සමූපකාර ක්‍රමය විසදුමක් ද?
1978 දී වෙළෙද පළ ආර්ථික ක්‍රමය ඇති කළාට පස්සෙ සමූපකාරයට හා සතොසට හයිය හත්තිය ඇතිව නැගී සිටින්න නොහැකි වුනේ පෞද්ගලික අංශය සමග කරට කර හැප්පෙන්න අපහසු වූ නිසයි. රාජ්‍ය බලය තිබුණත් කළමනාකරණය හා ආකල්ප වැඩි දියුණු කරගෙන සංකීර්ණ හා දියුණු ආර්ථිකයක සක්‍රීය භූමිකාවක් රග පාන්න ඒවාට නොහැකි උනා. වෙළෙදාමේ විස්තාරණ හැකියාව තබා ආකල්ප වෙනස් කර ගන්නවත් නොහැකිවීම කනගාටුවට කරුණක්. හොදම උදාහරණය පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙද සැල් ආකෘතියට තරගයක් දෙන්න සමූපකාර හා සතොස උත්සාහ ගත්තට ඔවුන්ට ඒ අසලකටවත් එන්න නොහැකිවීමයි.
දැනට පවතින දරිද්‍රතාවෙන් පෙලෙන සමූපකාර සමිති යන්තම් හරි හුස්ම පොදක් ගන්නේ රජයේ සුභසාධන සහනාධාර සදහා කරන ව්‍යාපාරික කටයුතු නිසයි. වී ගොවිතැන් කරන ප්‍රදේශවල සමූපකාර සමිති හුස්ම පොදක් ගන්නේ වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන නිසයි. මෙවැනි දුර්වල මට්ටමක පවතින සමූපාකාර වලින් ලංකාවේ සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම සාධාරණ හා කාර්යක්ෂමව කරන්න කිසිම දායකත්වයක් ලබා ගන්න බැරි බවයි මගේ අදහස.
නමුත් පසුගිය දා තම ෆේස්බුක් වෝලයේ සටහනක් තබමින් ආචාර්ය Nirmal Dewasiri පවසා තිබුණේ සහල් නිෂ්පාදනය හා බෙදා හැරීම විධිමත් කරන්න සමූපාකර ක්‍රමය යොදා ගන්න පුළුවන් බවයි. නමුත් ආචාර්ය නිර්මාල් එතැන අදහස් කළේ පැවැති සමූපාකාර ක්‍රමය ද එහෙම නැත්නම් අලුතින් නිර්මාණය කර ගන්නා සමූපකාර ක්‍රමයක් ද කියන එක පැහැදිලි නැහැ. කොහොම උනත් නිෂ්පාදනයට හා බෙදාහැරීමට අදාළ සමූපකාර නම් දැන් වෙන කොට අවලංගුයි.
ආචාර්ය නිර්මාල්ගේ එම සටහන සම්බන්ධයෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙන මා මිත්‍ර Dhanusha Gihan Pathirana පවසා තිබුණේ මෙවැන්නක්.
“”look into how Australia organised their large scale paddy farming through farmers’ cooperatives. only post-harvest operations are done through private sector.””
ඕස්ත්‍රේලියාවේ හා සහල් නිෂ්පාදනය කරන වෙනත් රටවල නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් මා ද අධ්‍යයනයක නිරත වන නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කර ගැනීමට ඔහු විමසුවත් ධනූෂ විසින් මගහැර ගිය අතර එම මගහැර යෑම නිර්මාල් විසින් අනුමත කර තිබුණා. ඒ අනුව මා හිතන්නේ ඔවුන් පවසන දේ පිළිගැනීම හැර ඒවා සංවාදයට ලක් කිරීම අපේ කාර්ය නොවන බව ඔවුන් අදහස් කරන බවයි. සමූපාකාර ක්‍රමය වේවා, රාජ්‍ය ක්‍රමය වේවා පෞද්ගලික ක්‍රමය වේවා අසාර්ථකව, අවලංගු වී කඩා වැටී ඇති මොහොතක නව ක්‍රමයක් නිර්මාණය කර ගැනීම මුළුමනින්ම රදා පවතින්නේ සංවාදය මත මිස ඒකමානීය දැනුමෙන් නොවන බව අප තේරුම් ගන්න ඕන.