Translate

Monday, June 29, 2020

බාලදක්ෂයන්ට අවශ්‍ය තරු රටා

අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය. බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බවයි සැලකෙන්නේ. තරු විශ්වයේ පැරණිම වස්තූන්ය. තරු සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහා හීලියම් යන වායු එකතු වීමෙනි. මේවයේ න්‍යෂ්ටික සංයෝගය නිසා තරු බබළනවා. තාරකා විවිධ ප්‍රමාණයෙන් යුක්තයි. කහා පාටට හුරු පාටින් බබළන හිරුද තාරකාවක්. හිරුට වඩා විශාලත්වයෙන් කුඩා තාරකාවෝ රතු පාටට හුරු ලෙසින්ද විශාලත්වයෙන් වැඩි තාරකාවෝ නිල් පාටින්ද බබලති. 

 

ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඒවා ඉතා ආකර්ශණීය ලෙස පොළොවේ සිට නරඹන අප හට දිස් වේ. ආකාශ වස්තූන් සිතියම්ගත කිරීමේ පහසුව සඳහා තාරකා රටා හඳුන්වා දීම පැරණි නාවිකයන් ගොවීන් මෙන්ම තාරකා විද්‍යාඥයින්ගේද නිරීක්ෂණයන්ට අනුව සිදු වී ඇත. මෙහි ආරම්භය මින් වසර 6000කට පමණ පෙර සිදු වූ බව මෙසපොතේමියා ශිෂටාචාරයේ සාක්ෂිවලට අනුව සපථ වේ. විවිධ ජාතීන් විසින් තරු රටා සිතියම්කොට විසිතුරු නම් ලබා දුන්නද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය නොවිණි. විශේෂයෙන්ම දකුණු භාගයේ වෙසෙන්නන්ට උත්තර ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. උතුරුබාගයේ වෙසෙන්නන්ට දරුණු ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. මේ හේතුවෙන් සමහර තරු කණ්ඩායම් ඔවුනොවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහුණි. පැරැන්නන්ගේ දෘෂටියෙන් ගිලිහුණු තරු පොකුරුද නිරීක්ෂණයකොට දැනට පවතින නවතම තරු රටා ඉදිරිපත් කරන ලද්දේ 16 වන සියවසයේදීය.  දැනට පවතින තරු රටා 88ක් සහිත සිතියම නිර්මාණය වූයේ 1922දීය. එය අන්තර්ජාතික තරකා විද්‍යා සංගමය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී. 
 
ඒවායේ පැහැය වෙනස් වන්නේ ශක්ති ප්‍රමාණයෙනි. අපට ආසන්නතම තාරකාව වන්නේ ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාවය. එයට ඇති දුර ආලෝක වර්ෂ 4.3 කි. තරු පිලිබදව එදා මෙන්ම අදත් මිනිසා තුළ ඇත්තේ කුතුහලයකි. පැරැන්නෝ තරු මගින් අනාවැකි කියන්නත් දිශාවන් සොයා යෑමටත් පුරුදු වී සිටියේය. එසේම ඔවුන් තාරකා රටා සඳහා විවිධ නම් තැබුවෝය. එවැනි තාරකා රටා 88 ක් පමණ ඇති අතර ඉන් 18 ක් පමණ පැහැදිලිව දැකිය හැකියි.
කලක් ගත වෙද්දී ආකාශය තාරකා මණ්ඩල නැතහොත් රාශි වලින් පිරී ගිය අතර රාශි වලට සීමා මායිම් නොතිබු නිසා රාශි කිහිපයකම පවා එකම තරුව  ඇතුළත් ව පැවතිණි.  අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමය මේ සම්බන්ධව අවධානය යොමු කර, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1925 දී, නිල වශයෙන් පිළිගත් තරු රාශි 88 ක් හඳුනාගෙන ඒවා සඳහා නිශ්චිත ප‍්‍රදේශ හා විශේෂිත රාශි නාම හඳුන්වා  දුන්නේය. එම හඳුන්වාදීමේ දී ඔවුන් රාශී පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රාශී සමග සම්බන්ධ කර තිබූ පුරා වෘත්ත  පිළිබඳව සැලකිල්ලක් යොමු නොකරන ලදී. ඇත්තවශයෙන් ම ඔවුන්ගේ මෙම නාමකරණයෙන් පසු මෙම රාශී පෙර මෙන් මනඃකල්පිත සතුන් සමග සහ මනඃකල්පිත චරිත සමග ගැලපුනේ නැත.

