යුනික්ස් මෙහෙයුම් පද්ධතිය(Unix)


පරිගනක මෙහෙයුම් පද්ධති ගැන දන්නා බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තිබේ.අද තිබෙන කුමන මෙහෙයුම් පද්ධතිය වුවත් ඉතිහාසයේ කවරදාක හෝ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ අභාෂය ලබා තිබේය යන්න නොදන්න දෙයයි


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දුවන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් නිර්මානය කල කොමියුනිකේශන් ස්ටැක් එක හෙවත් සන්නිවේදන තොරතුරු තාවකාලිකව ගබඩා කිරීමට සැකසු උපක්රමය මතය.


ඇපල් ඕඑස් එක්ස් මෙහෙයුම් පද්ධතියේ බොහෝ කොටස් නිර්මානය කොට තිබෙන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ කේත හෙවත් කොඩ්ස් මතය.


නිදහස් මෘදුකාන්ග ව්යාපාරය සම්පුර්ණ්යෙන්ම ආභාශය ලැබුවේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කිරීමේදී අනුගමනය කල පිලිවෙත් තුලිනි.ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ තිම්බිරි ගෙය වන්නේ යුනික්ස් මෙහෙයුම පද්ධතියයි.


අද අන්තර්ජාලයේ තොරතුරු ගබඩා කොට ගෙන එවා හසුරුවන බොහෝ සර්වර් පරිගණක යුනික්ස් මෙහෙයුම් පද්ධති තුලින් පන ලබයි.


යුනික්ස් යනු අද පරිගනක ලොලීන් බවට පත්ව ඒවායින් වැඩ ගන්නා බොහෝ දෙනෙකු උපදින්නටත් පෙර උපන් මෙහෙයුම් පද්ධතියකි.යුනික්ස් මෙහෙයුම් පද්ධ්තිය නිර්මාණ්ය කලේ අදින් වසර හතලිහකට පමණ පෙර .එනම් 1969 අගෝස්තු මාසයේදීය.


ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂන ආයතනය සහ ඒටී ඇන්ඩ් ටි බෙල් ලැබ්ස් ආයතනය සමඟ එක්වූ ජෙනරල් ඉලෙක්ට්රිකල් සමාගම , පරිගනක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ මේ ව්යාපෘතිය දියත් කලේය. 1960 දශකයේ භාවිත වූ විශාල ප්රමානයේ මේන් ෆ්රේම් පරිගනක වෙනුවෙනි. මල්ටික්ස් (Multics – Multiplexed information and computing service ) යනු මෙම මෙහෙයුම් පද්ධතියට දී තිබූ නමයි. මෙය දැවැන්ත මෙහෙයුම් පද්ධතියකි. මෙහි එතෙක් නොතිබූ නවාන්ග රැසක් හඳුන්වා දෙන ලදී. එහිදී පරිගනක ආරක්ශාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා තිබීම කැපී පෙනෙන ලක්ෂනයක් විය.


මල්ටික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මානය කෙලේ එය වානිජ නිශ්පාදනයක් බවට පත් කිරීමේ අදහසිනි.එහෙත් එය වානිජ වශයෙන් සාර්ථක නැත එනිසා මල්ටික්ස් දියුනු කිරීමේ ව්‍යාපෘතිය නැවතිනි.


මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩ කල බෙල් ලැබ්ස් පර්යේශකයන් අතර සිටි කෙන් තොම්සන් පරිගනක ක්‍රීඩා ලොලියෙකි.ඔහු ස්පෙස් ට්‍රැවල් නම් පරිගනක ක්‍රීඩාවක් නිර්මානය කලේය.එහෙත් එය මේන් ෆ්‍රේම් පරිගනක වල දුවන්නේ සෙමිනි.මේ නිසා අලුත් මෙහෙයුම් පද්ධතියක්ද නිර්මාණය කිරීමට තොම්සන් පටන් ගත්තේය.මාසයක් පුරා වෙහෙසී කේත ලිවීය.එය අවසන් වූයේ 1969 අගෝස්තුවේදීය.යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කේත සටහන උයේ එයයි. මේ කටයුතු වලදී කෙන් තොම්සන් සමඟ තවත් පර්යේශකයෙක් එක්ව සිටියේය, ඒ ඒ වනවිටත් ඩිජිටල් ඉක්විප්මන්ට් කෝපරේශන් ආයතනයට පීඩීපී සෙවන් පරිගනකය සඳහා මෘදුකාන්ග නිර්මානය කරමින් සිටි ඩෙනිස් රීච්ය.


ඩෙනිස් රීච් සමඟ එක් වූ කෙන් තොම්සන් සිය මෙහෙයුම් පද්ධතිය පීඩීපී සෙවන් පරිගනකයට ගැලපෙන සේ වෙනස් කලේය.ඒ ඔහුගේ 'ස්පෙස් ට්‍රැවල්' ක්‍රීඩාව හොඳින් ක්‍රියාත්මක වන පරිදිය.

බ්රයන් කර්නිගන් මල්ටික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට දායක වූවෙකි.ඩෙක් පී ඩීපී සෙවන් මේ නිර්මාණය කල මෙහෙයුම් පද්ධතිය නව මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් සේ දියුනු කිරීමේ අදහස ඔහුගේය.ඔහු ඊට නමක් දුන්නේය නම (UNIX) යුනික්ස් .

1970 දශකයේ මුල් භාගයේදී යුනික්ස් මෙහෙයුම් පද්ධතිය දියුනු කිරීමේ කටයුතුවල යෙදුනු පස් දෙනෙකි.කෙන් තොම්සන් ,ඩෙනිස් රිච් සහ බ්රයන් කර්නිගන් අමතරව ඩෆ් මැකරෝයි සමඟ ජෝ ඔසානා ඊට එක්ව සිටියේය.


