Translate

Wednesday, April 15, 2020

ගම්පහ දිසාවේ පලමු බාලදක්ෂ දිසාකොමසාරිස් ප්‍රධාන මුදලිඳු ශ්‍රීමත් ජේම්ස් පීටර් ඔබේසේකර (1879- 1968) Kt, Jp.

ගම්පහ දිසාවේ පලමු බාලදක්ෂ දිසාකොමසාරිස්තුමා.

ශ්‍රි ලංකා බාලදක්ෂ ඉතිහාසය ගැන ඒ ඒ දිසාවල අතීත තොරතුරු සමරු කලාප හා සමාජ ජාලා ඔස්සේ අපට නිතර දැකගත හැක. එහෙත් ගම්පහ දිසාව පිලිබඳ එසේ සඳහන් වන අවස්ථා විරලය. එබැවින් මා වෙත ඇති තොරතුරු අනුව යමක් සටහන් කොට තැබීම යුතුකමක් කොට සලකමි. ගම්පහ දිසාවේ ඉතිහාසය ගැන කථා කිරීමේදී, මෙහි ප්‍රථම දිසා කොමසාරිස් වරයා වූ ශ්‍රිමත් ජේ. පී. ඔබේසේකර මහ මුදලි තුමන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.


එතුමා ගැන තොරතුරු බිඳක් මෙහි කෙටියෙන් දක්වතොත්, ක්‍රිව:1630 දී පමන ගාලු වරායෙන් මෙරටට පැමින ශ්‍රි ලංකාව පදිංචිය සදහා තෝරාගෙන ඔබේ සේකර (your leader) යනුවෙන් සිහල නාමයක්ද ලබාගෙන මෙහි පදිංචි වු පෘතුගීසි ජාතික නාවික හමුදා නිලධාරියෙකුගේ පරපුරෙන් පැවතඑන එතුමා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයන් නීති උපාධි ලබා බැරිස්ටර් වරයෙකු ලෙස පැමින අධිකරණයට සම්බන්ධ විය. පසුව යටත්විජිත පාලනය යටතේ දිසා කොමසාරිස් වරයෙකු ලෙස රාජ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කල බව සඳහන් නමුත් එය බාලදක්ෂ දිසා කොමසාරිස් ධූරයද යන්න ගැන සඳහනක් නොමැත.

නමුත් ගම්පහ දිසාවෙි පැරනි නායකයින්ට අනුව මෙහි දිසා සංගමය ආරම්භ වූ දා පටන් එතුමා බාලදක්ෂ දිසා කොමසාරිස් වරයා ලෙස කටයුතු කර ඇත.මේ ගැන සොයා බැලීමේදී දිසා සංගමයේ දැනට සුරැකිව ඇතිවාර්ථා සහ ඡායාරූප මගින්ද එය සනාථ වන බව පෙනේ.

1968 -09 -11 දින පැවති කාරක සභාවේදී එතුමාගේ අභාවය ගැන ශෝකය පල කරමින් ආර්. ඩී. ඇල්බට් පෙරේරා සහ එම්. ඒ. මෙතායස් විජයවර්ධන මුහන්දිරම් රාලහාමි යන මහතුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පවුලේ අය වෙත ශෝකය පල කිරීමට ලිපියක් සකස් කිරීමේදී "පුරා 45 වසරක් දිසා කොමසාරිස් ධූරය දැරූ" යනුවෙන් සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ එතුමා 1921-22 පමන එම ධූරයට පත්වූ බවයි. තවද 1970 දී පැවති වාර්ෂික කඳවුර 48 වැන්න ලෙස එහි වැඩසටහන් පත්‍රිකාවේ සඳහන් අතර එම කාල වකවානුවද මේ හා සසැඳේ.

1928 දී පමන සොලමන් ඩයස් බන්ඩාරනායක මහතාගෙන් පසු මහ මුදලි (head mudaliyar, native headman, adviser or personal assistant Governor general of Ceylon) තනතුරට පත්වූ අතර 1936 දී පස්වන ජෝර්ජ් රජතුමා විසින් මහජන සේවය සම්බන්ධව නයිට් නාමයක් හා සාම විනිසුරු පදවියක් පිරිනමන ලදී.

