.

හිටපු ඉන්දීය වමත් පිතිකරුවෙකු වන ගෞතම් තව දුරටත් කියා සිටියේ ක්‍රීඩකයන් ලෙස තවත් ක්‍රීඩකයෙකු සමඟ කාමරයක් බෙදා ගන්නා විට ඔවුන් ගැන බොහෝ දේ දැන ගැනීමට හැකි වන බවයි.

“ඒ කාලේ අපි දෙන්නම තරුණයි. ඒ වෙද්දී දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගෙන ටික කාලයයි. අපි එකට කෙන්යාවට ගියා. අපි ඉන්දීය A කණ්ඩායම එක්ක සිම්බාබ්වේ වලට ගියා. සිම්බාබ්වේ තරගාවලියේ දී අපි එකට බොහෝ කාලයක් ගත කළා. ඔබ මාස එකහමාරක් යමෙකු සමඟ කාමරයක ඉන්නවා නම් ඔබ එම පුද්ගලයා ගැන බොහෝ දේ දැන ගන්නවා” ගාම්බීර් පැවසීය.

කැරිබියන් ප්‍රිමියර් ලීගයට දින නියම වෙයි

මේ අතර, එම වැඩසටහන සමඟින් තවදුරටත් අදහස් දක්වමින් ගාම්බීර් පවසා සිටියේ දෝනි වාසනාවන්ත නායකයෙකු බවයි. 

“දෝනි ඉතා වාසනාවන්ත නායකයෙක්. එහෙම වුනේ ඔහුට සෑම ආකෘතියකින්ම දක්ෂ කණ්ඩායමක් ලැබුණ නිසා” යැයි ගාම්බීර් පැවසීය.

“2011 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය දරන එක දෝනිට ඉතා පහසු දෙයක් වුනා. අපට ඒ වසරේ දී සචින් තෙන්දුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, මම, යුව්රාජ් සිං, යූසුෆ් පතාන් වගේම විරාත් කෝලි වගේ අය හිටියා. ඒ නිසා දෝනිට හොඳම කණ්ඩායමක් ලැබුණා. 

සෞරව් ගංගුලි ගත්තම ඔහුට එතරම් හොඳ කණ්ඩායමක් හිටියේ නෑ. ඒ නිසා කණ්ඩායම දියුණු කරන්න ගංගුලිට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුනා. ගංගුලිගේ වෙහෙසේ ප්‍රතිඵලයක් විදියට දෝනිට හොඳ කණ්ඩායමක් ලැබුණා. ජාත්‍යන්තර මට්ටමේ කුසලාන බොහොමයක් දිනා ගන්න පුළුවන් වුනා. “

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<