Translate

Thursday, February 20, 2020

පසිඳු ගුණරත්න බාලදක්ෂයාට දකුණු කොරියාවෙන් රිදී පදක්කමක්

ලී ඇණ නිපදවීමේ යන්ත්‍රයක් හැදූ පසිඳු බාලදක්ෂයාට දකුණු කොරියාවෙන් රිදී පදක්කමක්

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂම විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් සඳහා ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය ලෙස ඔක්තෝබර් 26 වන දින ප්‍රකාශයට පත් කර ඇත. 1979 අංක 53 දරණ ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත මඟින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වර්තමානයේ විද්‍යා, තාක්ෂණල පර්යේෂණ, නිපුණතා, සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි. සමස්ථ දිවයිනම ආවරණය කරමින් ක්‍රියාවට නැංවෙන අතර වාණිජකරණය වූ නිර්මාණ මෙන්ම පොදු ජනතාව නියෝජනය වන විවෘත අංශයේ නව නිර්මාණ ද පාසල්, විශ්වවිද්‍යා, හා තෘතියික අධ්‍යාපන ආයතන අංශ වශයෙන් සෑම තලයකම නිර්මාණශීලීන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දැක්විය හැකියි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් දේශීය නව නිපැයුම්කරුවන්ට සිය නිර්මාණ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික, මූල්‍ය හා නීතී ආධාර ලබා දීමේ පරමාර්ථ ඉටු කර ගැනීමට නව නිපැයුම්කරුවන් සඳහා වූ අරමුදල ආරම්භ කර තිබේ. ඒ මගින් නිර්මාණශීලී දක්ෂතා ඇති ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කර ප්‍රචලිත කිරීමටත්, ඒවා නිෂ්පාදනයන් බවට පත් කර දේශීය/විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සහ නව රැකියා උත්පාදනයට මඟපෙන්වමින් නිපැයුම්කරුවන් සඳහා ආධාර ලබා දීම සිදු කරයි.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් දේශීය නව නිපැයුම්කරුවන්ට සිය නිර්මාණ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික, මූල්‍ය හා නීතී ආධාර ලබා දීමේ පරමාර්ථ ඉටු කර ගැනීමට නව නිපැයුම්කරුවන් සඳහා වූ අරමුදල ආරම්භ කර තිබේ. ඒ මගින් නිර්මාණශීලී දක්ෂතා ඇති ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කර ප්‍රචලිත කිරීමටත්, ඒවා නිෂ්පාදනයන් බවට පත් කර දේශීය/විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සහ නව රැකියා උත්පාදනයට මඟපෙන්වමින් නිපැයුම්කරුවන් සඳහා ආධාර ලබා දීම සිදු කරයි.

ඒ අනුව කොමිසම වෙතින් මූල්‍යාධාර අයදුම් කර සිටින නව නිපැයුම්කරුවන් අතරින් තෝරාගත් ඉහළ වාණිජකරණ විභවයක් සහිත නව නිපැයුම් සඳහා මූල්‍යාධාර ලබා දීමට “නව නිපැයුම් දිරිය” වැඩසටහන කොමිසම විසින් දියත් කර තිබේ. 

නවෝත්පාදන අදහස් යථාර්ථයක් බවට පත් කරලීමේ අරමුණ මුදුන්පත් කිරීම වෙනුවෙන් ජාතික නවෝත්පාදන සේවා මධ්‍යස්ථාන (National Incubation Centres) දිස්ත්‍රික්ක 05ක් මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කරයි. මේ වන විට එහි ප්‍රථම මධ්යස්ථානය ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇත. 

‘සහසක් නිමැවුම්’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය සැප්තැම්බර් 14 සිට 16 දක්වා, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී කොමසාරිස් ආචාර්ය සී. මහේෂ් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ක්ෂේත්‍ර 14ක් යටතේ නව නිපැයුම් 314ක් ප්‍රදර්ශනය කෙරුණා.

‘සහසක් නිමැවුම්’

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ‘සහසක් නිමැවුම්’ ලෙස නම් කර තිබෙනවා.

නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක ප්‍රදර්ශනයකදී එළි දක්වමින් සමාජගත කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහි කිරීම අරමුණු කරගනිමින් ‘සහසක් නිමැවුම්’ සංකල්පය ක්‍රියාවට නංවනු ලැබුවා.

