Translate

Wednesday, February 19, 2020

රහස් පරීක්ෂක බාලදක්ෂයෝ - 02 කොටස

රහස් පරීක්ෂක වැඩ වලට දක්ෂ අයට මෙන්න තියෙනවා විසදන්න ප්‍රශ්න ටිකක්

කම්මැලිකමේද ඉන්නේ??. මෙන්න තියෙනවා එහෙනම් මොලෙ පොඩ්ඩක් වෙහෙසලා කම්මැලිකම නැතිකර ගන්නත් එක්ක විසදන්න ගැටළු ටිකක්… මුලින්ම උත්සාහ කරලා බලන්න. ඊට පස්සෙ අන්තිමට තියෙන උත්තර ටික බැලුවට කමක් නැහැ.

1. නරක අදහස

එක්තරා කාන්තාවක් තම මිතුරියට රාත්‍රී ආහාරයට නිවසට ආරාධනා කලා. රාත්‍රි ආහාරය සදහා ඇය පොඩිකරගත් අල සහ රෝස් කල ගවමස් සාදනු ලැබුවා. කෑමෙන් පසු අතුරුපසට ඇපල් ගෙඩියක් ගෙන දෙකට කැපූ ගෙහිමි කාන්තාව එක් ඇපල් කැබැල්ලක විපින් ක්‍රීම් ගල්වා මිතුරියට දුන්නා. තවත් විපින් ක්‍රීම් ඇය බදුනක දමා පසෙකින් තැබුවා. ඉන් පසුව ඇය ඉතිරි වූ ඇපල් කැබැල් ආහාරයට ගත්තා. පසුව ආගන්තුක කාන්තාව විෂ ශරීගත වීමක් නිසා මියගිය නමුත් එකම ආහාර අනුභව කල ගෙහිමි කාන්තාව දිවි බේරා ගත්තා. කොහොමද එහෙම වුනේ?

 http://pansala.online/wp-content/uploads/2019/01/1-12.jpg

 2. කවුද බොරු කියන්නේ?

ටොම් නම් පුද්ගලයෙක් ඉරිදා දින ඔහුගේ සහෝදරයා වන ඩෑන් වෙත දැනුම් දීමෙන් පසුව, තම මිතුරා වෙන ක්‍රිස් සමග කදු නැගීමක නිරත වුනා. නමුත් ඊලග සෙනසුරාදා ටොම් ගේ මලසිරුර කැලය තුල තිබී පොලිසිය විසින් සොයා ගත්තා. මේ සම්බන්ධව ඩෑන් පැවසුවේ ඔහු පසුගිය සතිය පුරාම වැඩ කරමින් සිටි බවයි. ටොම් සමග ගමන් ගත් මිතුරාව මහා මාර්ගයක් අසල ගමන් කරමින් සිටින විට සොයා ගත්තා. ඔහු පැවසුවේ වනාන්තරය තුලදී ඔහුට ටොම්ව මගහැරුනු බව හා තමන් දින 7ක් වනාන්තරය තුල අතරමන්ව සිට මේ නිවසට ගමන් කරන බවයි. ඉහත පින්තූරයේ ඔවුන්ගේ මුහුණු දෙස බලලා බොරු කියන්නේ කවුද කියලා හොයන්න?


3. ඝාතකයාගේ නම අනුමාන කරන්න

බේකර් වීදියේ සුන්දර නිවසක ජීවත් වුනු ධනවත් මිනිසෙකු වෙන රොනල්ඩ් ග්‍රීන් මහතා හදිසියේම අතුරුදහන් වුනා. මේ ගැටළුව විසදීමට ෂර්ලොක් හෝම්ස් මහතාට බාර දුන් අතර එහිදී ඔහු අපරාධය සිදුවූ ස්තානයේ තිබුනු ග්‍රීන් මහතා විසින් ලියා තිබුනු කොල කැබැල්ලක් සොයා ගත්තා. එහි තිබුනේ “First of January, Fourth of October, Fifth of March, Third of June.” යනුවෙනුයි.ඝාතකයාගේ නම මේ සටහන තුල සැගවී තිබෙන බව ෂර්ලොක් හෝම්ස් විසින් සොයා ගත්තා. සැකකරුවන් පහත පරිදි වෙයි.Jack Green – Ronald Green මහතාගේ පුත්‍රයා සහ අනාගත දේපළ හිමිකරු.John Jacobson – Ronald Green මහතාගේ සේවකයා.June Green – Ronald Green මහතාගේ බිරිද. ෂර්ලොක් හෝම්ස් මහතා ඝාතකයාගේ නම ක්ෂණිකව හොයා ගත්තා. බලන්න ඔයාටත් පුලුවන්ද කියලා..


