ලොව පැරණිතම මැරතන් තරගයත් අවලංගු වේ

139

කොරෝනා වයිරස තත්වය නිසාවෙන් සැප්තැම්බර් මස දක්වා කල් දැමූ සුප්‍රකට බොස්ටන් මැරතන් තරගය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

පරීක්ෂණ අසමත් වීම ගැන පාකිස්තාන ක්‍රීඩකයෝ කරුණු දක්වති

ඒ අනුව වසර 124 දක්වා ඉතිහාසය තුළ මෙම තරගය අවලංගු කිරීමට සිදු වූ මුල්ම අවස්ථාව මෙය වන අතර තරගය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබුනත්, පවතින තත්වය මත සැප්තැම්බර් දක්වා කල් දැමීමට මීට පෙර තීරණය කර තිබුණි.

1897 වසරේ ආරම්භ වූ මෙම මැරතන් තරගය වාර්ෂිකව ලොව පුරා තරගකරුවන් 30,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර ලොව පැරණිතම හා කීර්තිමත්ම මැරතන් තරගය ලෙස ද මෙය හඳුන්වනු ලැබේ.

මෙම අවලංගු කිරීම පිළිබඳව දැනුම් දෙමින් තරගයේ සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ දී තරගයට වඩා එයට සහභාගි වන තරගකරුවන් ඇතුළු සියලුම පාර්ශවයන්ගේ ආරක්ෂාව ගැන සිතීම වැදගත් බැවින් මෙම තීරණය ගත් බවයි.

බොස්ටන් නගරයේ නගරාධිපතිවරයා වන මාර්ටි වෝල්ශ් ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේ දී ඔවුන්ගේ ඉලක්කය ආර්ථිකය යථා තත්වයට පත්කිරීම වන බැවින් මෙවැනි තරගයක් සැප්තැම්බර් මාසයේ දී හෝ මෙම වසර තුළ දී පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙම තරගයට අමතරව පවතින වයිරස තත්වය සැලකිල්ලට ගනිමින් “Dublin Marathon” තරගය ඇතුළු ලොව පුරා මැරතන් තරග රැසක් ද අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින් තීරණය කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<