එංගලන්ත ප්‍රේක්ෂකයින් දැක්වූ ප්‍රතිචාරයට ECBයෙන් පැසසුම්!

4021

එළඹෙන සතියේ දී ක්‍රියාත්මක වීමට නියමිත එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නැරඹීම සඳහා ආසන වෙන් කරවා ගත් ප්‍රේක්ෂකයින් හට විකල්ප දෙකක් ලබා දීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සමඟ එක්ව සරේ ප්‍රාන්ත ක්‍රිකට් සංගමය පසුගියදා කටයුතු කර තිබුනි. 

රූට් නැති නිසා නායකත්වයට වෙනත් අයෙක්

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක ජෝ රූට් හට එළඹෙන ජූලි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…

ටිකට් පත් මිලදී ගැනීම වෙනුවෙන් වැයකර තිබූ මුළු මුදල යළි ප්‍රතිපූර්ණය කිරීමේ පහසුකම් සලසා දීම, ඔවුන් ඉදිරිපත් කළ පළමු විසඳුම වන අතර ලබන වසරේ දී ඕවල් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය නැරඹීම සඳහා අදාළ ප්‍රවේශ පත්‍රයන් භාවිත කිරීමට අවසර ලබා දීම ඉදිරිපත් කළ අනෙක් විසඳුමයි. 

බහුතරයක් පිරිස තම මුදල් නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කළත් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් මේ වන විට ලැබී ඇති බව තරගාවලි සංවිධායකවරුන් පවසා සිටියි. ඒ අනුව 85%ක් වැනි විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා තම ප්‍රවේශ පත්‍රයන්ගේ වලංගුතාව සහතික කර දෙන මෙන් ඉල්ලීම් රැසක් සිදුකර ඇති බව වාර්තා වේ. 

කොරෝනා වෛරස ව්‍යප්තියේ යම් අඩු වීමක් දිස් වූ නිසාවෙන් තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළ අතර නරඹන්නන්ගෙන් තොර හුදෙකලා පරිසරයක දියත් කෙරෙන මෙම තරගාවලියේ පළමු තරගය පැවැත්වීම සඳහා ඔවුන් මේ වන විට සූදානම් කර තිබෙන්නේ හැම්ප්ෂයර් හි ‘ඇගියස් බෝල් ක්‍රීඩාංගණය’ යි. හෝටල් පහසුකම් ද සහිත වීම නිසාවෙන් ජෛව ආරක්ෂණ වැඩපිළිවෙල නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකි වීම ඔවුන් මෙම ක්‍රීඩා සංකීර්ණය තෝරා ගැනීමට ප්‍රධානතම හේතුවක් වූ බව සඳහන් වේ. 

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන පෙළේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ දී එංගලන්තය තුළ ටෙස්ට් තරග නැරඹීම සඳහා බොහෝ අවස්ථාවන් හිදී සාපේක්ෂව වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ පැමිණීම අපේක්ෂා කළ හැක. විශේෂයෙන්ම ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයක් වීම නිසාවෙන් එය දැක බලා ගැනීම සඳහා එරට වෙසෙන ඉන්දියානු ක්‍රිකට්ලෝලීන් බොහොමයක් ඉතාමත් උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ. 

එංගලන්තයට යන කොදෙව් ටෙස්ට් සංචිතයට නවකයින් කිහිපයක්

එළඹෙන ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් තරග…

ඕවල් ක්‍රීඩාංගණය භාරව කටයුතු කරන එහි කළමනාකරණ අධ්‍යක්ෂක චාලි හොඩ්ජ්සන් මහතා මේ සම්බන්ධයෙන් තම අදහස් පළකරමින් පෙන්වා දී සිටියේ ටෙස්ට් තරග ඇතුළු ඕනෑම ආකෘතියක ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා එරට ක්‍රීඩාලෝලීන් සතුව ඇති කැමැත්ත සහ උනන්දුව සම්බන්ධයෙන් මීට වඩා සහතිකයක් තවත් අවශ්‍ය නොවන බවයි. 

“කණගාටුවකට කරුණක් විදියට තියෙන්නේ මේ පාර තරගවාරය ඕවල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කරන්න බැරි වෙන එක ගැන. නමුත් මේ වාතාවරණය උඩ අපිට හිතන්න ගොඩක් පැතිකඩ තියෙනවා. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රමුඛතාව ලබා දීලා කටයුතු කළ යුතුයි.” 

මීට අමතරව සරේ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරිණි එමලි ක්ලාක් මහත්මිය සඳහන් කර සිටියේ ඉන්දියාවට එරෙහිව එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඕවල් ක්‍රීඩාංගණ වංශ කථා පොතේ තවත් එක් තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<