Tuesday, February 18, 2020

වතුර හොරෙක් පොලීසියේ !! නසනවා තරුණ ජීවිත !!!


පසුගියදා යතුරුපැදියකින් යමින් සිටි අවු: 18, තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ගංජා සුරුට්ටුව ආදේශ කර නඩු දමනු ලැබීය. අධිකරණයේදී බලපෑම්වලට යටත්ව වරදකරු බව කියා, දඩ ගෙවා, ‘ඊනියා නිදහස’ ලබා ගැනීමට එක් තරුණයෙකු "අසරණ” විය.

අනෙක් තරුණයින් දෙන්නා "නිවැරදිකරු” බව ප‍්‍රකාශ කර, ඇප මත නිදහස් වීමට පියවර ගනු ලැබීය. නඩුව ජූලි මසට කල් තැබින. තරුණයින් තිදෙනාව යතුරුපැදිවල තබාගෙන පොලීසියට ගෙන එනු ලැබීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට මූලිකවූ පොලිස් කාරයෝ, එක් තරුණයෙකුට ශාරීරික හා මානසික වධ හිංසා පමුණුවා ඇත්තේ, ඔහුගේ පියා ‘පොලිස් කොස්තාපල් ’ වරයෙකු වීම නිසාලූ. 

මෙම තරුණයින්, තාක්ෂණ විද්‍යාල වල අධ්‍යාපනය ලබන අය වෙති. 

පුද්ගලයින්ව, විශේෂයෙන් ‘තරුණයින්ව’ අත්අඩංගුවට ගෙන, ගරු අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර හා බොරු චෝදනා නගා , දඩ ගස්සවා, රිමාන්ඞ් කරවා, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය තේරුම්ගත යුතුව ඇත. 

යුක්තිය පසිඳලීමේ සමස්ථ ක‍්‍රමයම දුෂිතය. එය ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතුය. වාද්දුව පොලීසිය සිදුකරන ලද මෙම අපරාධයට මුල්වූ පොලිස් නිලධාරියා වතුර බෝතල් වංචාවකට වැරදිකරු ව, තරු ගලවා ගත් අයෙක් බව ප‍්‍රකාශ වේ.

මෙම තරුණයන් තිදෙනාගෙන් එක් අයෙක් තමාව වධ හිංසාවට ලත් කිරීම ගැන අදාළ ආයතන වන මානව හිමිකම් කොමිෂන් සභාවට,  පොලිස්පතිට පැමිණිලි කර ඇත. 

ප‍්‍රයෝජනයක් වූවත් නැතත් පැමිණිලි කිරීම වැදගත්ය. ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඟන් වේ.

පැමිණිල්ල:-


නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී රඳවා තබාගැනීම, වධ හිංසා පැමිණවීම, ව්‍යාජ චෝදනා නැගීම.

ලක්ෂිත, අවු: 18 යි, ජා.හැ.අ. -----, අවිවාහක, වාද්දුව. දු.අ. 078 --- 

2020.02.05 වන දින දීය.

2020 ජනවාරි 19 වන දින, දවල් 12.30 ට පමණ, ----, එ් අසල සිවිල් පිට හිටිය පොලිස් නිලධාරීන් දෙන්නෙක් මට හා මා සමග සිටි දෙදෙනාට කථා කළා. අප තිදෙනා ඔවුන් අසලට ගියා.

එම නිලධාරීන් දෙන්නා අපව ශාරීරිකව සෝදිසි කර, අප ළඟ තිබූ ජංගම දුරකතන, මුදල් පසුම්බි, ඔවුන් භාරයට ගත්තා. ඊළඟට අප ගමන් ගත් යතුරුපැදිය සෝදිසි කළා. යතුරුපැදිය සෝදිසි කරන අතර, මේ තියෙන්නේ බඩු කියා, යමක් අරගෙන, අප තිදෙනාව අත්අඩංගුවට ගත්තා.

එක් නිලධාරියෙක් ඔවුන් පැමිණි ”හීරෝ ඩෑෂ්” යතුරුපැදියේ ----- ලව නංවා ගත්තා. අප පැමිණි   ”හොන්ඩා ඩියෝ” යතුරුපැදියේ, මාව හා -----කව නංවාගෙන වාද්¥ව පොලීසියට ගෙන ආවා. අපව පොලීසියේ, ”උප සේවය” ළඟට ගෙන ගියා. 

