ශේෂද්‍රියි, යුරේනියි, දිනක්ෂියි බාරගත්තු Challenge එක

Avatar Nisanka Weheraduwa | April 8, 2020 2044 Views 0 Likes 0 Ratings

2044 Views 0 Ratings Rate it

මේ දවස් වල ගෙදරට වෙලා කාලය ගතකරන නිසාම බොහෝ දෙනෙකුට Social media එක්ක ගතකරන්න වෛපුර කාලය ලැබිලා. අනික් අතට මේ වෙද්දී එළියට බැහැල ඇවිදින්න හෝ කවුරුත් මුණගැහෙන්නත් බැරි තත්වයක් තියෙන නිසා, යාළුවන්ව, ඥාතීන්ව ඇසුරු කරන්න, ඒ අයගෙ දුක සැප විමසන්න ඒ අය එක්ක තොරතුරු බෙදාහදා ගන්නත් Social media හොඳ අවකාශයක්. ඔය අතරේ මේ platforms වල නොයෙක් විදිහේ අභියෝග නැතිනම් Challenges හුවමාරු වෙනවා. සමහර ඒවයින් කියවපු පොත් ගැන කතා වෙනවා. අහපු සින්දු ගැන, බලපු චිත්‍රපට ගැන කතා වෙනවා. මේ දේවල් වලින් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න වගේම අලුත් දැනුමක් ලබාගන්නත් පුළුවන්කම ලැබීම විශේෂත්වයක්. ඉතින් මේ Challenges අතරට එකතු වුන අලුත්ම Challenge එක තමයි Home garden challenge එක. සිනමා ක්ෂේත්‍රයේ ඉන්න අපේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක්ම මේ වැඩේට දායක වෙලා තියන බව ඔවුන්ගේ Social media වල පලකරලා තිබුනා.

ශේෂද්‍රි ප්‍රියසාද් මේ අභියෝගය බාරගත්ත එක්කෙනෙක්. ශේෂද්‍රි ඒ බව එයාගේ Instagram පිටුවේ පලකරලා තිබුනේ පින්තූර සහ වීඩියෝත් එක්කමයි. තමන්ගේ ගෙවත්තේ ප්‍රයෝජනවත් පැලයක් සිටුවීමෙන් ගෙවතු වගා ව්‍යාපෘතියට සම්බන්ධ වන අතරේම ඒ කටයුත්තට සම්බන්ධ වෙන්න තවත් කිහිප දෙනෙකුට අභියෝග කරන එක තමයි මේකෙදි සිදුවෙන්නෙ. ශේෂද්‍රිට මේ අභියෝගය දීල තිබුනේ එයාගේ සහෝදරිය දිනක්ෂි ප්‍රියසාද්. අභියෝගය බාරගත්ත ඇය ගෙවත්තේ පැලයක් සිටුවන ගමන් මෙහෙම කිවුවා. “තමන්ට අවශ්‍යකරන දේවල් ගෙදර වත්තෙන්ම හොයාගන්න පුළුවන් නම්, ඒක ලොකු දෙයක්. ඉතින් ටිකක් විවේකිව ඉන්න මේ කාලයේ ප්‍රයෝජනවත් විදිහට අපි ගෙවත්තේ අපට අවශ්‍ය දේවල් වගාකරන්න පටන් ගනිමු. ඒක අදට වඩා අනාගතයට ලොකු වටිනාකමක් වේවි”.

දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක වුනු යුරේනි නොෂිකාත් මේ ගෙවතු වගා අභියෝගය බාරගෙන තිබුනා. ඇයව මේ අභියෝගයට නම්කරල තිබුනේ ඔටාරා ගුණවර්ධන. කොහොම වුනත් අභියෝගය බාරගත්ත යුරේනි පැලයක් සිටුවන ගමන් මෙහෙම කිවුවා. “අපි ඉස්සර බොහොම ස්වයංපෝෂිත රටක්. අපිට අවශ්‍ය කරන දේවල් අපේ වටපිටාවේම තිබුනා. ඒ දේවල් අපි විසින්ම වගා කරගත්තා. නමුත් ලෝකය දියුණුයි කියනකොට අපි ඒ තැනින් මිදුනා. අවසානයේ අපට ඒ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය නැතුව ගියා. නමුත් අපට පුළුවන් ආපහු පොඩිවට හරි පටන් ගන්න. අඩු ගානේ අපේ කෑමට අවශ්‍ය වන එළවලු වර්ග කිහිපයක් හරි අපි ජීවත් වන වටපිටාවේ වගාකරගන්න අපිට පුළුවන්. ඉතින් මේ ලැබුණු විවේක කාලය, අනාගත ආයෝජනයක් විදිහට පාවිච්චි කරන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා.

දිනක්ෂි ප්‍රියසාද් මේ ගෙවතු වගා අභියෝගයට නම් කරලා තිබුනෙත් ඔටාරා ගුණවර්ධන විසින්මයි. ඉතින් අභියෝගය බාරගත්ත දිනක්ෂි පැලයක් සිටුවමින් ඒ වැඩේ පටන් ගන්න ගමන් කිවුවේ මෙහෙම කතාවක්. “ගහක් හිටවනවා කියන්නෙත් එක විදිහක Investment එකක්. ඒක අදට වඩා හෙට දවසට වටිනා ආයෝජනයක්. අනික අපිට හොඳ ගුණාත්මක කෑම වේලක් ලබාගන්නත් ඒක හුඟක් වැදගත්. මේ කාලයේ බොහෝ දෙනෙක් තරමක විවේකයෙන් ඉන්නෙ. ලෝකයටම අමාරු කාලයක් තමයි. හැබැයි අපි ඒ අමාරු කාලය ප්‍රයෝජනවත් විදිහට යොදාගමු. තමන්ගේ ගෙවත්තේ පැලයක් හිටවල, අදම මේ වැඩේ පටන් ගන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා”

මේ තුන්දෙනා තමන් බාරගත්ත ගෙවතු වගා අභියෝගය පටන් ගත්තේ කොහොමද කියල ඒ අයගේ Instagram පිටුවල සටහන් කරලා තිබුනේ මෙහෙමයි.

Share

2044 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.