මේ සියලු කටයුතු සමග බාලදක්ෂ කටයුතු වලටද සෑමවිටම සිය දායකත්වය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කොට ඇති අතර 1930දී පමන ප්‍රධාන කොමසාරිස් ශ්‍රිමත් වර්නන් ග්‍රේනියර් මහතා ධූරයෙන් ඉවත් වීමත් සමග එතුමා විසින් ඒ සඳහා නම්කල ජේ. එච්. ද සේරම් මහතා ඒ වනවිට ශිෂ්‍යත්වයක් සදහා ඇමරිකාවට ගොස් සිටි බැවින් ඔහු නැවත පැමිනෙන තුරු වැඩබලන ප්‍රධාන කොමසාරිස් වරයා ලෙස එම වගකීම භාර ගෙන කටයුතු කිරීම එයට කදිම නිදසුනකි.

එතුමාගේ සේවය වෙනුවෙන් ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමය මගින් පිරිනමන ලද ප්‍රධානයන් අතර
  • මැඩල් ඔෆ් මැරීට්- 1943
  • රජතමය එකෝන්- 1954
  • රජතමය සිංහයා - 1963
යන තොරතුරු සටහන්ව ඇති අතර අනෙකුත් ප්‍රධානයන් පිලිබඳ දිනවකවානු තහවුරු කෙරෙන සටහන්⁣ මෙතෙක් හමුවී නැත. 45 වසරක් පුරා මෙතුමාගෙන් සිදුවූ සේවය හා අනුග්‍රහය සනාථ වන මා දුටු යමක් අවසන් වශයෙන් සඳහන් කරමි, මෙම කාලය තුල පැවති දිසා සංගමයේ හා කාරක සභාවේ රැස්වීම් බොහෝය.

එයින් එතුමා මුලසුන නොගත් ඒවාද කලාතුරකින් හමුවේ,එතුමා නොපැමිනියද, සභාවේ වැඩ කටයුතු කෙසේ සිදුවුවද ඒවා දිසාවේ කවර ස්ථානයක පැවැත්වුනද සියලු සියලු වාර්ථා අවසන්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොත මෙන් එකම ලෙසිනි,

"අනතුරුව ශ්‍රීමත් ජේ. පී. ඔබේසේකර මහ මුදලිතුමන් විසින් සැපයුනු ප්‍රනීත තේ පැන් සංග්‍රහයකින් පසුව සභා තොමෝ සතුටින් විසිර ගියාය"

මුල් සටහන
W.P.Vithana
--------------------------
 


 


--------------------------------------------------

අමතර එක් කිරීමක්

සර්.ජේමිස් පිටර් ඔබෙිසේකරට පසුව බාලදක්ෂ දිසා සංගමයේ සභාපති ධුරය ඔහුගේ පුතු ජේ. පී. ඔබේසේකර (1915-2007) පත්විය. පසුව මීලඟට දිසා සංගමේ සභාපති ලෙස ද, අනතුරුව බාලදක්ෂ සංගමේ සභාපති ලෙස ද පත්විය. එතුමා කොළඹ රාජකිය විදුහලේ ද කේමිබ්‍රිඡ්හි උසස් අධ්‍යාපනය ද ලැබිය. ගුවන් නියමුවකු වු එතුමා හිටපු සෞඛය හා මුල්‍ය පිලිබද උප අමාත්‍යවරයකු ද වේ.
 

J.P.Obesekara මහතා විසින් රන්පොකුණුගම මහ විද්‍යාලයීය රන්දිය කැම්පෝරියේදී රොමේෂ් රොද්‍රිගො බාලදක්ෂයා වෙත ජනාධිපති සම්මානය පළඳවමින්

2 comments:

  1. මේක මගෙ පෝස්ට් එකක්,විකෘති කිරීම වැරදියි.

    ReplyDelete
  2. https://m.facebook.com/story.php?story_fbid=1947357361999273&id=100001750855752

    ReplyDelete