Translate

Friday, May 15, 2020

Proficiency Badge Challenge (බාලදක්ෂ/බාලදක්ෂිකා ප්‍රවීණතා පදක්කම් අභියෝගතා)

How to Earn Boy Scout Merit Badges

Like scouting itself, earning merit badges can be an adventure. But truth be told, some badges that are required for special Badge Requirement are considerably more fun to earn than others. Some can also be earned in a matter of days, while others take three months or weeks, minimum. And some are best done at Scout camp, not at home.

Badge-o-rama

Here are insider tips on how to get those Cub/Scouts required Merit badges done in a timely fashion, without making the process too overwhelming for the Gold star/President award hopeful or his or her parents. Earning merit badges takes time and effort. A Scout can navigate this process best when he or she makes a plan and minds important guidelines. Some overall strategies to keep in mind. Although civics, life skills, and wilderness survival comprise the knowledge base every Scout Awards should have, some of the Higher Awards-required merit badges are pretty dry affairs. Important, yes, but not necessarily thrilling.

Scout Skill-O-Rama Challenge! on Corona Curfew Time. 

These tips will help you and your prospective Scout Proficiency Badge choose which badges to go for, as well as when and where.
who is the best Proficiency Badge challenger? tag the 5 friends in the challenge.

බාලදක්ෂ ප්‍රගති පදක්කම් මාර්ගය

ඕනෑම දරුවකුට වයස අවුරුදු 5 දී මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඔහු හෝ ඇය තම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සාමාජිකත්ව පදක්කමේ සිට ඉදිරියට පුහුණුව සම්පූර්ණ කරමින් නියමිත විෂය නිර්දේශ සමත් කරමින් ‘ජනාධිපති ප‍්‍රදානය. 'Presidents Scout Award' ලෙස හැඳින්වෙන උසස්ම ප‍්‍රදානය දක්වා පුහුණුවීම්වල නිරත විය හැකිය. මේ පුහුණු කි‍්‍රයාවලියේදී දරුවකු උපරිම ලෙස වසර 13 ක පමණ කාලසීමාවක් අධ්‍යාපනයේ විෂය බාහිර කටයුත්තක් ලෙස විවිධ ‘ප‍්‍රගති පදක්කම්. හා තම රුචිකත්වයට අනුව තෝරාගත හැකි ප‍්‍රවීණතා පදක්කම් රාශියකට අදාළ විෂය නිිර්දේශ පිළිබඳ ප‍්‍රවීණත්වයක් අත්පත් කර ගනී.

වයස අ. 5 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ‘සිඟිති අංශයට. ඇතුළත් වන දරුවකු එතැන් සිට ක‍්‍රමයෙන් උසස් ‘ප‍්‍රගති පදක්කම්. Progressive Badges සහ ප‍්‍රදානයන් Awards කරා යොමු වීමට තමා අයත් වන අංශය හා වයස් සීමාවන් මෙසේය.
  • සිඟිති බාලදක්ෂ අංශය
  • පෝතක බාලදක්ෂ අංශය
  • කනිෂ්ඨ බාලදක්ෂ අංශය
  • ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය
  • මානවක බාලදක්ෂ අංශය

ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය

සිඟිති අංශය (බාලක/බාලිකා) අවුරුදු 5 -7

  1. සාමාජික පදක්කම
  2. සතුට
  3. දිනුම

පෝතක අංශය (බාලක/බාලිකා) අවුරුදු 7 - 11

  1. සාමාජික පදක්කම්
  2. රන්තරු පදක්කම්
  3. රිදීතරු පදක්කම්
  4. රිදීතරු පදක්කම්

. බාලදක්‍ෂ අංශය (බාලක/බාලිකා) අවුරුදු 10 1/2 - 15

  1. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම
  2. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  3. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  4. දිසා කොමසාරිස් ප්‍රදානය

ජේ. බාලදක්‍ෂ අංශය (බාලක/බාලිකා) අවුරුදු 14 1/2 - 18

  1. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ)
  2. වනවාසියාගේ රැහැන
  3. ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය

මානවක අංශය (මානවක/මානවිකා) අවුරුදු 17 1/2 - 24

  1. සාමාජික පදක්කම
  2. බී.පී.ප්‍රදානය
ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයේ විෂය නිර්දේශයට පිවිසුණු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක/බාලිකාවන් නියමිත දක්ෂතා පුහුණුවීම අවසානයේ සමාජයේ ප‍්‍රජාව වෙත යොමු වී ‘ප‍්‍රජා සේවාවක් හඳුනාගෙන එම ප‍්‍රජා සේවාව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කර කි‍්‍රයාත්මක කර ඇගයීමකට යටත් කර ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාව සමග තම බාලදක්ෂ පුහුණුවේ විවිධ කඩඉම්වලදී ප‍්‍රගති පදක්කම් දිනාගත් සහතික කළ වාර්තාව ඇතුළත් ජනාධිපති බාලදක්ෂ අයැදුම්පත‍්‍රය අදාළ දිසා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා වෙත තම 18 වන උපන් දිනයට මාසයකට පෙර භාරදිය යුතුය. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්‍යාපෘති වාර්තාව පරීක්ෂා කර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සාර්ථකව කටයුතු කර ඇති බාලදක්ෂ බාලක බාලිකාවන් ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානය. සඳහා සුදුසුකම් ලබා ඇති බවට ප‍්‍රධාන කොමසාරිස්තුමාට නිර්දේශ කරනු ලැබේ.

බාලදක්ෂ දිවියේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යෞවන යෞවනියන්ට ‘මානවක බාලදක්ෂ. Rover Scout අංශයට ඇතුළත්ව තවදුරටත් බාලදක්ෂ සේවයේ නිරත වීමට දොරටු විවෘතව ඇත.

කොරෝනා කාලේ ස්කවුට් ස්කිල්-ඔ-රාමා වැඩසටහන

කොරෝනා බලපෑම නිසා බාලදක්ෂ දරුවන් ගේ විෂය නිර්දේශය .ප්‍රවීණතා පදක්කම් සම්පූර්ණ කිරීමේදී වන බලපෑම කළමනාකරණය කර ගැනීම සඳහා ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම්වලට සූදානම් වෙන්න දරුවො උනන්දු කරන්න SCOUTING සඟරාවේ අපි හිතුවා.

ඒක කරන්න පුළුවන් දෙයක් ද?

ගෙදර ඉන්න ගමන් ප්රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද? කොහොමද ගෙදර ඉන්න ගමන් ප්රවීනතා පදක්කම් වලට සූදානම් වෙන්නේ කෝමද කියලා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව සිටින පෝතකයෝ, බාලදක්ෂයෝ විතරක් නෙමේ බාලදක්ෂිකාවොත් කියල දෙන වීඩියෝ පහළින් තියෙනවා. ඔබත් නොදන්න දැනුම වැඩි කරගන්නත් දන්නෙ නැතිනම් අලුතින් පදක්කමක් කරන හැටිත් හැමෝටම වඩා ලස්සනට නිර්මාණශීලී විදිහට කරන්නත් මෙහෙිදී කියලා දෙනවා. මේ හැම දේම සූදානම් කරලා තියෙන්නේ බාලදක්ෂ දරුවෝ. හැමදාම කලා වගේ දන්න විදිහට පදක්කම් විෂය නිර්දේශය කියවලා ඒකට සූදානම් වෙන විදිහට තමා මෙය සූදානම් කලේ. එක එක දිසාවල පදක්කම් සමත්කරන විදිහ වෙනස් ඇති. එත් හැමෝටම ලැබෙන්නෙ එකම පදක්කමක් නිසා... ඒ ඒ බාලදක්ෂයගේ මට්ටම් අනුව පදක්කමේ ගුණ දොස් දකීවි බොහෝ දෙනා. මේවගේ කාලවකවානුවක දොස් දකිනවට වඩා දරුවෝ උනන්දු කරන්න හිතන බාලදක්ෂ නායකයින්ට මේ අදහස ප්‍රයෝජනයට අරන් වඩාත් නිර්මාණශීලීව ප්‍රවීනතා පදක්කම්වලට යොමුකරන්න උත්සාහ ගන්න. පහත වීඩියෝ බලලා ඔබේ අදහස් එකතු කරන්න. ඒ දරුවන්ට උනන්දු වෙන්නත් එක්ක.

කොරෝනා සමයේදී දැනට දිනා සූදානම්ව ඇති ප්‍රවීණතා පදක්කම් ගොනුව



Video thumbnail: Scout Skill-O-Rama Challenge #Senior Astronomer (S.H./04)Video thumbnail: Scout Skill-O-Rama Challenge #Hobbies Video thumbnail: Scout Skill-O-Rama Challenge #Master SportsmanVideo thumbnail: Scout Skill-O-Rama Challenge #Junior Gardener (J.G./02)Video thumbnail: Girl Guides Skill-O-Rama Challenge #EntertainerVideo thumbnail: Scout Skill-O-Rama Challenge #House Orderly Video thumbnail: Scout Skill-O-Rama Challenge #Aircraft ConstructorVideo thumbnail: Scout Proficiency Badge challenge #Gardener & #Herbalist Video thumbnail: Scout Skill-O-Rama Challenge #EntertainerVideo thumbnail: Scout Proficiency Badge challenge #Music Maker