 
අහසේ තරු පිහිටා ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා තාරකා මණ්ඩල නැතහොත් තරු රාශී උපකාරී වනු ඇත. තරු රාශීයකට මනඃකල්පිත සීමාවක් ඇති අතර එම සීමාව ‘‘තිත් යා කිරීම’’ මගින් සිදු  කර ඇත. එක් රාශී සීමාවක් තුල පිහිටා ඇති සියළුම තාරකා නම් කරනු ලැබ ඇත්තේ  එම රාශීයට දී ඇති නාමයත් සමගිනි. කෙසේ වෙතත් අප සිහි තබා ගත යුත්තේ මේ රාශී ඇත්ත වශයෙන් ම නොපවතින දේවල් බව හා ඒවා අප පෘථිවියේ සිට නිරීක්ෂණය කරන ස්ථාන අනුව පෙනෙන රටාවන් ම පමණක් බවයි. රාශියක විශාල කොටසක් දක්නට ලැබීම අහඹු සිදුවීමක් පමණි. තරු රාශියක පිහිටා ඇති තනි තනි තාරුකා එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබෙන බව අපට පෙනුනත් ඇත්ත වශයෙන් ම ඒවා එකින් එකක් වෙන් වී ඇත්තේ ඉතාමත් ම විශාල දුර ප්‍රමාණවලින් වන අතර ඒවා එකිනෙකක් අතර කිසිම සම්බන්ධයක් ද නොපවතී. උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූපය බලන්න. එය ඔරායන්  (අපට වඩා හුරු අන්දමට කීවොත්) මුව සිරස රාශියයි. මෙම රාශියේ පිහිටා ඇති අපට පහසුවෙන් නැරඹිය හැකි තරු, එකිනෙකකට පෘථිවියේ සිට පවතින්නේ බොහෝසෙයින් වෙනස් වූ විවිධ දුර ප්‍රමාණයන්ය.

 
අතීතයේදී මෙම තරු රටා හැඳින්වූ කොන්ස්ටලේෂන් (constellation) යන වචනය ලතින් භාෂාවේ කොන්ස්ටලේටියෝ (constellātiō) යන වචනයෙන් බිඳි ආ වචනයකි. එහි තේරුම් තාරකා කණ්ඩායමක් යන්නයි. එම වචනය මුලින්ම පාවිච්චි කෙරුණේ ජෝතිෂ්‍යය විද්‍යාවේ එන තරු රටා හැඳින්වීමටය. ජෝතිෂ්‍යය විද්‍යාවේ එන රාශි චක්‍රය (Zodiac) යනු, ඛගෝලයේ (Celestial Sphere) සූර්යයා සහ ග්‍රහලෝක දෘශ්‍ය චලිතයක යෙදෙන මාර්ගය වන ක්‍රාන්තිවලය (ecliptic) මත පිහිටා ඇති අප කවුරුත් දන්නා තරු රටා 12 ය.
රාත්‍රී අහසේ පියවි ඇසින් අපිට බලා ගැනීමට ලැබෙන දේවල් අතර තාරකා කණ්ඩායම් මවන විවිධ රටා ප්‍රමුඛස්ථානයක් ලබා ගනී. දඩයක්කාරයා, මහ වලසා ගෝනුස්සා වැනි ප්‍රසිද්ධ තාරකා රටා රාත්‍රී අහසේ පහසුවෙන් හඳුනාගැනීමට හැකිය. අතීතයේදී විවිධ ශිෂ්ටාචාරවලට අයත් මිනිසුන් අහස දෙස බලා ඔවුන්ට පෙනෙන ආකාරයට තමන් ඇදහූ දෙවිවරු, පුරාවෘත්තයන් වල එන වීරවරයන් හා විවිධ සතුන් නිරූපණය වන පරිදි තාරකා යාකොට මෙම තරු රටා නිර්මාණය කරන ලදී. අතීතයේදී මිනිසුන් නාවික හා ගමනා ගමන කටයුතු සඳහා දිශාව සොයාගැනීමට, කෘෂිකාර්මික කටයුතු සිදුකරගැනීම සඳහා වසරේ විවිධ සෘතු වෙන්කර හඳුනාගැනීමට, දිනය හා වේලාව නිශ්චිතව සොයා ගැනීමට මෙන්ම අහසේ විවිධ තාරකා පහසුවෙන් සොයා ගැනීමට ද තාරකා රටා උපයෝගී කරගන්නා ලදී.

