නැඟෙන බිඳෙන නිල් රළ අතරින්…
කලිසම් හැඳ ළඳුන් උරපත වාරුලන මහතුන් අතරින්
මතු විය කළු බැඳුණු සරමක්
වාරු වූ දුම්රිය කණුවකට..
ලැබ මුරලි වරම
වයයි ඔහු වස්දඬු
තවරයි උස් පහත් නද මන…
මුසු කරයි සුසුම් බට නළාවට
ඉලිප්පී ගෙල නහර..
පතිත වෙයි මියුරු ස්වර
දිය නුදුටු දෙතොලින්..
ඇඟිලි ඉරි තැලුමින්…
බාග ගඩොල් අතැති, කිරි වැල් ඇබ කනැති
තුනේ පන්තියේ නෝනා මහතුන්ට
කෙසේ ඇසේ ද.. කෙසේ පෙනේ ද…
සයුරු නල මුසු වූ වස්දඬු නද
නිවයි සරසවි මාවතේ හද..
අත වූ මිල බස් ටිකට්පතට..
දිගු වූ කල ඔහු අතට..
කහට දත් සිනහව දිරි දෙයි..
පා ගමනට…..
Written by: Sahashra Dinasiri
Image Courtesy : https://bit.ly/2Usp8CS