බසිනු මැන සඳ !

Share

බසිනු මැන සඳ
අහස අතහැර
නුඹ සෙවූ තරුව
අද ඔතැන නැත

ඇගේ දැඩි රශ්මියට
වහ වැටුණු විට නුඹට
අමතකම වුණි ද?
නුඹ සිසිලස බව

නුඹේ ඒ සිසිලස
දරා ගත හැක මට
මන්ද මම මහ පොළොව
නොවෙමි ඒ සැඩ පරුෂ ඉර

ඉතින් නුඹ දැන්
සනස ගනු හිත
මීට නුඹගේ
ප්‍රථම ප්‍රේමය

Written by : Pramod Dilshan

Image Courtesy ;  https://bit.ly/2XbpOgq

 
Tagged : /