නීතියේ දෙවඟනට නොපෙනෙනා කඳුළක්

Share

නඩුවාර හත අටක් ඇදෙන අවනඩුවක්
කිරි දරුවෝ ඉන ගහන් අම්මලා හැඬුවත්
නීතියේ දෙවඟනට නොපෙනෙනා කඳුළක්
යුක්තියක් ඉල්ලමින් දෙවොල ළඟ වරුවක්

නීතියේ ඇස් වැසී ඇයිද උන් දන්නැති
කුසගින්න හද ගින්න හොඳින් උන් හඳුනති
කාසි ඇති උනුන් ළඟ තරාදිය බර වෙති
දෑස් පට බිමලන්න දෙවඟනට කල් ඇති…

Image courtesy :- https://images.app.goo.gl/BvoqXYbgDewJYLLWA

 
Tagged :