.

.

Feb 22, 2020

ළොකු ළූණූ වල පාලන මිළ හා ආන්ඩුවේ ගැසට් නිවේදන...




මේ ආන්ඩුවද කෙලිමින් සිටින්නේ පිස්සුමය...

අයියයි මල්ලියි ආන්ඩු කලද.... අයියා කොරන දේ මල්ලි දන්නේ නැතිය... මල්ලි කොරන දේ අයියා දන්නේ නැතිය....

මහින්ද අයියයි, බැසිල් අයියයි සයින්දමරුදුවල උන්ට නඟර සභාවක් දෙනවා කියා පොරොන්දු උනේය...

දෙන්නා එක්ක ගැසට් එකකින්ම පොරොන්දුව ඉටු කලේය..

මල්ලි..... කැබිනට් එකේ ආපූ විරෝධය හමුවේ ගැසට් එකකින්ම එය අහෝසි කලේය...

මෙම තීරණය රටේ පැවැත්මට බලපෑවේ කෙසේද කියා බලන්න වෙන්නේ.... අනාගතයේය..

ඒ අස්සේ ආන්ඩුව අද කියන්නේ.... ළොකු ළූණූ කිලෝ එකක උපරිම සිල්ලර මිළ රුපියල් 190 යි කියා..., අද රෑට ගැසට් එකක් ගහනවාය කියලාය...

ඔය ගැසට් ගැහුවාට හංදියේ කඩේ මුදලාලී ඕවා පයිසෙකට මායිම් කරන්නේ නැතිය.. ඕකා සඳුදා උදේට බී ළූණූ විකුණන්නේ රුපියල් 360 ටමය...

උගේ එක්ස්කියුස් එක වන්නේ.... ඌ ඒවා ගෙනාවේ වැඩි මිළටය... ඌට පාඩු විදින්න බැරිය කියනා එකය....

උගේ පැත්තෙන් බොරු උනත් කතාව සාධාරණය.... ආන්ඩුව නිසා ඌ පරිප්පු කන්න ඕන නැතිය...

ඝෝඨා පැමිණි ගමන් සද් චේතනාවෙන් බදු අඩු කලත්...., එයින්  ජනතාවට කිසිඳු සහනයක් ලැබුනේ නැතිය... විශේෂයෙන් භාන්ඩ හා සේවා මත පනවා ඇති වැට් බද්ධ විශාල ප්‍රතිශතයකින් පහත හෙලුවද... කිසිම දෙයක මිළ අඩු උනේ නැතිය...

ඒ වෙනුවට උනේ.... යෝගට් එකේ හා පැනඩෝල් පෙත්තේ මිළද වැඩි උන එක පමණමය...

වැඩේ වෙලා තියෙන්නේ... මේවා ක්‍රියාත්මක කිරීමට සිටිනා ආයතනවල ඉන්නා හාල්පාරුවන් මෙලෝ රහක් නැති උන් වීමය...

අනෙක, පස්වන හරස් වීදීයේ තොග වෙළඳමේ ආධිපත්‍යය දරන්නේ දෙමළ ප්‍රජාවය... මොවුන්ට දේශපාලන නායකත්වය දෙන්නේ මනෝ ගනේෂන් හා සුමන්තිරන්ය....

අද ඔවුන් ඉන්නේ කා සමගදැයි යන්න රහසක් නොවේ... ස්විස් ඇම්බසියේ සිට හාල් මිළ හරහා බඩු මිළ වැඩිකිරීමේ මාෆියාව එන්නේ විපක්ෂයේ ආශිර්වාදයෙන්ය යන්න ඕන ගොනෙකුට තේරෙනවාය....

මේ සියල්ලෝම හදන්නේ.... එලබෙන අවුරුදු සමයේ බඩු මිළට තවත් කෙලින්නටය... ඒ සඳහා උන් දැන් සිටම මිළ වැඩිකරමින් සිටිනාතර....

ජනතාව ණය වෙලා හෝ අවුරුදු කන බව දන්නා බැංකු කරුවෝ.... රන් බඩු උකස් ගන්නට ආකර්ශණීය පොලී අනුපාත හා තෑගිද පිරිනමමින් පෝස්ටර් හා ඇඩ් ප්‍රදර්ශණය කරමින් සිටී....

මාතලන් සිතන්නේ ණයක් ගන්න කොට තෑගිත් පිරිනමන ලෝකයේ ඇති එකම රට මේ අමුතු ඇටේ වෙන්න ඕනා කියාය....

මිනිසුන් අළුත් ආන්ඩුවක් පත්කර ගත්තේ මෙහෙම පරිප්පු කන්නට නම් නොවේ....

හාල්පාරුවන් එලවා නිර්භීත නායකත්වයක් පත්කර ගත්තේ මෙවන් මාෆියන්වලට පාඩමක් ඉගැන්වීමට මිස තවත් උන්ගේ රැස්පෙක්ට් බැලීමට නම් නොවේ....