බාලදක්ෂයන්ට අවශ්‍ය වන තරු රටා

මහා වලසා – Urasa Major
උතුරු අහසේ පැහැදිලිව දිස්වෙන මෙය ග්‍රේඩ් ඩියර් නමින්ද හඳුන්වයි. නැවියන් ධීවරයන් කාන්තාර තරණය කරන්නන් විසින් උතුරු දිශාව තීරණය කිරීමට ධ්‍රැව තාරකාව යොදා ගනී. මෙය මහ වලසා යන නාමයෙන් හඳුන්වන්නේ  තරු රටාව හා සම්බන්ධ පුරාවෘතයකට අනුවය. චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද, ඉන්දියාවේ නගුල ලෙසින්ද, රුසියාවේදී මහවලසා ලෙසින්ද, හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය. මෙය ආදි ග්‍රීක ජාතිකයන්ගේ පුරාවෘතයකට අනුව පටබැඳි නමක් ලෙසද කියැවේ.

මෙය මහවලසා ලෙස හැදින්වෙන තරු රටාව හා සම්බන්ද පුරාවෘතයකි.චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද ඉන්දියාවේ නගුල ලෙසින්ද රුසියාවේදී මහවලසා ලෙසින්ද හදුන්වනු ලබන්නේ එකම තාරකා රාශියකි.මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය.එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හදුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය.මෙය ආදී ග්‍රීක ජාතිකයන්ගේ පුරවෘතයකි.ඔවුන්ද මෙම තරු රටාව දුටුවේ වලසෙක් ලෙසිනි.එහෙත් මෙම වලසාගේ වලිගය දිගු වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය.මේ කතා ප්‍රවෘතියේ වලසාගේ වලිගය දිගු වීම අපුරුවට විස්තර කරන්නේ මෙලෙසිනි.

එකමත් එක කාලෙක ආකේඩා නම් නම් රටේ ලාකුන් නම් රජෙක් පාලනය කළා.ඔවුට කැලිස්ටෝ නමින් ඉතා ලස්සන දූ කුමරියක් සිටියා.ඇය මුළු මහත් කන්යාවන්ගෙන්ම පැහැයෙන් අග තැන්පත්.ඇය කෙතරම් ලස්සනද කිවහොත් දෙවුදුවටත් වඩා ලස්සනයි.හේරා දෙවගන මේ කුමරියට වෛර කරන්නට ගත්තා.ඇයට අවශ්‍ය වුයේ කැලිස්ටෝගේ ස්ථානය අයත් කර ගැනීමටයි.හේරාට මන්ත්‍ර බලයක් තිබු බැවින් ඇයට ඕනෑම දෙයක් කල හැකියි.හේරා කැලිස්ටෝව අප්‍රසන්න වලහෙක් බවට පත් කළා.

හේරාගේ ස්වාමි පුරුෂයා වූ සර්ව බලධාරී සුස් දෙවියාට මේ කැලිසිටෝ ගැන අනුකම්පාවක් ඇති වුනා.ඔහු මේ ප්‍රශ්නයට මැදිහත් වන විට ප්‍රමාද වැඩියි.කැලිස්ටෝ අතුරුදහන් වෙලා.කැලිස්ටෝ සොයා ගන්නා විට ඇය ඉතාමත් කැත වලසෙක් බවට පත් වී හමාරයි.සුස් දෙවියා දුවගෙන යන කැලිස්ටෝ වලසාගේ වලිගයෙන් අල්ලා ගත්තා.එසේ වලිගයෙන් ඇද අහසට විසි කළා.ඔවු කෙතරම් වැර යොදා වලිගයෙන් ඇද්දා ද යත් වලසාගේ වලිගය දිගු වුනා.මේ දිගු වලිගය සහිත වලසා අදටත් උතුරු අහසේ තරු රටාවක් වී අපට දිස් වෙනවා.

