COVID 19 නවතින්නේ කවදාද ??



මේ වන විට Covid 19 විසින් ලෝකයම ගිල ගනිමින් සිටී. එය ඉතාමත් වේගයෙන් ලොව වටා පැතිරෙමින් පවතින අතර වෛරසය සුළුවෙන් තැකූ ඉතාලිය වැනි රටවල් තත්වය පාලනය කරගත නොහැකිව ඉතා අසරණව සිටියි.

ලෝකයම මේ වන විට සිටින්නේ මෙම වසංගතයයට තිත තැබිය හැක්කේ කෙසේද යන්න සොයමිනුයි.

Covid-19 යනු Corona පවුලට අයත් වෛරසයක් වන අතර චීනයේ හුබෙයි පලාතේ වූහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වී ඇති බව දැනට සොයාගෙන ඇත. මෙහි ඇති භයානක කම වන්නේ මෙහි පැතිරීමේ වේගය සහ මාරාන්තික බවයි.

දැනට ලොව පුරා වෛරසය සඳහා එන්නත් සෙවීමේ තරගයක් පවතින අතර මේ වෙනතෙක් කිසිවෙකුත් එය ජයගෙන නැත.

බොහෝ වෙබඩවි සහ රූපවාහිනී නාලිකා වාර්තා කල ජපානය විසින් සොයාගත් බව කියන Avigan යන ඖෂධය තුලින් අතුරු ආබාධ පවතින බවත් ජපානයම මෙය භාවිතය නිර්දේශ නොකරන බවත් වාර්තා වෙයි.

මෙම වසංගතය නවතින්නේ කවදාද යන්නට පිළිතුරු සෙවීමේදී වෛද්‍යවරුන් පවසන්නේ මෙම වෛරසය සඳහා මිනිස් සිරුර තුල ප්‍රතිශක්තිකරණය දියුණු වීම හෝ එන්නතක් සොයා ගැනීම සිදුවීම තුලින් මෙහි ව්‍යාප්තිය නතර වන බවයි.

Comments