ඕයි ආණ්ඩුව. තමුසෙල අපට ඉන්ධන විකුණන්නෙත් සාධාරණ මිලකට ද?

දැන් ගොඩක් දෙනෙක් මහ ලොකුවට උඩ දාන කතාවක් තමයි දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕන කියන එක. නමුත් එහෙම කියන මිනිස්සුම සහල් ප්‍රශ්නය මත ඩඩ්ලිට කෙලවන්නත් කතා කරනවා. මේක හරිම පරස්පර කතාවක් බව එයාලට තේරෙන්නෙ නැහැ.

එක්කෝ මෙයාල නිදහස් වෙළෙද පළත්, ඒ නිදහස් පළ නියාමනය කරන යාන්ත්‍රණයත් දන්නෙ නැහැ. නැත්නම් ඩඩ්ලිත් එක්ක පෞද්ගලික වෛරයක ඇරියස් එක පියව ගන්න හදනව. එහෙම නැත්නම් දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕන කියන මිනිස්සුම සහල් මාෆියාව බිදවට්ටවන්න පිටරටින් හාල් ආනයනය කරනවා කියල තග දාවි ද?

ඊනියා දේශීය නිෂ්පාදකයා රැක ගැනීමේ ජාතිකවාදී කුලප්පුව මට නැහැ. ඒත් සහල් නිෂ්පාදනය දේශීය වශයෙන් අවම නිෂ්පාදන වියදමකින් උපරිම ඵ්ලදායිතාවකින් කරන්න පුළුවන් බවයි මගේ නිගමනය. ඒකට පවතින නිෂ්පාදන බලවේග එක්ක හුරතල් වෙලා බැහැ. ඒ සදහා වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේදයක් ගොඩ නගා ගන්න ඕන. ඒක කරන්න පුළුවන් දෙයක්.ඒකෙදි සමස්ත සහල් නිෂ්පාදන යාන්ත්‍රණයම අලුතෙන් ප්‍රතිසංවිධානය කරන්න ඕන.

99115322_3084115271651411_1954256316348235776_o

පවතින නිදහස් වෙළෙද පළ තුළ නිෂ්පාදකයා ආණ්ඩු මට්ටු කරන්න යෑම ජෝක් එකක්. ජාතික ප්‍රශ්නය විසදන්න ප්‍රභාකරන් මරල දැම්ම වගේ සහල් මාෆියාව බිද දාන්න ඩඩ්ලි වගේ දේශීය මුදලාලිල ටිකක් විනාශ කරල හරි යන්නෙ නැහැ. අනෙක් හැම ක්ෂේත්‍රයකම වගේ ඩඩ්ලිල නිර්මාණය වුනෙත් රාජ්‍යයේ ලේ උරා බොන ඩ්‍රැකියුලා ක්‍රමයට. ඉතින් ඩඩ්ලිල නියාමනය කරන්න ඕනත් ඒ විදිහටම තමයි. එහෙම නැතිව කණට පිස්ටල් එක තියල නෙවෙයි.

ගොවියවත් පාරිභෝගිකයවත් දන්නෙ නැහැ සහල් නිෂ්පාදනයෙදි අනුගමනය කරන මිල සූත්‍රය. ඒ නිසා මෝල්කරුවො හිතූ හිතූ පරිදි ලාභ රේට්ටුව වැඩි කර ගන්නව. මේක එම හාල් වල විතරක් තියෙන මාෆියාවක් නෙවෙයි. බඩට දැනෙන ප්‍රශ්නය හාල් මාෆියාව නිසා ඩඩ්ලිව බයිට් එකට ගන්නව. නිදහස් වෙළෙද පළ තුළ කොයි බොහෝ නිෂ්පාදකයන් කරන්නෙ ඔය වැඩේ. ඒක තමයි තිරසාර හා සාධාරණ වෙළෙද පළක් නිර්මාණය කර ගන්න ඕනයි කියන්නෙ.

බොර තෙල් මිල මෙච්චර අඩුවට තියෙද්දි තමුසෙල අපට ඉන්ධන අළෙවි කරන්නෙත් සාධාරණ විදිහට ද කියල හාල් මෝල්කාරයෙක් ආණ්ඩුවෙන් අහනකම්ම ආණ්ඩුව මේ උද්දච්ඡ බක පණ්ඩිත වැඩ කරගෙන යාවි.

Leave a comment