Wind Through The Holes ජාත්‍යන්තර සම්මාන ලබයි

Avatar Nisanka Weheraduwa | January 7, 2020 284 Views 0 Likes 1 On 1 Rating

284 Views 1 On 1 Rating Rate it

චිත්‍රපට නිර්මාණ ශිල්පී රොෂාන් එඩ්වඩ්ගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය ජාත්‍යන්ත සම්මාන දිනා තිබෙනවා. Wind through the holes ලෙස නම්කොට තිබූ මෙම කෙටි චිත්‍රපටය Film frames international film festival සඳහා ඉදිරිපත් කොට තිබුනා. එහිදී ප්‍රධාන සම්මාන දෙකක් දිනා ගැනීමට මෙම කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා.

හොඳම කෙටි චිත්‍රපටය සඳහා වන ජූරියේ විශේෂ සම්මානයක් දිනා ගැනීමට චිත්‍රපටය සමත් වුනා. එමෙන්ම හොඳම සංස්කරණය සඳහා වන සම්මානයද චිත්‍රපටයේ සංස්කාරක වරයා වන රොෂාන් එඩ්වඩ්ට හිමිව තිබෙනවා.

රොෂාන් එඩ්වඩ් අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටයේ සෙල්වම් ප්‍රනාන්දු සහ රංජිත් රූබසිංහ රංගනයේ යෙදුනා. රොෂාන් එඩ්වඩ් සමග දුලංක දේවේන්ද්‍ර චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත සකස් කොට තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය කුලරුවන් ගමගේගෙන්. එරංග ජයවර්ධන සංගීත නිර්මාණයෙන්, නකුල් ප්‍රසාද් සහය අධ්‍යක්ෂණයෙන් සහ ආශා ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් මෙම කෙටි චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නා. රොෂාන් එඩ්වඩ් ඇතුළු චිත්‍රපට නිර්මාණ කණ්ඩායමට cinema.lk වෙතින් උණුසුම් සුබපැතුම් පිරිනමනවා.

Share

284 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.