4. අපරාධයට ලක් වුනු පුද්ගලයාගේ සහ මිනීමරුවාගේ නම සොයන්න.

පුද්ගලයො 5 දෙනෙක් ඉන්නවා. මෙන්න මේවා තමයි ඔයාට ලැබෙන ඉගි..
මොවුන්ගෙන් එක් අයෙකුගේ වෙඩි තැබීමකින් අනෙක් අයගෙන් 1අයෙක් මරණයට පත් වුනා.ඊයේ පැවති නිව්යෝර්ක් මැරතන් ධාවන තරගයට සගභාගි වුනු ඩෑන් අහිංසක පුද්ගලයෙක්.මයික් නගරයට පැමිනීමට පෙර ගොවියකු ලෙස කටයුතු කර තියෙනවා.ජෙෆ් විශිෂ්ටතම පරිගණක උපදේශකයෙක් වූ අතර ලබන සතියේදී බෙන් ගේ නව පරිගණකය ස්ථාපනය කිරීමට සූදානමින් සිටිනවා.ඝාතකයා පසුගිය මාසයේදි ඔහුගේ කකුල කපා ඉවත් කලා.බෙන්ට ජැක්ව පලමුවතාවට මීට මාස 6කට කලින් මුණ ගැසී තියෙනවා.අපරාධයෙන් පසු ජැක් හුදකලාව වාසය කිරීම සදහා පිටත්ව ගොස් තියෙනවා.ඩෑන් බොහෝ සෙයින් බීමට ඇබ්බැහි වී සිටියා.බෙන් සහ ජෙෆ් ඔවුන්ගේ අවසාන පරිඝනකය එකට එකතුවී නිපදවා ගත්තා.ජැක්ගේ සහෝදරයා මිනීමරුවෙකු වන අතර ඔවුන් හැදී වැඩී තිබුනේ සියෑටල් වලයි.


5. නම සටහනේ ලියා තියෙනවා.
එක්තරා හිම සහිත රාත්‍රියක ෂර්ලොක් හෝම්ස් නිවසේ ගිණි උදුන අසල වාඩි වී සිටියා. හදිසියේම හිම බෝලයක් ඔහුගේ ජනේලයත් බිදගෙන ඇතුලට පැමිනියා. ඔහු හනිකට නැගිට ජනේලයෙන් බැලූ විට අසල්වැසි සහෝදර දරුවන් 3නෙක් ඉවතට දුවගෙන යන අයුරු දුටුවා. ඔවුන්ගේ නම් තමයි John Crimson, Mark Crimson සහ Paul Crimson. ඊට පසු දින හෝම්ස් මහතාට සටහනක් ලැබුනා.. එහි තිබුනේ “? Crimson. He broke your window.” යනුවෙනුයි.
මේ සිද්දිය සම්බන්ධයෙන් ශර්ලොක් මහතා Crimson සහෝදරයන්ගෙන් කුමන කෙනාගෙන් ප්‍රශ්න කරයිද?


6. මේ ගැටළුව සම්බන්ධයෙන් රාමුවෙන් පිට සිතා බලන්න.


එක්තරා හිම සහිත කාලගුණයකදී එලිමහනේ පුද්ගලයකු මියගොස් සිටියදී සොයා ගත්තා. නමුත් ඉතිරිව තිබුනේ සමාන්තර පෙලි දෙකක් අතර මියගිය පුද්ගලයා වෙතින් ඉවතට වැටුනු අඩි සලකුනු පමනයි.
පොලිසිය මොන විදියේ පුද්ගලයෙක් මේ සදහා සැක කරයිද?




