HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වඳවී ඇතැයි සිතූ කළු කොටියා සිරිපා අඩවියෙන් මතු වේ!

ඉතා දුර්ලභ සතකු ‍ලෙස සැලකෙන කළු කොටි පවුලක් ම කැමරාවට හසුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙපළක් පසුගියදා සමත් වී තිබේ. පිරිමි සතකු, ගැහැනු සතකු හා පැටවුන් දෙදෙනකු මෙම පවුලට අයත්ය. මේ සතුන් හසු වූයේ වන රක්ෂිතයේ අටවන ලද විශේෂ ස්වයංක්‍රීය කැමරාවකටය. ගැමියන්ගෙන් ලද ඔත්තුවක් මත මෙම විශේෂ චලන සංවේදී විමර්ශන කැමරා සවි කරන ලද්දේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක පිනිදිය යන දෙපළ විසිනි. වසර කීපයකට පෙර උගුල්වලට හසුව මරණයට පත් ව හමු වූ මෙම සතකුගේ මළ සිරුරක් හැරෙන්නට උන් ජීවත්ව සිටින බවට කිසිදු ආරංචියක් මේ වන තෙක් ලැබී තිබුණේ නැත.

කළු කොටියා යළි උපදියි!

‘ශ්‍රී ලංකාවේ කළු කොටියාට මේ සුවිශේෂ ලක්ෂණය ඇති වී තියෙන්නේ සිරුරේ වර්ණවල ඇති වූ විකෘතියක් නිසයි. ලෝකයේ වෙසෙන කළු දිවි විශේෂ අට අතරට නොවැටෙන  විශේෂයක් ලෙස මේ කළු කොටියා දුර්ලභ සතකු ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ ගහනයෙහි ඇති සීමිත බව හේතුවෙන්.’ ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෂිනි සරච්චන්ද්‍ර කියයි.

අපේ සාමාන්‍ය කොටියාගේ හැඩයෙන් යුතු වුවද 
කහ දුඹුරු මුසු සමෙහි ඇති කළු පුල්ලි වෙනුවට කළු පැහැය මුළු සිරුර පුරා ම විහිදී ඇත.

මීට පෙරාතුව කළු කොටියන් තිදෙනෙකුගේ මළ සිරුරු සිංහරාජ වනාන්තරයේදී හමු වී තිබේ. ඒවා මෙරට වැසි වනාන්තරයක විසූ අවසන් කළු කොටි විශේෂයක සාමාජිකයන් ලෙස හඳුන්වමින් පුළුන් පුරවා දැනට ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ.

‘සිරිපා අඩවියේ නල්ලතන්නියේ පිහිටි වනජීවී කාර්යාලයේ නිලධාරින් කීප දෙනෙකුත් අවස්ථා කීපයකදිම මේ සතා දැක තිබෙනවා. ඔවුන්ගෙන් හා ඇසින් දුටු ගැමියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් ගැවසෙන තැන්වල අපි චලන සංවේදී කැමරා සවි කළා. සතා ජීවත්වන බව තහවුරු කර ගන්න. ඒ රූපවලට අනුව වැඩුණු පිරිමි සතා දිගින් අඩි පහක් හෝ හයක් ඇති. ඒ කැමරාවලට සතුන් කීප දෙනකුම හසු වී තියෙනවා. ඒ අතර කළු කොටි පවුලකුත් සිටිනවා. කොටි යුවළක් හා පැටවුන් දෙන්නකුත් එක්ක. දැන් අපට තහවුරු වෙලා තියෙනවා මේ සතා තවදුරටත් වඳ වී ගිය සතකු නොවන බව. ඒ වගේ ඔවුන් ‍පැටවුන් බෝ කිරීමත් සිදු කරන බව හෙළිවීමත් සතුටක් ’ පශු වෛද්‍යවරුන් දෙපළ මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියහ.


ශ්‍රී ලංකාවේ කළු කොටියා ගැන මුල්ම සඳහන එන්නේ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ Where the White Sambhur Roams(1951) නම් නවකතාවෙහිය. එය ‘සුදු ගෝනා’(1964) නමින් ඒ. පී. ගුණරත්නගේ පරිවර්තනයක් ලෙස පළ විය.


වනගතව වුවද උගේ ගමන් බිමන් රහසේ සිදු කරන නිසා චලන සංවේදී කැමරා වනයේ තැන් තැන්වල අටවා කැමරාවට නැගීමට ඔවුන්ට සිදු විය.



Post a Comment

0 Comments