මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 16, 2020

වාර්තා චිත්‍රපට සහ කෝවිඩ් සංක්‍රාන්තිය - චිත්‍රපට තුලින් ලෝකය දකිමු 6.

Quite flows the Don / Tikhiy Don new 2015,14 part series: Amazon ...

ලෝකයේ බිහිවූ චිත්රපට අතුරින් වාර්තා චිත්රපට වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. සමහර වාර්තා චිත්රපට සදහා ඒවායේ නිර්මාණකරුවන් වසර ගණනාවක් පර්යේෂණ කටයුතු වල යෙදෙනවා . සමහර විට වසර ගණනාවක් රූපගත කිරීම් වල යෙදෙනවා.

ඒවායේ භාවිත වන ප්රයෝග, අදහස් ඉදිරිපත් කිරීම් සහ සනාථ කිරීම සදහා යොදාගන්නා සම්පත් දායකයින් නිසා කරුණු නරබන්නන් ගේ සිත තුල ඇද බැද ගන්නවා.සමහර දර්ශන නිරූපණය සදහා යොදාගන්නා නළුවන් සහ පැරණි චිත්රපට දර්ශණ අපව සිදුවීම් තුලට ගෙනයනවා. 

කොවිඩ් 19 සංක්රාන්ති සමයේ නිවසේ සිට රාජකාරි කරන අතරේ දිනපතා සතියේ දිනවල නගරයට යන ඉතිරි වූ කාලයේ සහ කාර්ය බහුල සති අන්තයන්ගේ ඉතිරි වූ කාලයේදී මටත් එවන් වාර්තා චිත්රපට මාලාවන් රැසක් බලන්නට ඉඩ ලැබුණා . පහුගිය මාසවල චිත්රපට තුලින් ලෝකය දකිමු ලිපි මාලාව ගැන ප්රතිචාර දැක්වූ ඔබ සමග ඉන් කිහිපයක් බෙදාගන්නට හිතුවේ නිසයි. 

Desmond Morris with a statue of Artemis at Ephesus, Turkey ...

DVD Movie Case Icons, documentary transparent background PNG ...

col3negoriginal | col3neg col3negoriginal.com Col3neg Original


ගග දිගේ .....(2008)

Ganga Dige - with Jackson Anthony - Episode 15 22-11-2016 | 2016 ...

2008 දී ස්වර්ණවාහිනිය තුලින් විකාශය වූ මේ වාර්තා චිත්රපට මාලාව තුලින් මහවැලි ගග පටන් ගන්නා තැන පටන් මුහුදට වැටෙනා තැන දක්වා අපූරු ගමනක යෙදෙනවා.

ඉතා විශාල පරිශ්රමයකින් කෙරුණු ත්රාසජනක මේ ගමන අධ්යක්ෂණය කලේ දැන් අප සමග කැනඩාවේ සිටින ප්රවීණ රූපවාහිනී මාධ්යවේදී කෝසල මකුලොළුව විසින්. ප්රවීණ මාධ්යවේදී ජැක්සන් ඇන්තනි තම සුපුරුදු දස්කම් දක්වමින් අපූරු විදිහට අපව ගග දිගේ ගෙනයනවා.  

පළමු වැඩසටහන සදහා යු ටියුබ් දිගුව 




DVD Movie Case Icons, documentary transparent background PNG ...

Is 'Greatest Events of WWII in Colour' available to watch on ...

Greatest Events of WW2 in Color

Greatest Events of WWII in Colour' Netflix Review: Stream It or ...

දෙවන ලෝක යුද්ධය නිමා වී මේ වසරේදී 75 වසරක් ගෙවී ගියා. ඉතා විශාල මිනිස්  සහ දේපල සංහාරයක් කරමින් 1939-1945 කාලයේදී ලෝ පුරා ඇවිල ගිය මේ දේශපාලන බල අරගලය මැද බොහෝ දේ සිදුවී තිබෙනවා. එමගින් අහිමි වූ ජීවිත නැවත ලබාගත නොහැකි වුවත් හරහා ලොවට දායාද වූ බොහෝ නව නිෂ්පාදන සහ ක්රමෝපායන් වර්තමාන ලෝක දියුණුවට හේතු වී තිබෙනවා.

 මේ චිත්රපට මාලාව  Netflix  නිෂ්පාදනයක්.


DVD Movie Case Icons, documentary transparent background PNG ...


Desmond Morris' The Human Sexes: Iii Patterns Of Love: Amazon.ca ...

The Human Sexes (1997)

The Human Sexes" by Desmond Morris - episode 6: The Gender Wars ...

1997 දී නිමවුණු  මේ චිත්රපට මාලාව තුලින් ගැහැණු සහ පිරිමි ලිංගිකත්වයේ පරිණාමය ලොව වටා නිදසුන් අතරින් ගල් යුගයේ සිට වර්තමානය දක්වා හේතු සාධක සහිතව ඉදිරිපත් වෙනවාමේ වැඩසටහන රූප සොබාවේ පටන් ගති ලක්ෂණ දක්වා ගැහැණුන් සහ පිරිමින්ගේ විවිධත්වය මතින් ලෝකය කරනා ගමන ගැන කියැවෙනවා.

තාක්ෂණික හේතුවක් මත මට මෙයට එකතු කල නොහැකි වුවත් මේ දිගුව ඔස්සේ ඔබට මෙය බලන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=fgfn-eoVU_w

DVD Movie Case Icons, documentary transparent background PNG ...

 Conspiracy | Netflix

Conspiracies

Conspiracy | Netflix

ලෝකයේ සිදුවී තිබෙන බොහෝ අබිරහස් සහ ජනප්රිය සිදුවීම් තුල ඇති ඇතුලාන්ත කථා හරහා අප දන්නා කතාව තුල ඇති සැබෑව සහ මවාපෑම පිළිබද විශ්ලේෂණයක් මේ වැඩසටහන් මාලාව තුලින් කියැවෙනවා.  

මේ චිත්රපට මාලාව  Netflix  නිෂ්පාදනයක්.

DVD Movie Case Icons, documentary transparent background PNG ...

 Movie of the Week: "And Quiet Flows the Don" - Fort Russ

 Tikhiy Don   (Russian)

Quite flows the Don / Tikhiy Don new 2015,14 part series: Amazon ...

Mikhail Alexandrovich Sholokhov ගේ  And quiet flows the don නවකථාව ඇසුරින් 2015 දී රුසියානු බසින් කෙරුණු  රූපවාහිනී වෘතාන්ත මාලාව දොන් ගංගා නිම්නයේ 20 වන සියවස මුල විසු කොසැක් වරුන්ගේ ජීවන කතාවක් එළි දක්වනවා. පළමු ලෝක යුද්ධය සහ 1917 රුසියානු විප්ලවය ගැන සදහන් මේ ගැන මට කීවේ  ප්රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති. (කොළඹ ගමයා ) මා රුසියානු බස නොදන්නවා වුණත් කථා මාලාව මගේ හිත ගත්තා. 

තාක්ෂණික හේතුවක් මත මට මෙයට එකතු කල නොහැකි වුවත් මේ දිගුව ඔස්සේ ඔබට මෙය බලන්න පුළුවන්.  

https://www.youtube.com/watch?v=DfSiwILaJ2o&t=1373s







Tikhiy Don (2015-)

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි,

Ganga Dige 20 | Col3neg Television


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  

Greatest Events of WWII In Color (2019) - an incredible - and ...

No comments:

Post a Comment