මෙවර ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් 314ක් හඳුනා ගත් අතර, තාක්ෂණික ක්ෂේත්‍ර 14ක් ඔස්සේ ‘දසිස්’ කුසලානය දක්වා ජයග්‍රහණ රාශියක් හිමි කර ගැනීමේ අවස්ථාව නව නිපැයුම්කරුවන්ට හිමි වූවා.

ප්‍රදර්ශනය හා තරඟය කොළඹ 10, ඩී. ආර්. විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී සැප්තැම්බර් 14 සිට 16 දක්වා පැවැත්වුණා.

‘සහසක් නිමැවුම්’ ජාතික ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන ලද්දේ කොමිසම විසින් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වූ පළාත් නව නිපැයුම් තරඟවලින් උපරිම කුසලතා දැක්වූවන් වීම විශේෂයක්.

පළාත් 9 නියෝජනය වන පරිදි විවෘත, වාණිජකරණ, විශ්වවිද්‍යාල හා තෘතීයික අධ්‍යාපන ආයතන සහ පාසල් යන අංශයන් ඔස්සේ නව නිපැයුම්කරුවන් ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයට සුදුසුකම් ලබා තිබුණා අඛණ්ඩව නව නිපැයුම් සඳහා යොමු වන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථිකයන්ට උරුමකම් කියනා අතර නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ද නව නිර්මාණ බිහි කිරීම තුළින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට පෙරමුණ ගන්නේ නම් එය දේශීය නවෝත්පාදන ආර්ථිකය හරහා ලෝකය විනිවිද දකින දැවැන්ත පියවරක් වනවා නිසැක ය.

ජයග්‍රහණ හා ‘දසිස්’ සම්මාන
‘දසිස්’ යනු නව නිපැයුම් පරපුරේ පෙරළියක් වූ දඬුමොණරය නිර්මාණය කළ රාවණා රජුට අන්වර්ථ නාමයක් වන අතර, එය නූතන නව නිපැයුම් සමඟ ඉතිහාසය යා කරන්නා වූ පෞරාණික වටිනාකමක් ලෙස අර්ථ දැක්විය හැකිය. ප්‍රධාන තරඟ අංශ හතරෙන් වෙන වෙනම තෝරා ගැනෙන හොඳම නව නිපැයුම සඳහා එම තරඟ අංශයේ ‘දසිස්’ සම්මාන පිරිනමනු ලබයි. පසිඳු ශෙහාන් ගුණරත්න බාලදක්ෂයා මෙම සම්මානය ද දිනා ගත් අතර ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සහ ලෝක කාන්තා නව නිපැයුම්කරුවන්ගේ නව ව්‍යවසායකයන්ගේ සංගමය මඟින් 2019 ඔක්තෝබර් මස 3-7 දිනයන්හිදී දකුණු කොරියාවේ සෝල් නුවර ඒ.අයි. සෙන්ටර් හිදී පවත්වනු ලැබූ නව නිපදවීම් පිළිබඳ තරගයෙන් අයගම ගවරගිරිය ගමේ කේ. පසිඳු බාලදක්ෂයා රිදී පදක්කමක් ලබා ජයග්‍රහණය කරමින් අයගමටත් ශ්‍රී ලංකාවටත් ගෞරවයක් ලබාදීමට සමත්ව සිටී. ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සහ ලෝක කාන්තා නව නිපයුම්කරුවන්ගේ නව ව්‍යවසායකයන් සංගමය මගින් පසුගිය ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේ සෝල් නුවර ඒ. අයි. සෙන්ටර් හි දී පවත්වනු ලැබූ නව නිපදවීම් පිළිබඳ තරගයෙන් අයගම ගවරගිරිය ගමේ කේ. පසිඳු ශෙහාන් ගුණරත්න බාලදක්ෂයා රිදී පදක්කමක් ලබා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවටත් ගෞරවයක් ලබාදීමට සමත්ව සිටී.

