Translate

Tuesday, January 14, 2020

20වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්

 ශ්‍රී ලංකාවේ 20 වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා (RWP, RSP, VAV, USP , LOM, NDC, PSC) ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ විශේෂ උත්සවයක් පැවති අතර ඒ සඳහා පැමිණි හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාද සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතා ද සහභාගී වූහ.

 

හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල මහතා, ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා සහ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් තිදෙනාම කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ හිටපු බාලදක්ෂයෝ වෙති. අභිනවයෙන් පත් වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා කොළඹ නාලන්දාවෙන් බිහි වූ තුන්වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිසවරයා වේ.

මිලින්ද පීරිස් මහතා මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයෙක් වෙන ඒ මහතා මූලස්ථාන කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මැතිතුමාට Scouting සඟරාවේ සුබ පැතුම්





More News one -
http://scouting.lk/new-chief-scout-commissioner-of-sri-lanka/

No comments:

Post a Comment