කෝලි හා ශාස්ත්‍රී මට ලොකු නිදහසක් දුන්නා – පාන්ඩ්‍යා

243

අද ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍යම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හර්දික් පාන්ඩ්‍යාගේ මංගල විස්සයි විස්ස තරගය නම් එතරම් සුන්දර වුනේ නැහැ. ඇඩිලේඩ් හිදී සිය මංගල විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ ඔහුගේ පළමු පන්දුවාර දෙකට පිතිකරුවන් සිත් සේ ලකුණු රැස් කළේ පාන්ඩ්‍යාගේ මුළු ක්‍රීඩා දිවියම අවදානමකට ඇද දමමින්.

Steven Smithව සිය පිත්තෙන් වෙන්කළ ‘Corona’

‘Coronavirus’ වසංගත තත්වය ලොව පුරා පැතිර යාම හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි…

මම මගේ පළමු පන්දු හයට ලකුණු 28ක් ලබා දුන්නා. මම හිතුවේ මගේ ක්‍රිකට් ජීවිතේ ඉවරයි කියලා” පාන්ඩ්‍යා Cricbuzz වෙබ් අඩවියට පවසා තිබුණා. “මට මීටර 105-110ක් පමණ දුර ගිය දැවැන්ත හයේ පහරක් ගැහුවාම මම හිතුවේ මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ගහලා ඉවරයි කියලා. මම හිතුවා මේක මිට වඩා නරක වෙන්න නම් විදිහක් නෑ කියලා, කොහොම හරි මම කඩුලු දෙකක් දවා ගත්තා” පාන්ඩ්‍යා පවසා සිටියා.

එම්. එස් දෝනි යටතේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ පාන්ඩ්‍යා ඉතා ඉහළ දක්ෂතා අතරට පිවිසුණේ කෝලි – ශාස්ත්‍රී සුසංයෝගය යටතේ දීයි.

මම හිතන්නේ දෝනිට අවශ්‍ය වුනා මගේම අත්දැකීම්වලින් මටම ඉගෙන ගන්න ඉඩ සලස්වන්න” පාන්ඩ්‍යා සිය පළමු නායකයා ගැන අදහස් දක්වා සිටියා. “විරාත් හා රවී ශාස්ත්‍රී මට නිදහස ලබා දුන්නා. මට විතරක් නෙවෙයි, මුළු කණ්ඩායමටම නිදහස ලබා දුන්නා. ඒක තමයි වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අලංකාරය. අපි හැමෝම වැරදි කරනවා. නමුත් අපි ඉතා වේගයෙන් ඉගෙන ගන්නවා. ඔවුන් දෙදෙනා මට ලොකු සහයක් ලබා දුන්නා.”

පාන්ඩ්‍යා හට සුපිරි ඉන්දීය නායක රාහුල් ඩ්‍රාවිඩ් යටතේ A කණ්ඩායමේ ක්‍රීඩා කිරීමටත් අවස්ථාව හිමි වුණු අතර විශිෂ්ට ක්‍රීඩකයෙක් යටතේ ක්‍රීඩා කරන්න ලැබීම ගැන ඔහු ඉතා සතුටු වන බව ද පවසා තිබුණා.

රාහුල් ඩ්‍රාවිඩ් මගේ විදිය වෙනස් කරන්න උත්සහ කළේ නැහැ. ඔහු කිසිවිටෙකත් මාව විනිශ්චය කළේ නැහැ. ඔහු හැමතිස්සෙම මම ක්‍රීඩා කරන විදිහ රසවින්දා හා මට ඒ බව කිව්වා” පාන්ඩ්‍යා පවසා සිටියා.

කේ. එල් රාහුල් සමඟ රූපවාහිනි නාලිකාවක පැවැත්වුණු වැඩසටහනකට එක්වුණු පාන්ඩ්‍යා එහි දී ඔහු කළ ප්‍රකාශයක් නිසා නොසිතූ කරදරයක ද වැටුණා. රාහුල් හා පාන්ඩ්‍යා යන දෙදෙනාටම තරග තහනමක් පනවන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එවකට තීරණය කළා.

මම ජීවිතේ වැරදි කරලා තිබෙනවා. මම ඒවා තේරුම් ගත්තා. මම මගේ වැරදි තේරුම් ගත්තේ නැත්තම් මම තවත් රූපවාහිනි වැඩසටහනකට ගොස් එවැනිම වරදක් සිදු කරන්නට ඉඩ තිබුණා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<