එතැන සිටින විට, පාලන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක වසන්ත, ”උඹ තාත්තාටත් ලැජ්ජා කරනවා” කියා මාගේ කණට ගැහුවා. ඉන් පසුව අප තුන්දෙනාවම පාලන අංශයට ගෙන ගියා.

එහිදී, උ.පො.ප. වසන්ත, මට දණගහපන් පරයා, කියලා දණ ගැස්සුවා. එතැන හිටිය පො.කො. 41144 හෙට්ටිආරච්චි, මාගේ අතේ තිබූ පිරිත් නූල හා බෑන්ඞ් එක ගලවා ගත්තා. ඔහුද මට, දණ ගහගෙන හිටපන් කියමින්, අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. උ.පො.ප. වසන්ත හා පො.කො. 41144 හෙට්ටිආරච්චි, අපගේ තොරතුරු අසමින් ලියන ලදි. මෙසේ පැය 1 1/2 ක් විතර මාව, දණගස්සවා තැබූ අතර අනෙක් දෙන්නා, හිටගෙන හිටියා.

ඉන්පසු කූඩුවට දැම්මා. පැය 1 1/2 ක් විතර කූඩුවේ ඉන්නකොට, සිවිල් පිට පැමිණි නිලධාරියෙක් අප තිදෙනාව, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී නැවත අපගේ නම හා ලිපිනයන් ලියා, ලියුම් කවර තුනකට, ලාකඩ තබා, එයට මාපට ඇඟිලි සලකුණු ගත්තා. නැවත කූඩුවට දැම්මා.

5.30 ට පමණ, පො.සැ. 3426 සිල්වා, කූඩුව ළඟට ඇවිත් -------, කොල්ලා මෙහාට වරෙන් කියලා ඉස්සරහට අඬ ගැහුවා. ඊට පස්සේ තෝ අවජාතකයා තොගේ තාත්තා බේබද්දා, අම්මා බඩුව ආදී  කුණුහරුප කියමින් මට නින්දා අපහාස කළා. පසුදින අපව, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. 

අපි තුන්දෙනාට, වෙන වෙනම නඩු තුනක් දාලා තිබුනනා. අපි තුන්දෙනාටම, ”ගංජා සුරුට්ටු” ළඟ තබා ගැනීම යන චෝදනාව නගා තිබුනා. අප අතරින්, ------ යන අය, චෝදනාවට වරද පිළිගත්තා.

මා හා ----- චෝදනා පිළිගත්තේ නෑ. නිවැරදිකරු කිව්වා. ශරීර ඇප මත මුදාහැරියා. මීළඟ නඩු දිනය: 2020.07.20 වේ.

පසුදින ----, ඔහුගේ හෙල්මට් ගන්න වාද්¥ව පොලීසියට ගොස් තිබුනා. එ් අවස්ථාවේ උ.පො.ප. වසන්ත, ”උඹලා නිවැරදිකරු කිව්වා නේද? උඹලාට හයිකෝට් දානවා. ලැහැස්ති වෙලා හිටපන් කියා තර්ජනය කර තිබුනා.

ක`ඵතර දකුණ පොලීසියේ මොහු පොලිස් පරීක්ෂක තනතුරේ වැඩ කරමින් සිටි අවස්ථාවේ, පානීය ජල බෝතල් වංචා කිරීමට වරදකරු වී, නිලයෙන් පහත හෙලා තිබෙන අයෙකි.

ඉහත නිලධාරීන් අපට විරුද්ධව, ගරු අධිකරණයට, සම්පූර්ණ අසත්‍ය වාර්තා ඉදිරිපත් කර, අපගේ අනාගතය අඳුරු කිරීමට ගත් පියවරක් සේ හඳුන්වමු.

මා ඉල්ලා සිටින්නේ,

01. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම,
02. නීති විරෝධී රඳවා තබාගැනීම,
03. වධ හිංසා පැමිණවීම,
04. ව්‍යාජ චෝදනා නැගීම 
05. නිවැරදිකරු කීමෙ වරදට, හයිකෝට් නඩු දාන බවට තර්ජනය කිරීම පිළිබඳව,

(1) උ.පො.ප. වසන්ත,
(2) පො.කො. 41144 හෙට්ටිආරච්චි,
(3) පො.සැ. 3426 සිල්වා

යන අයට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.

මෙයට,

ලක්ෂිත   

No comments:

Post a Comment