FOS Family; අපි එක පවුලක්, නොබිඳෙන පවුරක්.

Share

FOS media, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සතු නිල මාධ්‍ය ඒකකය යි. අපිත් එක්ක සමාජ ජාලා මාධ්‍යයන් ඔස්සේ සම්බන්ධ වී සිටින ඔබට අපි කරන විවිධ නිර්මාණ වැඩසටහන් නිතරම දකින්න ලැබෙනවා. නිවැරදිම තොරතුරු ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙනෙනා අපි, අපේ තේමා පාඨය (We Report Best, at First)ට හැමදාමත් උපරිම සාධාරණයක් ඉටු කළෙමු. අප විශ්වවිද්‍යාලයේ නවකයන්ගේ අන්තර්පීඨ ක්‍රීඩා තරගාවලියේ සිට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය දක්වා විශිෂ්ට මාධ්‍යය ආවරණයක් ලබාදීමට සමත් FOS Media අපි, කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය ද සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව ලබා දෙන එකම මාධ්‍යය ඒකකය යි. ක්‍රමානුකූලව පවත්වාගෙන යනු ලබන ගුණාත්මක තත්ත්වයෙන් සපිරි එකම විශ්වවිද්‍යාලයීය Blog අඩවිය ද FOS Media family අප සතුය.

අප ලබා ඇති සාර්ථකත්වය පසුපස ඔබ නොදන්නා කතාවක් තිබෙනවා. ඒ අපේ පවුලේ කැපවීම, උත්සාහය, එකමුතු බවයි. FOS Media මීට අවුරුදු හතකට පමණ පෙර අභියෝග රාශියක් හමුවේ ආරම්භ කරනුයේ හිරාන් සර්, මුදිත සර්, අමල් සර්, නිපුන සර්, පුබුදු සර්, ජනිත් සර්, ගයත් සර්, චින්තන සර් සහ යසස් සර් ඇතුළු කණ්ඩායමේ නොපසුබස්නා ප්‍රයත්නයන් මල්ඵල ගන්වමිනි.

නිල වශයෙන් FOS Blog මඟින් ආරම්භ කරන ලද අප මාධ්‍යය ඒකකය අද වන විට ඡායාරූපකරණය, පටිගතකිරීම්, වීඩියෝ, ග්‍රැෆික් නිර්මාණකරණය, සජීවී විකාශන, නිවේදනය ආදී සියලුම අංශ ආවරණය කරනු ලබන, විශ්වවිද්‍යාලයට නැතුවම බැරි මාධ්‍යය ඒකකයක් බවට පත්ව ඇත. ඉතින් මේක අපි පහසුවෙන් ආපු ගමනක් නම් නොවේ. අපේ FOS Media පවුල විශාල කැපකිරීමක් කරලා මහන්සි වෙලා වැඩ කරලා ගොඩනගපු සාර්ථකත්වය තමයි ඔබ සියලු දෙනා ඉදිරියේ තිබෙන්නෙ.

පවුලක් විදියට පැරණිම සාමාජිකයන් සහ වත්මන් සාමාජිකයන් සියලු දෙනාම FOS Media නිර්මාණ වල ගුණාත්මක බව රැකගැනීමට ඇප කැප වී සිටිනවා. මේ ස්තූති පූර්වක සටහන නව විධායක මණ්ඩලය ඇතුළු 2017/2018 FOS Media සාමාජිකයන්ගෙන්, FOS Media පවුලේ සියලුම සාමාජිකයන් වෙතයි. අපේ පවුල ගැන නිහතමානී ආඩම්බරයක් අපි හැමෝගෙම හිත් වල තිබෙනවා. ඇත්තටම ආරම්භක සාමාජික සර්ලා ඇතුළු අද දක්වා සිටින සියලුම සාමාජිකයන් එකතු වී ගොඩනැගුණු ලොකු පවුලක් අප සතුයි. පරම්පරා 7ක සාමාජිකයන්ගේ අදහස් මතවාද සියල්ලම එක්තැන් වුණ සුන්දර පවුලක් අපිට තිබීම ගැන හදවතින්ම අපි සතුටු වෙනවා. FOS Media සංකල්පය ක්‍රියාත්ම කළ සර්ලාට අපි මුලින්ම අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරන්නෙමු. සර්ලා වගේම අපි කැම්පස් එන්න පෙර සිටි සියලුම සාමාජික අක්කලා අයියලා එදා ඉදන් අද දක්වාම අපිට හොඳ මඟපෙන්වීමක් ලබාදෙමින් අපේ නිර්මාණ අගය කරමින් අපේ අඩුපාඩු පෙන්වමින් අපිත් එක්ක හිඳීමත් අපි ලැබූ සාර්ථකත්වයට මහඟු පිටිවහලක් වුණා.

අපි FOS Media එකට සම්බන්ධ වනවිට  අපිත් එක්ක සමීපව වැඩ කරන්න එකතු වුණේ ගයාන් සර්, තරිඳු අයියා, නුවංග අයියා, රන්ජීව අයියා, ශාලිත අයියා, රමල්කා අක්කා ඇතුළුව 2016/2017 බැච් එකේ FOS Media අයියලා අක්කලා. විශේෂයෙන්ම අපි එක්කම වැඩ වලට සම්බන්ධ වෙලා, අපිට එක එක අංශ වලට අදාල දේවල් උගන්නලා, වැඩමුළු පවත්වලා අපි වෙනුවෙන් ගොඩාක්ම මහන්සි වුණේ 2017/2018 බැච් එකේ FOS Media පවුලේ අයියලා අක්කලා. මේ සියලුදෙනාම ඔවුන්ගේ වටිනා කාලය කැපකරමින් FOS Mediaහි උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඒ අයියලා අක්කලා සියලුම දෙනාටත් අපගේ සෙනෙහස පිරි ස්තූතිය පුද කරනවා.

