Linux එක්ක games ගහමු

PC games කියන්න ගොඩක් අය ආස දෙයක්නේ. නමුත් Linux machine එකක් තියෙනවා කිව්වම games ගහන්න බෑ කියල තමා ගොඩක් දෙනෙක්ගේ අදහස. ගොඩක් අය මේ නිසා Linux system එකක් computer එකට දාන්න කැමතිත් නැ. දැන් අපි බලමු කොහොමද Linux වල games ගහන්නේ කියල

Wine එක්ක

ඉස්සර ගොඩක් අය කලේ මේක. Wine වලින් Windows applications Linux වල install කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම පොඩි පොඩි games install කරන්නත් පුළුවන්.

Steam එක්ක

Steam කියන්නේ Windows, Apple, Linux system තුනටම එන application එකක්. මෙයාලගේ SteamOS කියල වෙනම Linux උපයෝගී කරගෙන හදපු system එකකුත් තියෙනවා. ඉතින් එකට support කරන හොද games තියෙනවා. Dota 2, Hitman, Half-Life ඒ වගේ games.

Steam + Proton එක්ක

Steamලා Windows වලට විතරක් එන games Linux වල ගහන්න පුළුවන් වෙන්න Proton හදල තියෙන්නේ. ඉතින් ගොඩක් games ගහන්න පුළුවන්. එයාලගේ ProtonDB කියල වෙනම website එකක් තියෙනවා. එකෙන් බැලුවැකි මොන games ද හොදට වැඩ කරන්නේ කියල.

ඉතින් යාලුවනේ ඔයාලත් මීට පස්සේ Linux install කරන්න දෙපාරක් හිතන්න එපා 😋

Comments

Popular posts from this blog

HTML Microformats ගැන දැනගනිමු

Calendar Control එකෙ date disable කරමු.

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)