මහ වලසාද පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේ මධ්යම රාත්රියේ අහසේ උතුරු දෙසට වන්නට මඳක් ඉහළින් තමයි මෙම තරු රටාව තියෙන්නේ. මේ තරු රටාව බලන්න පොඩ්ඩෝ මධ්යම රත්රිය වෙනකම් තියා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක් වෙයි. දීප්තිමත් තරු 07කින් තියෙන මේ තරු රටාව චතුරස්රයක හැඩැති තරු හතරකින් පෙන්වනවා වගේම නැගෙනහිරට වන්නට වලසාගේ වලිගය පෙන්වන තරු 03ක් දකින්න තියෙනවා ..මෙම තරු රටාවේ තිබෙන විශේෂත්වයක් වන්නේ පෝලාරිස් හෙවත් ධ්රැව තාරකාව මෙහි පිහිටා තිබීමයි. මෙම තරුවෙහි පිහිටීම වෙනස් නොවන අතර මේ මාස වල නාවිකයන්ට හා කාන්තාරයේ ගමන් ගන්නා පිරිසට උතුරු දිශාව මෙන්ම තමන් සිටින අක්ෂාංශයන් හඳුනා ගැනීමට උපකාර වෙනවා.

කුඩා වලසා – Urasa Minor
පෘථවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටා ඇත. මෙය තරු 07 කින් සමන්විත තරු රටාවකි. 

දඩයක්කාරයා  – Orion

දඩයක්කරුගේ රුව නිරුපණය කරන තරු රටාවකි. තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක. පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මෙමඟින් මැනවින් නිරූපනය කරයි. උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැකිය. දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් ද සමන්විත වේ. මීට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී. මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එය අප සුර්යාටත් වඩා අතිශයින් විශාල වේ. Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යා මෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි. ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තාරකා ත්‍රිත්වය මෙහි විශේෂත්වයක් උසුලයි. 

මේ තාරකාව අපිට පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේදී රාත්රී අහසේ 08 ට වගේ දැකින්න පුලුවන් ජනප්රියම තරු රටාවයි..... මේක තියෙන්නේ ටිකක් අහස මුදුනට වන්නට . ඉතා දැවැන්ත නිල් පාට තරු රටාවක්...දීප්තිමත් තරු 07 ක් සහ දීප්තියෙන් අඩු තරු 06 ක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ තරු රටාවේ උරහිස් දෙක සහ දණහිස් දෙක සලකුණු කරන තරු 04 ක්ද, බඳපටියෙහි ඇති තරු 03 විශේෂත්වයක් ගන්නවා වගේම ඒ තරු 3 දීප්තිමත් තරු 07ට ඇතුළත්ව තියෙනවා. හිස සලකුණු කරන තරු 03 හා බඳපටියෙන් එල්ලෙන කඩු කොපුව සලකුණු කරන තරු 03 දීප්තියෙන් අඩු තරු. දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමුව පිහිටන නිසා දිශාව හඳුනා ගැනීමට මෙය උපකාර වේ. ඇල්පා ඔරියෝනිස් නමි රතු පැහැති යෝධ තරුවකින් හා බීටා ඔරියෝනිස් නම් නිල්පැහැ යෝධ තරුවකින් මෙය සමන්විත වෙනවා . මෙම තරු දෙක අහසෙහි ඇති යොධ තරු 20 ට ත් අයත් වෙනවා .


   
හත්දින්නත් තරු
වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප‍්‍රකටය.) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. ඒ අනුව හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන්  අසීරුය . ඒ නිසම දෝ මේ තරු 7 ගණන්  අසුභ යයිද මතයක් ඇත . එය පිහිටියේ (ගොනාගේ ඇස යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටෝරස් (Taurus - වෘෂභ) රාශීයේ දීප්තිමත්ම තරුව වන) ඇල්ඩිබැරන් තාරකාවේ සිට පූර්ණ චන්ද්‍රයන් 20ක පමණ පළලක් ඇති දුරකින්ය. ප්ලෙයාඩේස් තරු පොකුරේ දීප්ති‍මත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා (the Seven Sisters) සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි. මෙකී තරුපොකුර අනාදිමත් කාලයක සිට වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබීය. ජපානයේදී සුබාරු යන නමද ඒ අතරවේ.
 

