Monday, February 17, 2020

අසරණයන්ට පිහිට වෙමු

ඔන්න නෝනයි මමයි හැන්දෑවේ වෝක් එකක් දාලා ගෙදර පැත්තට ඇවිදගෙන එනවා. එනකොට අසරණ ත්‍රීවීල් අයියා කෙනෙක් වීල් එක කැඩිලා තනියම තල්ලු කරනවා. හරි අමාරුවෙන් තල්ලු කලේ කන්ද වගේ පොඩ්ඩක් තිබ්බ නිසා. මමත් වියායාම කරලා ෆුල් ඇක්ටිව් මෝඩ් එකේ නේ ඉන්නේ , ඉතින් පැනලා ඉදිරිපත් වුණා අයියට වීල් එක තල්ලු කරන්න..

"ඉන්න අයියේ මම උදව් කරන්නම්.."

"අනේ මහත්තයෝ ලොකු උදව්වක්.."

"හරි අල්ලමු අල්ලමු හා.."

මමත් ඉතින් අනේපිඩු සිටුතුමා වගේ පැන පැන දෙනවා

"මහත්තයෝ දැන් ඇති මට ඉතුරු ටික තනියම පුළුවන්.."

"අයියට කොහෙටද යන්න ඕනේ ?"

"මේක මහත්තයෝ අර වහලා තියෙන ගරාජ් එකට අල්ලගත්ත නම්..."

"අයියෝ ඕක මොකද්ද අයියේ , අල්ලමු අල්ලමු හා ඔන්න.."

"අනේ මහත්තයෝ කොහොමද ඉස්තුති කරන්නද මන්දා මේ උදව්වට.."

මම අයියට පිටට තට්ටුවකුත් දාලා "අයියෝ අයියේ ඕක මොකද්ද , අපි ගියා එහෙනම් ඈ බුදු සරණයි.. ජය වේවා.."

"බුදු සරණයි මහත්තයෝ.. බුදු සරණයි..."

ඔන්න වීල් එක ගරාජ් එකට අල්ලලා අපි දැන් ආපහු එනවා ගෙවල් පැත්තට.

මම ( හෙන උජාරුවෙන් ) "කොහොමද බබා මගේ වැඩ ?? මේ පන්නිපිටිය පැත්තේ ගැබා කියන්නේ ඉතින් සුපර් මෑන් වගේ තමයි.. අසරණයන්ට උදව්..."

මෙච්චර වෙලා මගෙයි වීල් අයියගෙයි සැන්ඩෝ වීල් නාඩගම බලාගෙන පස්සෙන් ආපු අපේ හාමිනේ එතකොටම කටහඬ අවදි කළා..

"මේ.. ඔයාට ෂුවර් ද ඔය වීල් එක ඔය මිනිහගේමයි කියලා ?? උගේ පෙනුමේ හැටියට නම් එහෙම පාටක් පේන්න නෑ..."

එතකොට තමයි යකෝ මටත් මීටර් වුණේ මම අවිඥානිකව හොරකමකට දායක වුනා වෙන්නත් පුළුවන් නේද කියලා !! ගෑණු මොලේ හැඳි මිටේ කිව්වට මොකෝ මෙදා පොටේ නම් ගෑණි හරි. අපරාදේ ඕයි මම ගෙදර ගිහිං වීල් එක තල්ලු කරපු එක හොඳ වැඩ පොතෙත් ලියන්නයි හිටියේ 😩


2 comments:

  1. Gaba Aiyage weda...awula akka okkoma balan idala antimata Pannipitiye Gabata oka kiyapu ekane. nokiwwa nam pothe liyala pahan sanwegaya upadawaa ganna tibba

    ReplyDelete
    Replies
    1. kiyal wadak na mchan ,asarana wuna aththatama :P

      Delete