ඒ අතරේ අපි වෙනුවෙන් වැඩිපුරම කාලය වැය කරපු ඇකඩමික් වැඩ අතරේ අපේ සෙවනැල්ල වගේ පස්සෙන්ම හිටපු අයියලා අක්කලා ටික දෙනෙක් සිටියා. ශෙවෝන් අයියා, ඩිල්ෂාන් අයියා, සරිත් අයියා, ගමිත අයියා, ප්‍රනීත් අයියා, සඳරු අයියා, නිමන්ත අයියා, රතිඳු අයියා, සංජුල අයියා, නදීශානි අක්කා, නිපුනි අක්කා, ජයමිණි අක්කා, ගංගුලි අක්කා ඇතුළු අයියලා අක්කලාට අපි විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි අපිට ලබාදුන් අසීමිත සහයෝගය වෙනුවෙන්. අපේ FOS Media පොඩි නංගිලා මල්ලිලා (2018/2019) ටික අමතක කළොත් ලොකු අඩුවක්. එයාල ලොකු ශක්තියක් වුණා අපිට වැඩ වල දී. වැරදි වැරදි ඉගෙන ගනිමින් විශාල කාර්යභාරයක් ඔවුන් FOS Media වෙනුවෙන් ඉටු කළා. 2019/2020 බැච් එකේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලාගෙනුත් අපි ඒ සහයෝගයම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපිත් එක්ක සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ අත්වැල් බැඳගෙන අපේ ගමනට සහාය වන ඔබ සියලු දෙනාටමත් FOS Media පවුලේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා. ඔයාල හැමෝගෙම ආදරය පිරි අගය කිරීම්, විවේචන අපිට ලොකු ශක්තියක් වුණා අපේ සාර්ථකත්වය සඳහා.

පරම්පරා 7ක් එක්ව යන මේ දුෂ්කර ගමන ප්‍රශ්න බාධක රැසක් පසුකර, අපේ පවුල බොරදියේ මාළු බාන්නන්ගෙන් ද පරිස්සම් කරගෙන, හොඳම ගුණාත්මක දේවල් ඔබ වෙත තිළිණ කරමින් ලැබූ සාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යාම අපගේ ඒකායන අරමුණයි. අපි එක පවුලක් ලෙස නොබිඳෙන පවුරක් සේ අඛණ්ඩ සාර්ථකත්වයක් ලබමින් ඉදිරියටම යන බව අපගේ විශ්වාසයයි. අප විශ්වවිද්‍යාලයේ නිල මාධ්‍යය ඒකකය ලෙස අපගේ කොළොම්පුර සරසවි මෑණියන්ගේ නාමයට වටිනාකමක් එකතු කිරීමට හැකිවීම අප ලද භාග්‍යයකි. ඉදිරියටත් අපි සමඟ රැඳෙමින් අපිට ශක්තියක් වන්නට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරන්නෙමු.

Jane Howard once said, “Call it a clan, call it a network, call it a tribe, call it a family: whatever you call it, whoever you are, you need one” and we found one with FOS Media. It was the 1st club I became a member since the day I set my foot on the University of Colombo ground. Since then, it has always been and without a doubt always will be my family.

Started from scratch, we came a long way. Yet it was never easy. FOS Media was born as a little seed of a blog account. It grew to be a giant tree passing many winters as well as springs. Today with a strong hardwood, spreading its branches and sheltering, it nurtures many. It takes support from its experience across 7 generations. It is a proud owner of a media network including photography, videography, recording, graphic designing, live streaming, announcing, and the blog. Our blog account is the one and only well-maintained one with the highest quality among any university in Sri Lanka.

FOS Media always appreciate quality over quantity. Because in FOS media, we believe quality never goes out of style. Hence, we have always been able to fulfill our responsibility towards our vision, “We Report Best, at First”. As I said before, it never was a path full of rose petals that we came. All the members of the FOS Media family since the beginning made a lot of effort to bring its success. I take this moment to thank every one of them. Our family owes you so much for your sacrifices.

The secret behind our success is the unity and the strength we showed as a family. It makes sure that no one is left behind or forgotten. Every year this family grows in number. The reason as I understand is that people know life is too short to select something of less quality than FOS Media. So, we warmly welcome all our new members to the FOS Media family with open hands and hearts. We look forward to work with you and to raise FOS Media higher.

I believe as the official media unit of the University of Colombo, in harmony, we made our university shine brighter. We take humble pride in that. Once again, I’d like to thank all the past leaders for guiding the members through every task they met. We are indebted to you. We promise to uphold the reputation and the quality that maintained over 7 generations, in the future too. Our love for the FOS Media family never wavers. Joining FOS Media is one of the BEST decisions I’ve made in my life. I wish many would do the same in the future too.

Make sure you never forget the name FOS Media. Because a diamond is forever. FOS Media, a family like no other. We Report Best, at First.

 

 
Tagged : / / / / /