7. තවත් අපරාධයක්.

එක්තරා ධනවත් මිනිසෙක් කුඩා නිවසක ජීවත් වුනා. ඔහු ආබාධිත වූ නිසා ඔහුට අවශ්‍ය සියලුම දේ නිවස තුලටම සපයනු ලැබුවා. බ්‍රහස්පන්දා දින පැමිනි තැපැල්කරු නිවසේ දොරට තට්ටු කර එය අඩවල් කර තිබුනු බව දැක ඇතුලට පැමිනියා. එහිදී ඔහු පැවසුවේ නානතටාකය තුල වියළී ගිය ලේ සමග ධනවත් පුද්ගලයා වැතිරී සිටි බවයි. දොර අසල තිබී කිරි බෝතල් 2ක්, සදුදා පත්තරය, කැටලොග් එකක් සහ විවෘත නොකල ලිපියක් සොයා ගත්තා. ෂර්ලොක් හෝම්ස් මහතා පැමින මේ කරුණු අධ්‍යනය කීරිමෙන් පසුව ඝාතකයා තැපැල්කරු බව පවසා සිටියා.
ඔහු එය දැන ගත්තේ කොහොමද?


8. දුෂ්කර චාරිකාව.

මිතුරන් දෙදෙනෙකු කදු නැගීමේ චාරිකාවක් සදහා පිටත්ව ගියා. නමුත් චාරිකාව නිමකර එක් අයෙක් පමනක් ආපසු පැමිනි අතර ඔහු පවසා සිටියේ කදු නැගීමේදී අනෙකා ලිස්සා ගොස් මියගිය බවයි. විමර්ශනය කිරීමෙන් පසුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තා, පොලිසිය පැවසුවේ.. “අපිට ඔබේ සංචාරක නියෝජිතයාගෙන් ඇමතුමක් ලැබුණා. අපි දන්නවා ඔයා ඔයාගේ යාළුවාව මැරුවා කියලා..”
පොලිසිය එය සොයා ගත්තේ කොහොමද?


9. අවසානේදි හැමදේම එලි වෙනවා.

එවාන් නමැති පුද්ගලයා පොලිසිය අමතා පවසා සිටියේ මුදුදු වෙරලේදී සිය මිතුරා වුනු ලියාම් මියගොස් සිටිනවා කියලයි. තවදුරටත් ඔහු පැවසුවේ කැලිෆෝර්නියාවේ ගිම්හානයේදී සතියකට පමන වෙරළ බඩ නිවස ලියාම්ට ලාබා දුන් බවත්, පසුව ඔහු සීතල ආර්ජන්ටිනාවේ වැඩ කිරීමට පිටත්ව ගොස් පැමිනි විට මිතුරාව මරාදමා තිබෙනු දුටු බවත්ය. නමුත් පොලිසිය වහාම ඔහු බොරු කියන බව සොයා ගත්තා. උඩ තියෙන ඔහුගේ පින්තූරේ දිහා බලලා ඔයාටත් ඒක අනුමාන කරන්න පුලුවන්ද?


10. දකින විදියට මේක පැහැදිලි නැහැ.

අනුමාන කරන්න බලන්න මේ පින්තූරේ ඉන්න කාන්තාවෝ දෙන්නගෙන් කොයි එක්කෙනා ගොඩක් දුප්පත් ඇතිද කියලා? 


11. කවුද බොරුකාරයා?

හදිසි අනතුරකින් සිදු වූ කොමා තත්වයකින් දින2කට පසුව මේ පුද්ගලයා අවදි වුනා. ඉන් පසුව ඔහු බැලීමට කාන්තාවන් 2නෙක් පැමිනි අතර ඉන් එක් අයෙක් තමා ඔහුගේ බිරිද බවත් අනෙක් කාන්තාව ඔවුන්ට දරුවන් සිටින බවත් පවසා සිටියා. මෙතනින් කවුද බොරු කියන්නේ?


