‘පැන්සොන්’ එක

Share

අද බැංකුවට ඇවිත් ඉඳපු ආච්චි අම්මා හරිම සිරියාවන්තයි, එයා මාත් එක්ක කරපු කතාව තමයි මේ බොහොම කෙටියෙන් ඉදිරිපත් කරන්නෙ. බලන්නකො, ආච්චි අම්මගෙ තියෙන සතුට……

බැඳිලා සේවය රජයට සහ රටට
හයිය තියෙන කාලෙම කඹුරපු එකට
හැම මාසෙම නොවරදවා මගෙ අතට
පැන්සොන් එක තමයි හයිය මේ හිතට

ආච්චි අම්මා එන්නකො අපේ ගෙදරට
කතා නැතුව පාළුයි හැමදාම හවසට
කෝල් එනව දහ පාරක් එහෙම දවසට
නිවනක් නෑ මුණුපුරු ඇරයුම් දෙසවනට

බණක් මඟුල් ගෙයක් ඉලව් තව දානේ
ලයිට් විදුලි ටී වී බිල් මගෙ ගානේ
තාමත් මං ලඟින්ම ඉන්නට ඕනේ
මගේ දුවට මං අමතක වෙන්නෑනේ

මැරෙන් කල්ම බයක් නැතුව කාල ඇඳල ඉන්න
හිතෙන වෙලාවට පුළුවන් පුතුගෙ ගෙදර යන්න
මගෙ පාඩුවෙ යන තැනකට දන් පින් කර ගන්න
පැන්සොන් එක තමයි හුස්ම මා සුරකින ඔන්න

Image Link: https://bit.ly/2URmZl3

 
Tagged : / /