නොවිඳිමි

Share

දැන්වත් ඉතින් කොවුලෝ
නවත්තන්න ඔය සවුද
සොයා ගන්නට කාලයයි
කුලියට කාක කැදැල්ලක්

පුපුරයි අසනි නුබ ගැබ
හෙළන්නට මොර ගෙඩි වැසි
සේදිය යුතුය මේ බිම
කූට වෙළෙඳුන්ගේ දූලි කුණු

බහාලනු සෝදා රබාන
කෝඳුරුවන් පිරුණු අටු මත
ගයාලා සුරල් නව පද
FM කොමලියන්නේ සුකුමළ

රත් පැහැ එරබදුව විළි වැද
මියගිය බඳුය කටු මත
මැයි මල් පිපේ තුරු හිස
වෙසඟේ වෙළඳ සිරි ගෙන

කනකර දුලබ අබරණ
කරගල ගගා ක්ෂය වුණ
නෙක නෙක තිළිණ වරද
පුද දෙති බැංකු සුජනන
තුන් කුදුව නැඟ බස් මත
දින සති දුකින් වැළපෙන

 

Written by; Rukshan Edirisinghe

Image courtesy ; https://bit.ly/2Sna3kA

 
Tagged : /