සිංහ – Leo
උතුරු අහසේ පායන දීප්තිමත් තරු රටාවකි. රේගුලස් නම් දීප්තිමත් තාරකාව මෙහි පිහිටා තිබේ. මෙය නැගෙනහිර දිශාවට යොමුව තිබේ.
රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

මහා බල්ලා – Canis Major
බල්ලෙකුගේ හැඩයෙන් යුත් තරු රටාවකි. දඩයක්කරයා (ඔරායන්) තාරකා මණ්ඩලයට මදක් නැගෙනහිර පිහිටා තිබේ. බල්ලාගේ හිස කොටසේ සීරියස් නම් දීප්තිමත්ම තාරකාව පිහිටා තිබේ. මේ තාරකාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රි 08ට පමණ රාත්රි අහසේ දැකින්න පුළුවන් . ඔරායන් තරු රටාවේ බඳපටිය දක්වන තරු තුන සිතින් යා කර එම රේඛාව ඔස්සේ නැගෙනහිර දෙසට ඇස් යැවූ විට දකින්න පුළුවන් දීප්තිමත්ම තරුව. එය සීරියස් නමින් මේ තරු රටාවට ඇතුළත් වෙනවා. මහ බල්ලා තරු රටාව දීප්තිමත් තරු 08කින් යුක්ත වෙනවා
කුඩා බල්ලා -Canis Minor
මෙය පෘථවියේ සිට ආලෝක වර්ෂ 11.3 දුරින් පිහිටා තිබේ එහිද ප්‍රොසියොන් යයි නම් කෙරුණු තරමක දීප්තිමත් තාරකාවක් පිහිටා තිබේ.  
දකුණු කුරුසය – Southern Cross
දකුණු අහසේ පිහිටා තිබෙන මෙය දීප්තීමත් තාරකා මණ්ඩලයකි. එසේම තරු රටා අතර කුඩාම තරු රටාව වේ. කුරුසයක හැඩය ගන්නා මෙම තරු රටාවේ දිග බහුව සෑම විටම දකුණටම යොමු වී ඇති නිසාම එය දිශා දර්ශක තරකා මණඩලයක් ලෙස හැඳින්වේ.

 
විවිධ රටාවන්ට අනුව හැඩ ගැසුණු තරු පොකුරු රාතී‍්‍ර අහසේ දර්ශනය වෙයි. හඳුනා ගැනීමේ හා මතක තබා ගැනීමේ පහසුව තකා පැරන්නන් ඒවා සමග විවිද මනඃකල්පිත සතුන් හා චරිත ඈදා විවිධාකාර මිත්‍යා කතා ගොතා ඇත. අතීතයේ දී  මේවා තරු කාණ්ඩ හෙවත් තරු පොකුරු ලෙස හඳුන්වනු ලැබ තිබේ. පසු කාලීනව තාරකා විද්‍යාඥයෝ අහසේ තරු සිතියම් ගත කිරීම අරඹා නම් කරන ලද තරු රටා ඒවාට ඇතුළත් කර ඒවා තරු රාශි  නැතහොත් තාරකා මණ්ඩල ලෙසින් නම් කළෝය. වර්ෂයේ විවිධ කාල වලදී විවිධ රාශි අහසේ දර්ශනය වෙයි. අප පෘථිවිය මත සිටින ස්ථානය අනුව ද අපට වෙනස් රාශි දර්ශනය වෙයි. ඒ අනුව රාශි චක්‍රය ඇසුරින් නිර්මාණය වූ තරු රටාවන් ද හදුනා ගත හැකියි. 
 
මේෂ – Aries
රාශි චක්‍රයේ පලමු තරු රටාවයි. එළුවෙකුගේ හැඩයෙන් යුත් මෙම තරු රටාව උතුරු අහසේ දිස් වේ.
කටක – Canser
කකුලුවෙකුගේ හැඩය ගත් තරු රටාවකි. ප්‍රධාන තාරකා පහකින් සමන්විතය.