1971 වර්ශය යුනික්ස් මෙහෙයුම් පද්ධතියට විශේෂ වසරකි.යුනික්ස් මෙහෙයුම් පද්ධතිය දියුණු කිරීමට ඇන්ඩ් ටී බෙල්ස් ලැබ්ස් ආයතනයෙන් මුදල් ලැබුනේ මෙම වසරේදීය.එසේම යුනික්ස් නාමය නිල වශයෙන් පිළිගත්තේද මේ වසරේදීය.ටෙක්ස් ප්රොසෙසින් හැකියාව සහිතව කීප දෙනෙකුට එකවර භාවිතා කල හැකිසේ මෙහෙයුම් පද්ධතිය දියුනු කලේද මේ වසරේදිමය.


යුනික්ස් මෙහෙයුම් පද්ධතියට නවාන්ග එකතු කිරීමට පහසු වන සේ 'C' පරිගණක භාෂාවෙන් නැවත ලියන ලදී. කටයුතු සම්පුර්න කළ 1973 වසර වන විට යුනික්ස් මෙහෙයුම් පද්ධතිය විශ්ව විද්යාල සහ උසස් තාක්ශණ ආයතන වල ප්රසිද්ධ වී තිබුනි. ආයතන වල යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ සම්පුර්ණ කේත සටහන පොතක් සේ සකසා මෙහෙයුම් පද්ධතියම සමඟම විකිනීමෙන් ටී ඇන්ඩ් ටී ආයතනය මුදල් ඉපයීය.


1975 වසරේදී යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ අලුත් සන්ස්කරනයක් (Unix 6) ආවේය. 1980 වන විට තිබුනේ එහි දසවන සන්ස්කරනයයි


මයික්රොසොෆ්ට් සමාගම විසින් 1980 දී 16 බිට් (16bit) මයික්රො කම්පියුටර් සඳහා යුනික්ස් පාදක මෙහෙයුම් පද්ධ්තියක් ඉදිරිපත් කලේය. සෙනික්ස් යනු එයයි (Xenix)


යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ කර්නලය ඇසුරෙන් එහි විවිධ වෙනස්කම් කරමින් අලුත් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේ ප්රවනතාව පුලුල්ව ඇරඹුනේ 1982 වසරෙනි.කැලිෆොනියා විශ්ව විද්යාලය විසින් BSD (Berkeley software Distribution Of Unix) නම් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරනු ලැබුවේ 1982දීය.


බීස්ඩී මෙහෙයුම් පද්ධතිය නිර්මානය කිරීමේ යෙදුන අය අතර සිටියෙකි බිල් ජොයි.ඔහු 1982 දී සන් මයික්රොසිස්ටම් සමාගම පිහිටුවා ගත්තේය. යුනික්ස් පාදක සන් ඕඑස් (Sun OS) මෙහෙයුම් පද්ධතිය නිර්මානය කරමිනි.


එතැන් පටන් ගෙවී ගිය දශකයකට වැඩි කාලය තුල යුනික්ස් කර්නලය පදනම් කරගත් මෙහෙයුම් පද්ධති ගනණාවක් එලි දුටුවේය.ඇපල් සමාගමේ නෙක්ස්ට් මෙහෙයුම් පද්ධතිය අතරින් කැපී පෙනෙන්නකි.ඇපල් කොම්පියුටර් සඳහා මැක්ස් ඕඑස් එක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමටද පාදක කර ගත්තේද නෙක්ස්ට් මෙහෙයුම් පද්ධතියයි.1971 දී ඩෙනිස් රීච් විසින් ලියනු ලැබූ සමහර කේත සටහන් අයුරෙන්ම අදත් මැක් ඕඑස් මෙහෙයුම් පද්ධති කර්නලය තුල තිබෙන බව කියවේ.


අද තිබෙන සියලුම පෞද්ගලික පරිගනක මෙහෙයුම් පද්ධති අභිබවමින් හොඳම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමේ කටයුතු වල ගූගල් සමාගම නිරත්වෙමින් සිටී.මෙම මෙහෙයුම් පද්ධතිය නම් ගුගල් ක්රෝම් .බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ ලොව එදා මෙදා තුර ලොව බිහිවූ හොඳම මෙහෙයුම් පද්ධතිය මෙය වනු ඇති බවයි.


එයටද යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ යම් යම් කේත කොටස් භාවිත කර ඇති බවට තොරතුරු හෙලිවේ. අනුව පෙනෙන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය තුලට නිර්මාපකයන් කවා ඇති ජීව ගුනයයි.

Comments

  1. Google Chrome "ලොව එදා මෙදා තුර ලොව බිහිවූ හොඳම මෙහෙයුම් පද්ධතිය" වෙන්නේ කොහොමද කියලා මට නම් වැටහෙන්නේ නෑ.

    Google Chrome මෙහෙයුම් පද්ධතිය Unix එකක් නෙවෙයි. ඒක Unix-like. එහෙම වෙන්නේ Google Chrome කියන්නේ තවත් එක් ලිනක්ස් ඩිස්ට්‍රෝවක් නිසා.

    ReplyDelete
  2. ගූගල් ක්‍රෝම් desktop pc වලට දාන්න බැහැනේ??

    ReplyDelete
  3. යුනික්ස් ගැන මෙච්චර දෙයක් දැනගන්න ලැබීම ගැන සතුටුයි....

    ReplyDelete

Post a Comment