 පෝතක අංශය
  1. Entertainer විනෝදකරු - https://youtu.be/g3k9fDLV_i4 , https://youtu.be/_XiEfe7fR8Q  
  2. Gardener - https://youtu.be/eEV7vvyp89E
  3. Book Reader -
  4. House Orderly - https://youtu.be/eI1DyBXg2nc
  5. Hobbies - https://youtu.be/HRIzdmrxiAM  , https://youtu.be/xZaUweNY53s ,
  6. Cub Folk Dance - https://youtu.be/_XiEfe7fR8Q

  1. Junior Happy Home (J.M./01) පසන් නිවැසි - https://youtu.be/iSgJ2iL7qpo
  2. Junior Book Reader (J.C./01) - 
  3. Junior Gardener (J.G./02) ගෙවතු කරු - https://youtu.be/0wSBx3PsrfQ
    , https://youtu.be/eEV7vvyp89E ,
  4. Junior Herbalist (J.G./05) පැළෑටි නිරීක්ෂක -
    https://youtu.be/0wSBx3PsrfQ 
  5. Junior Aircraft Modeller (J.J./01) ගුවන් යානා ආකෘතිකරු -  https://youtu.be/FR97JTg1l2o
  6. Music Maker (J.F./02) සංගීතඥ - https://youtu.be/Bgb-I3hc3F8
  7. Junior Happy Home (J.M./01) - 
  8. Junior Sportsman (J.D./03) -
  9. Junior Stamp Collector (J.L./01) ක. මුද්දර රැස්කරන්නා - https://youtu.be/xZaUweNY53s
  10. Book Reader (J.C./01) පාඨක - https://youtu.be/5xM8pSUZHBQ
  11. Junior Scholar (J.C./03) අධ්‍යනශූරී - 
  12. Music Maker (J.F./02) සංගීතඥ - https://youtu.be/5u0xjxTE82I
  13. Information Technology (J.C./05) කණිෂ්ඨ තොරතුරු තාක්ෂණ - https://youtu.be/2QjP_Fb0EQE
  14.  
  15.  
 

  1. Senior Happy Home (S.M./01) පසන් නිවැසි - https://youtu.be/iSgJ2iL7qpo ,https://youtu.be/_kM_wRppgFk ,  ,
  2. Senior Master Sportsman (S.D./03) - https://youtu.be/vUvOfQzyzoA
  3. Senior Aircraft constructor (S.J./01) - 
  4. Senior Astronomer (S.H./04) - https://youtu.be/jJUaCsOqIB8
  5. Senior Happy Home (S.M./01) - 
  6. Senior Horticulturist (S.G./02) - 
  7. Senior Book man (S.C./01) ග්‍රන්ථාකාර (පොත්කියවන්නා) - https://youtu.be/5xM8pSUZHBQ
  8. Senior Scholar (S.C./03) ජේ.අධ්‍යනශූරී-
  9. Senior Philatelist (S.L./01) ජේ. මුද්දර රැස්කරන්නා -
  10. Musician (S.F./02) සංගීතඥයා -
  11. Management Information System (S.C./05) ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ - 


  1. Entertainer - https://youtu.be/ReGuYgAsyDs 
  2.  
බාලදක්ෂිකා අංශය

 

මේ අභියෝගය නිවාසවලට වී සිටින දක්ෂ පෝතක, බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා,  කුඩාමිතුරි, බාලදක්ෂිකා කටයුතු කරන දරුවන් සඳහාමයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාස වලට කොටුවී සිටින පෝතක බාලදක්ෂයන්, කණිෂ්ඨ බාලදක්ෂයන්, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ට, බාලදක්ෂිකාවන්ට සිය වටිනා කාලය ප්‍රවීනතා පදක්කම් සඳහා යෙදවීමට කාලය ඇති තරම් ඉතිරි වෙලා. පාසල් වසා දමා ඇති බැවින් අධ්‍යයන කටයුතු මදක් ඈත් වී ඇති පසු බිමක මානසික ආතතිය, හුදකලාව සහ ආර්ථික දුෂ්කරතා ගෘහස්ථ හිංසනය, ළමා හිංසනය ආදී බොහෝ ආතතීන්ට සිට වී දුක්වීදීමට විකල්පයක් ලෙස දරුවන්ගේ ගුණාත්මක කුසලතා වර්ධනයක් උදෙසා බාලදක්ෂ ප්‍රවීනතා පදක්කම් කෙරෙහි අවධානය යොමු කල හැකිව තිබේ.

ප්‍රවීනතා පදක්කම් දිනා ගැනීමට ඔබත් සූදානම් ද?

දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් පෝස්ටුවට එක් කරන්න. අදාල ප්‍රවීණතා පදක්කම මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට whatsapp මගින් 0774526262ට එවන්න..

No comments:

Post a Comment