අද...  කෝමද.... ළූණූ කෑවද.... දැන් ෂැපද.... කියා අහපු මහින්ද මහත්තයා.... අපිට කියන්නේ.... ළූණූ වලට අරක්ගත් මාෆියාවක් තියෙනවා කියලාය...

ඉතින් ලොක්කෝ අපි ඔහේලාට බලේ දුන්නේ.... උන්ට හැමිනවන්න මිසක්.... අවුරුද පහක් රට කෑ පරළ සකයෝ රෙද්ද අස්සේ දාගෙන අඳෝනා අහන්නට නම් නෙමෙයිය....

මේ සියල්ල පාලනය කරගත නොහැකි නම් අවුරුදු කටේ එන මැතිවරණයෙන් තුනෙන් දෙක ලබා ගැනීම නම් සිහිණයක් බව ලියා තබමින්....

මේ පල් හෑල්ල මෙතනින් නවතනවාය....

ඒ වගත් මෙසේය...

8 comments:

  1. මිනිසුන් අළුත් ආන්ඩුවක් පත්කර ගත්තේ මෙහෙම පරිප්පු කන්නට නම් නොවේ..../////

    රෙද්දේ රෙවුන මාතලන්,,,,උබ ගෝටා වේදිකාවේ ඕවා කිව්වේ නෑ කියලා මෙතන ගොන් පාට් දාලා ඉතුරු වෙලා තියන බයි චන්ද ටිකටත් කෙලගන්න හදන එපා.........ඒ බයි ලොජික් නූගත් බයියන්ට හොද උනාට අපිට හරියන්නේ නෑ....
    අවුරුදු 72 ක් රැවටිලා මේ පාරත් ආයේ රැවටුණු උබලටම අනුකම්පා කර ගනිල්ලා ගොන් හැත්ත..........

    ReplyDelete
  2. ඉතින් ලොක්කෝ අපි ඔහේලාට බලේ දුන්නේ.... උන්ට හැමිනවන්න මිසක්.... අවුරුද පහක් රට කෑ පරළ සකයෝ රෙද්ද අස්සේ දාගෙන අඳෝනා අහන්නට නම් නෙමෙයිය....///
    එහෙමද මාතලන්,,එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .

    ReplyDelete
  3. මේ ලංකාවෙ හැදෙන ලොකු ළූණු ගෙඩ්ඩට කොළඹ ඉන්න තොග වෙලෙන්දො ලන්සු තියන්නෙ කොහොමද? වැලිමඩ වැවෙන අල ගෙඩ්ඩත් එන්නෙ කොළඹට ගිහින් ගාන ගහගෙනද?

    ReplyDelete
  4. Mathalan umbanam sirama ponnayek bun.

    ReplyDelete
  5. මේ සියල්ලෝම හදන්නේ.... එලබෙන අවුරුදු සමයේ බඩු මිළට තවත් කෙලින්නටය... ඒ සඳහා උන් දැන් සිටම මිළ වැඩිකරමින් සිටිනාතර....


    දැන් බලාගෙන යනකොට මීට ඉස්සර අවුරුදු සමයේ බඩු මිළ වැඩිවෙලා නෑ.
    මාතලන් කවදද ඉස්රායලේ ඉඳල ආවේ.
    රෙද්දේ රෙවුන නං හෝදගනින් ඉක්මනට, රුන්නේ වෙන එකෙක්ය කියකිය ඉන්නැතුව .

    ReplyDelete
  6. go to madamulana and wash their asses mathalan

    ReplyDelete
  7. අපිනං මේ දේශපාලනේ තමුන්ගේ බඩ වඩාගැනීම උදෙසා පමණයි කියලා තේරුම් අරගත්තේ 2015 මැද භාගය වගේ වෙද්දී. උඹලා ඉතින් මාරුවෙන් මාරුවට පක්ෂෙන් පක්ෂෙට පුක දුන්නාම ඔය වගේ හිත් අමාරු ඉතුරු වෙන එක අහන්න දෙයක් නෑ.. එහෙන් මෙහාට මෙහෙන් එහාට විතැන් වෙන දේශපාලනය දිහා බැලුවාම ඔහේ මේ කරන්නෙත් පෂ්ට බොරුවක් කියලා තමා මටනං හිතෙන්නේ. මිනිස්සුන්ට ලොකු ළූණු කැවීම කෙසේ වෙතත් ඔහේ මේ බ්ලොග් කෙරුවාවෙන් සාක්කුවට ගානක් දාගන්න ලෙසක් තමයි පෙන්නුන් කරන්නේ.. කමක් නෑ බාන්.. උන් කොරන්නෙත් ඒකමනේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න