එම තරගය සඳහා රටවල් තිස් හතක් ඉදිරිපත්ව සිටි අතර පසිඳුගේ නව නිපැයුම වූයේ අඩු වියදමකින් සහ අඩු කාලයකින් ලී ඇණ නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඉදිරිපත් කිරීමයි. අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන පසිඳු නිරන්තරයෙන් අලුත් යමක් අත්හදා බලා අලුත් යමක් නිපදවීමට උත්සාහ කරන දරුවෙකි. වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වන තම පියා වඩු නියන උපයෝගි කර ගනිමින් ‘ලී ඇණ’ නිපදවීමට නිරන්තරයෙන් ගන්නා වෙහෙස පිළිබඳ අවධානය යොමු කළ පසිඳු බාහිරින් සොයාගත් දේ එක්කාසු කරමින් ‘ලි ඇණ’ නිපදවන යන්ත්‍රය තනා ඇත. ලී කැබලි එකිනෙකට සම්බන්ධ කිරීමටත් වඩු කාර්මිකයන්ට නිතරම ‘ලී ඇණ’ අවශ්‍ය වේ. ඒවා නිපදවීමට කාලයක් වැය වෙයි. එමෙන්ම ප්‍රවේශමින් කළ යුත්තකි. එහෙත් යන්ත්‍රය හේතුවෙන් කාලය ඉතුරු වෙනවා පමණක් නොව අඩු වියදමකින් අවදානමක් නොගෙන කාර්යක්ෂමව මනා නිමාවකින් යුත් ඇණ නිපදවිය හැකිය. විදුලිය අවශ්‍ය නැත. 

2019 මැයි මාසයේ පැවැති පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී සබරගමුව පළාත් තරගයෙන් ජය ලැබූ පසිඳු සැප්තැම්බර් මස 16,17 දිනයන්හි බණ්ඩාරනායක ගුණ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික තරගයෙන්ද රන් පදක්කමක් ලබා ජයගෙන ඇත. මේ යන්ත්‍රය නිපදවීම සඳහා පසිඳු රුපියල් තුන්දාහක් වැනි මුදලක් වැය කර ඇති නමුත් එමඟින් පසිඳු ජාතියට දායාද කර ඇති වටිනාකම මුදලින් පමණක් ගණනය කළ හැකි නොවේ.
එම තරගය සඳහා රටවල් තිස් හතක් ඉදිරිපත්ව සිටි අතර ශෙහාන්ගේ නව නිපැයුම වූයේ අඩු වියදමකින් සහ අඩු කාලයකින් ලී ඇණ නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඉදිරිපත් කිරීමයි. අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෙහාන් නිරන්තරයෙන් අලුත් යමක් අත්හදා බලා අලුත් යමක් නිපදවීමට උත්සාහ කරන දරුවෙකි. වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වන තම පියා වඩු නියන උපයෝගී කරගනිමින් 'ලී ඇණ' නිපදවීමට නිරන්තරයෙන් ගන්නා වෙහෙස පිළිබඳ අවධානය යොමු කළ ශෙහාන් බාහිරින් සොයාගත් දේ එක්කාසු කරමින් 'ලී ඇණ' නිපදවන යන්ත්‍රය තනා ඇත. ලී කැබලි එකිනෙකට සම්බන්ධ කිරීමටත් වඩු කාර්මිකයන්ට නිතරම 'ලී ඇණ' අවශ්‍ය වේ. ඒවා නිපදවීමට කාලයක් වැය වෙයි. එමෙන්ම ප්‍රවේශමින් කළ යුත්තකි. එහෙත් යන්ත්‍රය හේතුවෙන් කාලය ඉතුරු වෙනවා පමණක් නොව අඩු වියදමකින් අවදානමක් නොගෙන කාර්යක්ෂමව මනා නිමාවකින් යුත් ඇණ නිපදවිය හැකිය. විදුලිය අවශ්‍ය නැත. 2019 මැයි මාසයේ පැවති පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී සබරගමුව පළාත් තරගයෙන් ජය ලැබූ ශෙහාන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික තරගයෙන් ද රන් පදක්කමක් ලබා ජයගෙන ඇත. මේ යන්ත්‍රය නිපදවීම සඳහා ශෙහාන් රුපියල් තුන්දාහක් වැනි මුදලක් වැය කර ඇති නමුත් එමගින් ෂෙහාන් ජාතියට දායාද කර ඇති වටිනාකම මුදලින් ගණනය කළ හැකි නොවේ. ශෙහාන්ගේ ඊළඟ අරමුණ වී ඇත්තේ යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමයි. පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ද සාමාජිකයෙකු වන ශෙහාන් තමන්ගේ කටයුතු සඳහා උදව් කරන චතුරංග බණ්ඩාර විද්‍යා ගුරුතුමා ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