12. මේකත් විසදන්න බලන්න.

මේ පින්තූර 2 දිහා බලලා ඔයාගේ තීක්ෂණ බුද්ධිය භාවිතා කරලා දුප්පත් පවුල කොයිකද කියලා කියන්න බලන්න?


13. හොදට නිරීක්ෂණය කරන්න පුලුවන් අයට තමයි මේක?


මේ පිතුරේ දිහා හොදට බලන්න? මේ පින්තූරේ සෙල්ලම් බඩු හොරෙක් ඉන්නවා.. ඒ කවුද?


------------------------------

13න් ලකුණු කීයක් තිබේද බලන්න

------------------------------



පිලිතුරු

1. වස වී ඇත්තේ විපින් ක්‍රීම්

http://pansala.online/wp-content/uploads/2019/01/14-7.jpg

2. මෙතනින් බොරු කියන්නේ ක්‍රිස්. ඔහු සතියක් කැලයේ අතරමන්ව සිට දැන් පිටතට පැමිනියා නම් ඔහු හොදින් රැවුල් බාලා තියෙන්නේ කොහොමද?


3. පැහැරගත් පුද්ගලයා තමයි John Jacobson

එහෙම කියන්නේ මෙන්න මේ නිසයි:
First of January යන්නෙන් January යන වචනයේ පලමු අකුර ගත හැකියි.: J.
Fourth of October යන්නෙන් October යන වචනයේ හතරවන අකුර ගත හැකියි.: O
fifth of March යන්නෙන් March යන වචනයේ පස්වෙනි අකුර ගත හැකියි.: H
Third of June යන්නෙන් June යන වචනයේ තුන්වෙනි අකුර ගත හැකියි.: N
එවිට John යන නම ලැබෙනවා.

4. ජෙෆ් මයික්ව ඝාතනය කර තියෙනවා. එහෙම කියන්නේ මෙන්න මේ නිසයි.


ජැක් කියන්නේ ඝාතකයෙක් නෙමෙයි. ඝාතකයකුගේ සොහොයුරා පමනයි.ඝාතකයා මෑතදී ඔහුගේ පාදය කපා දමා ඇති නිසා, ධාවන තරග වලට සහභාගි වෙන ඩෑන්ව සැක කල නොහැකියි.බෙන් මිනීමරුවා වෙන්නද බැහැ. ඔහුට ජැක්ව මුණ ගැසී තියෙනවා. ජැක් සහ මිනීමරු සොහොයුරා හැදී වැඩී තියෙන්නේත් එකටයි.මේ වන විට ජෙෆ් ජීවතුන් අතර ඉන්නවා. මොකද ඔහු ලබන සතියේදී බෙන් ගේ නව පරිඝනකය ස්ථාපිත කිරීමට සූදානමිනුයි ඉන්නේ.නමුත් මයික්ගේ වර්තමානය ගැන කිසිම සදහනක් නැහැ.

ජැක්, ඩෑන්, බෙන් සහ ජෙෆ් තවමත් ජීවතුන් අතර සිටින අතර මයික් මියගිහින් තියෙනවා. අපිට ඒ නිසා ජෙෆ් ඝාතකයා බව නිගමනය කරන්න පුලුවන්.

5. ඒ තමයි Mark. සටහනේ තියෙන්නේ “? Crimson,” යන විදියටයි. එය අපිට “Question Mark Crimson.” යන ලෙස කියවිය හැකියි.


6. රෝද පුටුවේ ගමන් කල පුද්ගලයෙක්.


7. අගහරුවදා සහ බදාදා පත්තර ලැබී නැති නිසා තැපැල්කරු පුද්ගලයා මියගොස් සිටින බව දැන ගෙන සිට තියෙනවා සහ පත්තරය කිසිවෙකු විසින් කියවා ඇති බවකුත් පෙනෙන්න නැහැ.