කන්‍යා -Virgo
මෙම තරු රටාවෙන් නිරුපණය වන්නේ මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවකි. අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින දෙවන තාරකා මණ්ඩලය වේ. දීප්තිමත් බවෙන් 15 වැනි ස්ථානය හිමි කරගන්නා තරකාවද මෙයයි.
මකර – Capricornus
මෙම තරු රටාව මුහුදු අශ්වයෙකුගේ හැඩයෙන් නිරූපිතය. දීප්තිමත් තාරකා තුනකින් සමන්විත මේම තරු රටාව ද අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
කුම්භ – Aqurius
වතුර කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරුපණය කරන තරු රටාවකි. විශාල තරු රටාවක් වුවද එතරම් දීප්තිමත්ව නොපෙනේ.
මීන – Pisces
ප්‍රධාන තාරකා 21 කින් සමන්විතය. මෙය දීප්තියෙන් අඩු තරු රටාවකි. මාළුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුත් මෙම රටාව උතුරු අහසේ දිස් වේ. මේ තරුවද පෙබරවාරි මාසයෙ සහ මාර්තු මාසවලදී රාත්රී 08 ට පමණ රාත්රි අහසේ දකින්න පුළුවන් . මිථූන රාශියෙහි නිවුන් සහෝදරයන් දෙදෙනාගේ ශිර්ෂ දෙක මඳක් නැගෙනහිරට වන්නට ඇති දීප්තිමත් එකළඟ පිහිටි තරු දෙකකින් පෙන්වනවා.මේ තරු දෙක කැස්ටරි හා පොලකස් නමින් වෙනවා.මිථුන තරු රටාව තරු 13 කින් යුක්තයි.

වෘෂභ – Taurus
ගවයෙකුගේ හැඩය ගත් විශාල තරු රටාවකි. මේ තාරකා මණ්ඩලයට දඩයක්කරයා තරු රටාවට මදක් උතුරට බරව බටහිර දෙසින් දිස්වේ. මෙහි ඇල්ඩ්බාරාන් නම් රතු පැහැති දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. වෘෂභ තරු රටාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රී 08ට පමණ දකින්න පුළුවන් ඔරායන් තරු රටාවට බටහිර දිශාවෙන් මෙන්ම තරමක් උතුරු දිශාවට වන්නට V අකුරේ හැඩයෙන් යුතු තරු පොකුරක් ලෙස අපිට දකින්න පුළුවන් . මේ තරු රටාවේ 'ඇල්ඩෙබරන්' නම් දීප්තිමක් රතු තරුවක් තියෙනවා . ඔරායන්ට පහරදීමට සැරසී සිටින ගවයෙකුගේ එක් ඇසක් මෙම තරුවෙන් පෙන්වනවා. දීප්තිමත් තරු 05න් ගවයාගේ ශීර්ෂය V හැඩයට තමයි පිහිටල තියෙන්නේ..V අකුරේ බාහුදෙකට තරමක් ඉහළට වන්නට ගවයාගේ අං දෙකෙහි කෙළවරයන්හි පිහිටි තරු දෙකක් දකින්න තියෙනවා .
මිථුන – Gemini
දඩයක්කරයා තාරකා මණ්ඩලයට මදක් ඊසාන දෙසින් පිහිටා තිබේ. මෙමගින් නිවුන් සහෝදරයින්ගේ රුව නිරුපණය වේ. මෙම තරු රටාවේ “කැස්ටර්” සහ ” පෝ ලූක්ස් ” යන දීප්තිමත් තාරකා පිහිටා තිබේ.
තුලා – Libra
මෙමගින් තරාදියක හැඩය නිරුපණය වේ. කන්‍යා තාරකා මණ්ඩලයට බටහිරින් හා වෘශ්චික තාරකා මණ්ඩලයට නැගෙනහිරින් පිහිටා තිබේ.
වෘශ්චික – Scropius
ගොනුස්සගේ හැඩය ගත් මෙම තාරකා මණ්ඩලයේ ඇන්ටාරොස් නමැති රතු පාටට හුරු දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙහි ප්‍රධාන තාරකා 15 ක් පිහිටා තිබේ.
ධනූ – Sagittarius
අශ්වයෙකුගේ පිට නැගී දුනුවායෙකු මෙයින් නිරුපණය වේ. මෙය දකුණු දිග අහසේ පිහිටා ඇත.

4 comments: