කෝලිට එරෙහිව බරපතළ චෝදනාවක්!

449

ඉන්දීය නායක විරාත් කෝලි හට සිතා මතා එකිනෙකට ඝට්ටනය වන තනතුරු දැරීමේ (conflict of interest) චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආචාරධර්ම පිළිබඳව බලධාරියා වන විනිසුරු ඩී. කේ. ජේන් හට කෝලි දරන තනතුරු දෙකක් පිළිබඳව එම චෝදනාව ගොනු කර තිබෙනවා. 

කෝලි ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන අතරම ඔහු අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සමාගමක ඔහු යටතේ කටයුතු කරන සම අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් Cornerstone Sport and Entertainment නම් ආයතනයකට ද සම්බන්ධව කටයුතු කිරීම මේ චෝදනාව එල්ල වීමට හේතුවයි. Cornerstone Sport and Entertainment නම් ආයතනයේ ගනුදෙනුකරුවන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්.

මෙන්ඩිස්ට ඇප; රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

“මට පැමිණිල්ලක් ලැබී තිබෙනවා” විනිසුරු ජේන් PTI වෙත පසුගිය ඉරිදා පවසා සිටියා. “මම ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා බලන්නම් නඩුවක් ගොනු කරන්න කරුණු තිබෙනවා ද කියලා. එහෙම නම් මම කෝලිට අවස්ථාවක් ලබා දෙනවා කරුණු දක්වන්න.”

මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමයේ සාමාජිකයෙකු වන සංජීව් ගුප්තා පසුගිය ජූලි 4 වැනිදා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා. ඔහු මීට පෙර සචින් ටෙන්ඩුල්කාර්, වී. වී. එස්. ලක්ෂ්මන් හා රාහුල් ඩ්‍රාවිඩ් වැනි ක්‍රීඩකයින්ට ද මෙවැනිම පැමිණි ගොනු කර තිබීම විශේෂත්වයක්.

“ඉන්දීය උපරිමාධිකරණය විසින් අනුමත කරන ලද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ 38 (4) වැනි නීතිය කඩ කරමින් විරාත් කෝලි එකිනෙකට ඝට්ටනය වන තනතුරු දෙකක් එකම වේලාවේ දරමින් සිටිනවා” Cricbuzz වෙබ් අඩවිය ගුප්තාගේ පැමිණිල්ල උපුටා දක්වමින් සටහන් කර තිබුණා. “ඔහු එසේ තනතුරක් දැරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති පොතේ 38(1) (iii) කොටසේ,  A – 38(4)(a) – ක්‍රීඩක, 38(4)(o) – කොන්ත්‍රාත්තු ගත පුද්ගලයෙක් යන අංශ අනුව වැරදියි.”   

“VIRAT KOHLI SPORTS LLP සමාගමට අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් විරාත් කෝලි, අනෙක් පුද්ගලයා අමිත් අරුන් සජ්ඩේ. CORNERSTONE VENTURE PARTNERS LLP නම් සමාගමට අධ්‍යක්ෂකවරු තිදෙනෙක් සිටිනවා. ඒ විරාත් කෝලි, අමිත් අරුන් සජ්ඩේ හා බිනෝයි භාරත් කිම්ජි.”

නවකයෙකු අවධියේ අත දුන් අය ගැන අසාම් කතා කරයි

“අමිත් අරුන් සජ්ඩේ හා ශ්‍රී බිනෝයි කිමාජ් දෙදෙනා CORNERSTONE SPORT AND ENTERTAINMENT PRIVATE LIMITED නම් සමාගමේ ද අධ්‍යක්ෂවරුන්. ඔවුන් සමඟ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තුගතව සිටිනවා.”

Cricbuzz ඇසුරින්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<