8. මේ පුද්ගලයා තමා සදහා, යාමට සහ පැමිනීමට යන දෙකටම ගුවන් ටිකට් පත් කලින්ම වෙන් කරවාගෙන තිබුනු නමුත් තම මිතුරා සදහා වෙනකරගෙන තිබුනේ පිටත්වීමේ ටිකට් පත් පමනයි. ඒ නිසා මෙය සැලසුම් කල ඝාතනයක් ලෙස අනුමාන කරන්න පුලුවන්.


9. කැලිෆෝනියාවට ගිම්හානය නම් ආර්ජන්ටිනාවට ශිත සෘතුව විය යුතුයි. ඔහුගේ මුහුණේ අවුවට පිලිසුනු සලකුණු දකින්න ලැබෙන නිසා ඔහු ආර්ජන්ටිනාවේ නොව කැලිෆෝර්නියාවේ ජිවත් වූ බව අනුමාන කරන්න පුලුවන්.


10. A. ධනවත් බවින් අඩු පුද්ගලයන් තමන්ගේ ධනවත් බව පෙන්වීමට මිලෙන් වැඩි භාණ්ඩ භාවිතා කරනවා. ඉහත A රූපයේ කාන්තාව අඩි උස පාවහන්, මිල අධික ඇදුම් සහ ඉතා තද මේකප් වලින් සැරසී සිටින බව පේනවා. ඒවගෙම එවැනි අය උපයනවාට වඩ වැඩි මුදලක් වියදම් කරන නිසා ඇගේ ශීතකරණය අවශ්‍ය අනවශ්‍ය සියල්ලෙන්ම පුරවාගෙන සිටිනවා දකින්න ලැබෙනවා.


11. රතු ඇදුම ඇදගෙන සිටින කාන්තාව කියන්නේ බොරුයි. ඇය ඔහුගේ බිරිද බව පවසන නමුත් ඇගේ අතේ මගුල් මුද්දක් දකින්න ලැබෙන්නේ නැහැ.


12. වම් පස සිටින පවුල දුප්පත්. සාමාන්‍යයෙන් අඩු ආදයම්ලාභී පවුල් වෙත ආහාර ගලා යාමේ අඩු ප්‍රවනතාවයක් තමයි තියෙන්නේ. ඒනිසා ඔවුන් තමන්ට හැකි විට පෝෂණ ගුණයෙන් අඩු නමුත් රසවත් ආහාර මිලදි ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් ධනවත් පවුල් වල උදවිය ආහාරයක් තෝරා ගැනීමේදී බොහෝ විට උත්සාහ ගන්නේ පෝෂණ ගුණයෙන් ඉහල ආහාර වර්ග තෝරා ගැනීමටයි.


13. සොරා වෙන්නේ කහ පැහැති ඇදුමක් ඇදගෙන යන කාන්තාවයි. ඉගිය මගින් හෙලි කරන්නේ සොරා කුඩා පිරිමි ළමයා නොවන බවයි. පෙනෙන ආකාරයට මවගේ බෑගයේ සිටින කුඩා ටෙඩි බෙයා වැනි සහ මිනිසාගේ බෑගයේ සිටින හාවා වැනි කුඩා සෙල්ලම් බඩු මෙම සෙල්ලම් බඩු සාප්පුවේ විකුණන්නේ නැහැ. කහ පැහැති ඇදුමක් ඇදගෙන සිටින කාන්තාව සාප්පුවෙන් බෝලයක් ගෙන තම ඇදුම තුල දමාගෙන ගැබිනියක ආකාරයෙන් ගමන් කරන බව අපිට නිගමනය කරන්න පුලුවන්.


--------------------------------------

කොහොමද පුලුවන් වුනාද මේ ගැටළු ටික විසදන්න? හෝමස්ටත් අනුමාන කරපු බෙහෝ දේවල් වැරදිලා තියෙනවා. ඔබටත් වෙනත් අදහස් ඇති ඔ්න තරම්. කමෙන්ටුවක් දාලා අනෙත් අයත් ඒක්ක අදහස් බෙදා ගන්න හැකියි.

No comments:

Post a Comment