තෙන්දුල්කාර් වඩාත් අවතක්සේරුවට ලක්වුන ක්‍රීඩකයා නම් කරයි

714

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ලොව විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවත්, ඔහුගේ දක්ෂතා පුද්ගලයින් විසින් අවතක්සේරු කර ඇති බවත් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් පවසා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඊයේ (08) සදම්ටන්හි රෝස් බෝල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.  

තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායමේ නායකත්වයක ජේසන් හෝල්ඩර්ට හිමිව ඇති අතර එංගලන්ත පළපුරුදු නායකයා වූ ජෝ රූට් මෙම පළමු තරගයට සහභාගී නොවේ. ඒ නිසා බෙන් ස්ටොක්ස් 81 වැනි එංගලන්ත නායකයා ලෙස එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දේ.

“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසය හේතුවෙන් සියලු රටවල් අගුළු දැමීමකට යොමු වූ අතර මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව දින 116ක දීර්ඝ විරාමයකට යොමු විය. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගාවලිය එම විරාමයෙන් පසු පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගයයි. 

එංගලන්ත කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ක්‍රිකට් පුරාවෘත්තයන් වන සචින් තෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා මාස්ටර් බ්ලාස්ටර් යෙදවුම ඔස්සේ කතාබහකට එක්විය.

එහි දී ඔවුන් දෙදෙනා මෙම තරගාවලිය පිළිබඳව සාකච්ඡා කළ අතර එම සංවාදය අතරතුර තෙන්ඩුල්කාර් පවසා සිටියේ ජේසන් හෝල්ඩර් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම අවතක්සේරු කළ තුන් ඉරියව් ක්‍රීඩකයා බවයි.

“ජේසන් හෝල්ඩර් අවතක්සේරුවට ලක් වුන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. මොකද අපි පිටියේ දී කේමාර් රෝච් හෝ ෂැනන් ගේබ්‍රියෙල් දෙස විතරයි බලන්නේ. නමුත් තරගයෙන් පස්සේ ලකුණු පුවරුව දෙස බලද්දී ජේසන් කඩුලු 3ක් අරන්. එතකොට තමයි ජේසන් ගැන බලන්නේ” එම සංවාදය අතරතුර දී තෙන්ඩුල්කාර් බ්‍රයන් ලාරාට පැවසීය.

“IPL එළියට ගෙනියන්නේ ඉන්දියාවේ බැරිමනම් විතරයි” භාණ්ඩාගාරික

“ඔහු පන්දුවට පහර දෙන විට, ඔහු එම තීරණාත්මක ලකුණු 50-55ක් ලබා ගන්නවා. ඒත් අපි ඔහු දෙස බලන්නේ නැහැ. ඔහු අවතක්සේරුවට ලක් වුන ක්‍රීඩකයෙක් කියලා මට හිතෙනවා. නමුත් ඔහු කොදෙව් ජයග්‍රහණවලට නිතිපතා දායක වෙනවා. ඔහු කොදෙව් කණ්ඩායමේ සිටිය යුතු විශිෂ්ට ක්‍රීඩකයෙක්” තෙන්දුල්කාර් තවදුරටත් පැවසීය.

තෙන්ඩුල්කාර් එංගලන්තයේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටොක්ස් පිළිබඳවත් කණ්ඩායමේ නායකයා ලෙස ඔහුගේ නව භූමිකාව පිළිබඳව ද අදහස් දක්වා තිබුණි. බෙන් ස්ටොක්ස් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි බව තෙන්දුල්කාර් එහි දී පැවසීය.

“බෙන් ස්ටොක්ස්, අද ඔහු සිටින තැන බැලුවම එය සම්පූර්ණයෙන්ම වෙනස්. එය පුදුමාකාර පරිවර්තනයක්. ක්‍රීඩකයෙක්ට එය කරන්න පුළුවන් වෙන්නේ මානසික ශක්තියෙන් විතරයි. මීට වසර කිහිපයකට පෙර මම ඔහුව මුලින්ම දකිද්දී ඔහුගේ ක්‍රීඩා රටාවේ එතරම් ධනාත්මක හා විචිත්‍රවත් බවක් තිබුණේ නැහැ. ඒත් ඔහු එම ධනාත්මක ශක්තිය හා හැකියාව වර්ධනය කරගන්න මහන්සි වෙනවා මම දැක්කා.” 

ලංකාවෙන් ඉගෙන ගෙන එංගලන්ත පිතිකරුවා බර අඩුකරන්

“තවත් කාලයකට පස්සේ ලෝකය බෙන් ස්ටෝක්ස් දිහා බලලා ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්, ඉයන් බොතම් වගේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයින් එක්ක බෙන් ස්ටෝක්ස් ඉන්න බව කියාවි. මම ඔහුව ඉතා ඉහළින් අගය කරනවා. ඔහු කණ්ඩායමට දක්වන බලපෑම ප්‍රබල එකක්.” 

එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා වූ අතර එදින යවා තිබුණේ පන්දුවාර 17ක් පමණි. එහි දී එංගලන්ත කණ්ඩායම තම පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියහ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<