දීර්ඝායුෂ ඕනමද…?

Share

“රැස් කරපු පින් බලෙන්
දීර්ඝායුෂ මට ලැබේවා! ”

හිරු දුටුව පිනි සේ ඇසිල්ලෙන්
හිමි වූ සැම දේ අහිමි වී යන
තමාටත් තමා අයිති නැති ජීවිතයට
මෙවන් ආසාවක් ඇයිද…?

බුදුන් ලොව්තුරු සුවඳ විඳි
ඒ කසාවත අදත්
සියලු දුක් නිවන්නට
මං තාරකාවක්ද…?

 

Written by : Navodhya Laksarani

Image courtesy: https://bit.ly/2z7RJW9

 
Tagged : /