පසිඳුගේ ඊළඟ අරමුණ වී ඇත්තේ තව තවත් නව නිර්මාණවල යෙදීමය. මෙම යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇති අතර තමන්ගේ කටයුතු සඳහා උදවු කරන චතුරංග බණ්ඩාර විද්‍යා ගුරුතුමා ද බාලදක්ෂ ආචාර්යවරයා ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.  පසුගිය බී.පී. දිනයේදී තමාගේ සිතෙහි උපන් අදහසක් මල්ඵල ගන්වමින් තම පියාගේ වඩු මඩුවට අවශ්‍ය ලී ඇන නිෂ්පාදනය කර දීම සඳහා මෙම නිර්මාණය සිදුකල බව Scouting සඟරාවට පැවසීය. නව නිර්මාණකරුවන් බිහිකරන රත්නපුර බාලදක්ෂ දිසාවටත් පසිඳු බාලදක්ෂයාටත් අපි සුබ පතමු.

---------------------------------------------------

With Many Victories Sri Lanka Inventors Once again Praise From International

Sri Lankan Young Inventors shine at The 6th International Young Inventors Awards (IYIA) 2019, Jakarta, Indonesia

Sri Lankan School Inventors who participated in the “6th International Young Inventors Awards (IYIA) 2019” competition held in Jakarta, Indonesia form 09th to 12th October were rewarded with great achievements. They have won one (01) Special Award, four (04) Gold Medals, six (06) Silver Medals and two (02) Bronze Medals. The Sri Lankan School Inventors who participated in the “Korea international Youth Olympiad (KIYO) 4I 2019” competition held in Seoul, Korea on 05th and 06th October were rewarded with great achievements.

They have won three (03) Special Awards, three (03) Gold Medals, six (06) Silver Medals and four (04) Bronze Medals.  
Boy Scout Pasindu Shehan Gunarathna, one of the Silver Medal inventors at the Korea International Youth Olympiad (KIYO) 2019 who invented a Machine of Producing Wood Nail Innovation.


 

Participants in this competition were selected among young inventors who won gold medals and silver medals in the school category at the “Sahasak Nimavum 2018”, National Exhibition for Inventions and Innovations. The Sri Lanka Inventors Commission fully sponsored these students to participate “IYIA 2019”. Their achievements are as follows.



Rathnapura District Boy Scout, Pasindu Shehan Gunarathna - Machine of Producing Wood Nail -  Silver Medal

In woodworking and construction, a nail is a small object made of metal or wood. The history of the nail is divided roughly into three distinct periods. The first nails were made of wrought iron. Nails date back at least to Ancient Egypt. The Bible provides a number of references to nails, including the story in Judges of Jael the wife of Heber, who drives a nail (or tent-peg) into the temple of a sleeping Canaanite commander. the provision of iron for nails by King David for what would become Solomon's Temple. and in connection with the crucifixion of Christ. The Romans made extensive use of nails. The Roman army, for example, left behind seven tons of nails when it evacuated the fortress of Inchtuthil in Perthshire in the United Kingdom in 86 to 87 CE. The term "penny", as it refers to nails, probably originated in medieval England to describe the price of a hundred nails. There haven’t always been iron and steel nails to use in construction. Long before nails and screws were widely available, most construction – whether it was furniture, ships or building construction – made use of wooden nails and pegs. 

Wooden joins like those that use wooden nails are preferable to metal nails and screws in construction that will be exposed to the elements. The reason is a simple one – a rusted nail contributes to rotting wood, weakening the construction. A securely fastened join using wooden nails is stronger and lasts longer than most metal and wood construction. There are a number of construction firms that specialize in timber frame construction of cabins and cottages, using all wood joins, including wooden peg and wooden nails as fasteners. Wooden nails are made from dowels, generally a hardwood. They’re often pre-shaped with a rounded or tapered tip to make insertion easier. They may be smooth or grooved to hold glue better, and they are available in many different lengths. The finished quality of your furniture can’t help but be affected by the quality of the wooden nails used in its construction. 

More Scout Innovations 
--------------------- 
01. Ratnapura Boy Scout Builds, AMAZING MODEL HELICOPTER !! - https://youtu.be/gjW1UKWfd6w



02. Sri Lanka Boy Scout Invented Wood Nail Making Machine - https://youtu.be/gjW1UKWfd6w
---------------------------------------

No comments:

Post a Comment