Monday, July 6, 2020

නිව්‍ යොක් නුවර ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් පිළිරුව විනාශ කර දමයි.


ඇමරිකාවේ කළු ජාතීන්ගේ නිදහස වෙනුවෙන්  කැප වූ ෆෙඩ්‍රික් ඩග්ලස් ගේ පිළිරුව ඇමරිකානු ට්‍රම්ප් වාදී සුද්දන් විසින් විනාශ කර දමා තිබේ. භාෂා ගණනාවකට පරිවර්තනය වූ වහල් භාවය ග්‍රන්ථය  නිර්මාණය කළ ෆෙඩ්‍රික් ඩග්ලස්, සුදු ජාතිකයන් විසින්, වහලුන් ලෙසට ඇමෙරිකාවට ගෙන ආ කළු ජාතිකයන් ගේ විමුක්ති අරගලයට නායකත්වය දෙනු ලැබූවෙකි.

කොවිඩ් 19 - වසංගතයෙන් මේ වනවිට 132 000 කට අධික ජීවිත බිලි ගන්නට ඉඩ හැර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පැතිරෙන BLM (Black Lives Matter) ව්‍යාපාරයට එරෙහිව ආයුධ ගෙන සිටින
අන්ත දක්ෂිනාංශියකයින් විසින් මෙම විනාශය සිදු කර ඇත්තෙ ජූලි 4 නිදහස් දින යේදීය.


ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් ගේ ''වහල් භාවය'' පොත ආසියානු මානව හිමිකම් පොත සිංහලයට පරිවර්තනය තිබේ.

No comments:

Post a Comment