මිනිස්කම් මියැදෙන සමාජයකට අලුතින් හිතන්න ඉඩක්

Avatar Nisanka Weheraduwa | January 18, 2020 556 Views 0 Likes 0 Ratings

556 Views 0 Ratings Rate it

සටහන : හරිත් වාසල.

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි නිර්මාණයේ නම ඇසූ පමණින් කෙනෙකුගේ සිතට නැගෙන්නේ අප දන්නා රටම හැඩවූ සුනාමි ව්‍යසනයයි. එහෙත් මේ සුනාමිය තුල කතාකරනේ අප දන්නා ඒ සුනාමිය ගැනමද යන කුකුස කින් යුතුව පසුගිය දිනක සිනමා ශාලාවට ගිය අපව වෙනත්ම මානයක සුනාමියක් කරා රැගෙනයාමට සෝමරත්න දිසානායකයානන්ට හැකිවෙනවා. අප දන්නා සුනාමියට සම්බන්ධ කතාවකින් පටන්ගෙන අප ජීවත්වන සමාජයම අඳුරු සැඩ පහරකින් වෙලාගත් තවත් සුනාමියක තතු මේ නිර්මාණය තුලින්ම ගෙන ඒමට සෝමරත්න දිසානායකයන්ට හැකියාව ලැබී තිබුනා. ඔහු මේ ‘සුනාමි’ සිනමා නිර්මාණය හරහා කතාකරනේ ඒ අදුරු ජාතිවාදය නැමති සූනාමි සැඩ රළ පිලිබඳවයි. ජාතිවාදය මුල්කරගෙන ගිලිහෙමින් තිබෙන මිනිස්කම් ගැන එක් ජාතියකට ගැති නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් නැවතවරක් ආපසු හැරී බලන්නට ප්‍රේක්ෂකයා පොළඹවන අයුරින් නිර්මාණයට ගෙන ඒමට සමත් වී තිබීම මේ නිර්මාණයේ තවත් විශේෂත්වයක්.

නිර්මාණයේ රෑපයට අරුතක් ගෙනා විශ්ව බාලසූරියගේ අපූරු කැමරා අධ්‍යක්ෂණයත් ,ජනක ප්‍රසාද්ගේ කලා අධ්‍යක්ෂණයත්, සුනාමි නිර්මාණයට දායකවුන සියලු දෙන්නාගේම එකමුතුවත් නිසා දැවැන්ත සිනමාරෑපී ඇද්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට හැකිවී තිබුනා. අජිත් රාමනායකගේ  සංස්කරණයත් ආනන්ද බණ්ඩාරගේ නිර්මාණයට ගැලපෙන වර්ණ සංකලනයත් සුනාමියට තවත් අපූරු හැඩයක් එක්කරා. නිර්මාණයේ සියලුම ප්‍රධාන රංගන ශිල්පීන් එකිනෙකා අභිබවා යමින් රංගන හැකියාව ඉස්මතු කරන අතර නිරංජනී ෂම්මුගරාජා ගේ සහ දර්ශන් ධර්මරාජ් ගේ රංගනය තරමටම බිමල් ජයකොඩි සහ හිමාලි සයුරංගිද තමන්ට කළ හැකි වපසරිය තුළ නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කර තිබුණා.
නිර්මාණය නැරඹීමෙන් පසු මට සිහියට නැගුනේ කසකස්තාන් ජාතික සිනමා කරුවෙකු වූ’සර්ජි වොට්සෙවෝයි’ගේ අපූරු ප්‍රකාශයකි “ කලාවට ලොවක් වෙනස් කිරීමට නොහැක එහෙත් කලාව පරිශීලනය කිරීම නිසා පුද්ගලයා වෙනස්වෙයි,එලෙස වෙනස් වුනු පුද්ගලයෝ වෙනස් කිරීමට අපහසු ලෝකය වෙනස් කරයි”මේ සුනාමියත් එවැනි උත්සයක ප්‍රතිඵලයක් යැයි සිතිය හැක.
උපත මිනුම් දණ්ඩ කොටගෙන මනුෂ්‍යත්වය වර්ග කොට සැලකිය හැකිද? සුනාමිය නැරබීමෙන් පසු ඔබ ඔබෙන්ම අසනු ඇත.වර්ගවාදීව තමන් අනුන්ගෙන් වෙනස් යන හැගීම ඇතිව වෛරය වැපිරීම වෙනුවට සුහදශීලීත්වය ආදරය දයාව ගොඩනගා ගැනීම තුළ ජාතිවාදය පරයා ජාතික වාදය අවදිකර ගැනීමට (Nationalism) සියලු ජාතීන් එක්කර ගත හැකිනම් රට කොයිතරම් සුන්දර රටක් වේවිද? සුනාමිය නරබන්න ඔබට සිතන්නට ගෙදර රැගෙන යන්නට දෙයක් හමුවේවි..
– හරිත් වාසල – 

Share

556 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.