මිතුරියේ…

Share

නික්ම යමු

මහ නුගේ යට දී,

දිනෙක…

හමු වූ ලෙසින් ම

එදා,

එහිදී ම…

නොලදත් නැවත,

හමුවීමට වරම්…

නොමැකී තියෙයි සැමදා

ඒ සොඳුරු මතක…

පවතීවි අප මිතුරුදම

මහ නුගේ සේ….

අප හමු නොවුණත් පෙර ලෙසින්…

වරම් ලදොත් අප,

හමුවන්නට යළි…

හමු වී බෙදාගමු

ඒ මතක හැම…..

 

Written by Isira Wijekoon

Picture credit : https://bit.ly/3dWrX5R

 
Tagged : /