පුංචි ගුරු යුවතී පංතියේ


සිත් වසඟ කල කුමාරී
මතක අවුලයි යලි යලිත්
ප්‍රාග්දර්ශය නුඹද ඇයගේ
ඒදා මා සිත් සයුර කැළඹු 

 

නෙතග නෙත ගැටෙනා වෙලාවට
සිත පතුලෙම ඇනෙනා වෙලාවට
ඔනෑකම් තිබුනත් කියන්නට
නුරා සිතුවිලි ගැන කතා


කියන්නට නැහැ අවකාශයක්
සිතට ආ බව නුඹ සැනින්
පුංචි ගුරු යුවතී පංතියේ
සුන්දරයි නුඹ  ඇයම සේ

කරනු බැරි මට කඩ කිරීමක්
බැහැ ඉතින් තව බලා ඉන්නට
හැඟුම් උතුරන උනුසුමක සිට
වසා දමමින් සිතේ දොරගුලු
ඉඩක් නොදෙමී තවත් නං

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form