ලියන්නට පසුවදන

Share

මල් තුහින විසිරුණු කුසුම් පෙති සිපගෙන
වසන්තයෙ හමා ආ මද පවනට මුසුව
කොඳුරා කියූ ඒ ආලයේ හැඟුම් සැම
හද කිතිකවයි අද දෙවසරක් ගෙවුණ තැන

සොයා ගිය ද දුර දිවියේ සොඳුරු ඉම
නුඹේ පෙම නාමයෙන් නොම විය බෝ වෙහෙස
අත්වැල් බැඳන් එකට යන්නට මේ දිගු ගමන
දකින සිහිනයට ආසයි නිතර පණ දෙන්න

සීත හිම කැට වැටී ගෙවී යයි වසන්තය
තුරුළු වෙමි මතකයට ආදරය පිරී ගිය
හිඳින මුත් මා තනිව නුඹ නැතිව අද මෙතෙර
එතෙර සිටිනා නුඹව සිහිකරමි නිරතුරුව

සිහිනයන් නුඹෙ ඔටුනු පළන් ආ පසු දිනෙක
දැනුණි නම් නුඹෙ නමින් ගැහෙන මේ හදගැස්ම
සොයාගෙන එන තුරා හිඳිමි මග බලාගෙන
ලියන්නට පසුවදන සොඳුරු පෙම් කතාවක

Image Courtesy – http://www.photographybyimran.com/snow/

 
Tagged : /